බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිෂාද්ගේ මල්ලිගෙන් ජනපතිට ලිපියක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් නිදහස් වූ තමා යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මේ අවස්ථාවේ යළි ජාතිවාදී ගැටුම් සහ දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රජයේ සහ විපක්ෂයේ ඇතැම් පාර්ශ්වයන් විසින් කරනු ලබන අසත්‍ය චෝදනා ජනාධිපතිවරයා විසින් පිළිනොගනු ඇතැයි තමා විශ්වාස කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා වන රියාද් බදියුදීන් පවසයි.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

අතිගරු ජනාධිපතිතුමා වෙත බදියුදීන් මොහමඩ් රියාජ් විසින් ලබා දුන් ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනය
2020.10.12
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ – 01.
අතිගරු ජනාධිපතිතුමනි,

ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් විසින් පදනම් විරහිතව මා ත්‍රස්තවාදියෙකු ලෙස ප්‍රකාශ කිරීම සහ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මා නැවත අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිටී. නමුත් නීතිවිරෝධී ක්‍රියාවකට මා සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා රහස් පොලිසිය විසින් දැඩි ලෙස විමර්ශනය කර ඇති අතර එම ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති ඒවා බව සොයාගෙන ඇති බව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. මේ අවස්ථාවේ යළි ජාතිවාදී ගැටුම් සහ දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන රජයේ සහ විපක්ෂයේ ඇතැම් පාර්ශ්වයන් විසින් කරනු ලබන මෙවැනි අසත්‍ය චෝදනා අතිගරු ජනාධිපතිතුමා විසින් පිළිනොගනු ඇතැයි මා විශ්වාස කරමි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

මම හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක්මි. පසුගිය 2020 අප්‍රේල් 14 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේ පිහිටි මගේ නිවසේදී මා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන්ෂාෆ් අහමඩ් සමඟ දුරකථන සංවාදවල යෙදී ඇති බවට වූ චෝදනාව මත බව ඔබතුමා දැනුවත් බව මාගේ විශ්වාසයයි. ඉන් පසුව මාස පහහමාරකට ආසන්න කාලයක් මා එහි රඳවාගෙන සිටි අතර එහිදී රහස් පොලිසිය විසින් මා සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් කරන ලදී. එම විමර්ශන වලදී කොළඹ පිහිටි මගේ නිවස, පුත්තලම ප්‍රදේශයේ පිහිටි මගේ බිරිඳගේ දෙමව්පියන්ට අයත් නිවස, තවත් ප්‍රදේශ කිහිපයක මගේ මිතුරන්ගේ නිවාස සහ මන්නාරමේ මගේ ඥාතීන්ගේ නිවාස සොයා බැලීය. ඔවුන් මගේ බැංකු ගිණුම් සහ මගේ ව්‍යාපාර ගනුදෙනු ද දැඩි පරීක්ෂාවට ලක් කර තිබිණි. මගේ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකය රහස් පොලිසිය භාරයට ගෙන හොඳින් පරීක්ෂා කර බැලීය. පෞද්ගලික හා ව්‍යාපාරික යන දෙඅංශයේම මාගේ සියලුම දුරකථන සංවාදයන් ද තරයේ විමර්ශනය කර කිසිදු ත්‍රස්ත ක්‍රියාකාරකමක් සමඟ මා සම්බන්ධ බවට කිසිදු තොරතුරක් හෝ සාක්‍ෂියක් නොමැති බවට රහස් පොලිසිය විසින් නිගමනය කර තිබිණි.

එකල, ඉන්ෂාෆ් අහමඩ් සමඟ මා සම්බන්ධතා පවත්වා තිබුණේ ඔහුගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් එම අවස්ථාවේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ කොළඹ වෙළෙඳ සංගමයේ සභාපතිවරයා වූ බැවිනි. එසේම ඉන්ෂාෆ් අහමඩ් යන අයව මා දැන හඳුනා ගැනීමට ස්වාභාවික කරුණ වුයේ ඔහු මන්නාරමේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එස්.කේ.පී. අලව්දීන්ගේ දියණියක සමඟ ඔහු විවාහ වී සිටි නිසාය. මගේ නිර්දෝෂීභාවය පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසුව, රහස් පොලිසිය විසින් 2019.09.29 දින මාව අත්අඩංගුවෙන් නිදහස් කළේය.

මහේස්ත්‍රාත්වරයා හමුවේ මා ඉදිරිපත් නොකොට රහස් පොලිසිය මාව අත්අඩංගුවෙන් නිදහස් කළ බවට ඇතුම් පාර්ශව චෝදනා කළද එහි කිසිදු සත්‍යතාවයක් නොමැත. මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් රඳවා තබා ගැනීමට හෝ වරෙන්තු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවට තහවුරු වූ පසු රහස් පොලිසියට තමන් නිදහස් කළ හැකි බවය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයාගේ එම තීන්දුවේ පිටපතක් ද ඔබතුමාගේ අවධානය සඳහා X ලෙස සලකුණු කර මේ සමග ඉදිරිපත් කරමි.

කෙසේ වෙතත්, දේශපාලන හා ජාතිවාදී ගැටුම් ඇති කරන ඇතැම් පුද්ගලයින්, මා සම්බන්ධයෙන් රහස් පොලිසිය කටයුතු කළ ආකාරය සැක සහිත බව හැඟවීමටත්, කිසිදු පදනමක් නොමැතිව මා ත්‍රස්තවාදියෙකු ලෙස හඳුන්වමින් මා හට නින්දා කිරීමටත් උත්සාහ කරයි. එවැනිම වූ මත දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රහස් පොලිසියේ ක්‍රියාකලාපය අසාධාරණ ලෙස අභියෝගයට ලක් කරමින් මා නැවත අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඔබතුමා වෙත ලිපියක් යොමු කර ඇති බව මා හට දැනගන්නට ලැබිණි.

මෙම තත්වය තුළ මා හා සමාන චෝදනාවක් මත එකම දිනයක අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනාගෙන් සිව්දෙනෙකු මා නිදහස් කිරීමට පෙර නිදහස් කර ඇති බව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. ඒ අතර සිටි පුද්ගලයින්ගෙන්, මුබීන් මහතා සහ අමානුල්ලා මහතා අධිකරණයේ කිසිදු මැදිහත්වීමකින් තොරව නිදහස් කරන ලද අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හුදෙක්ම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව කටයුතු කළ ආකාරය පැහැදිලි කිරීමට ඒ සම්බන්ධ තොරතුරුද මෙහි අමුණා ඇත. ඇතුම් පාර්ශව මා නැවත අත්අඩංගුවට ගන්නා ලෙස කරන ඉල්ලීම් දේශපාලන හා ජාතිවාදී හේතූන් මත සකස් කර ඇති බව නිහතමානීව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එවැනි පදනම් විරහිත ප්‍රකාශ වලින් අතිගරු ජනාධිපතිතුමාහට බලපෑම් කළ නොහැකි බව මාගේ විශ්වාසයි.

ස්තූතියි,
මෙයට – විශ්වාසී,
බදියුදීන් මොහමඩ් රියාජ්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊ.පී.එෆ් එකට අත තියන්නවත් නොදෙන කම්කරු කොමසාරිස් ජනරාල් ඉවත් කිරීමේ සැලසුමක්

Next Post

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැව ජාවාරම් කරුවෝ පහර දෙති…

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.