සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිලවුන් රට පැටවීම ගැන බොරු පතුරුවන එන්.ජී.ඕ කාරයින් රිලවුන්ට පෙර රට පැටවිය යුතුයි… මහින්ද අමරවීරගේ යෝජනාවක්!

by editor
අප්‍රේල් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රිලවුන් රට යැවීම සම්බන්ධයෙන් බොරු ප්‍රචාර පතුරුවමින් එය ආන්දෝලනාත්මක ආරංචියක් බවට පත් කරන සංවිධානවල අය ප්‍රථමයෙන් රට පැටවිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  පවසයි.

රාජ්‍ය නොවන සංවිධාන සමඟ එකතු වූ අය මුදල් සොයා ගැනීම සඳහාත් දේශපාලන පක්ෂවල අය සිය පක්ෂය ප්‍රසිද්ධ කර ගැනීම සඳහාත් විවිධ ප්‍රචාර යවන අතර කිසිවෙකු අහිංසක මිනිසුන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

රිලවුන් නිසා බොහෝ ප්‍රදේශවල ජනතාවට දැඩි හිරිහැරයක් සිදුව ඇති බව ද, සමහර අවස්ථාවල ජනතාව සිය ගම් බිම් පවා අතහැර දමා ඇති බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ මුල් භාගයේදී පොල් ගෙඩි මිලියන 93ක් පමණ රිලවුන්, වඳුරන්, යෝධ ලේනුන් විසින් විනාශ කර තිබූ බව රිලවුන්ගෙන් සිදුවෙන හානිය සම්බන්ධයෙන් පරිසර සංවිධාන සමඟ කළ සාකච්ඡාවකට පසු හෙළිදරව් වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම වාර්තාවට අනුව වසරකට පොල් ගෙඩි මිලියන 200ක් පමණ එම සතුන් නිසා විනාශයට පත් වේ.

“රිලවුන්  ලක්ෂයක් ලබා දෙන ලෙසට යෝජනාවක් චීන නියෝජිතයින් කණ්ඩායමක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ලිඛිත ඉල්ලීමට අනුව චීනයේ සත්වෝද්‍යාන 1000ක් පිරවීම සඳහා තමයි මේ රිලවුන් අවශ්‍ය වෙන්නේ. අපි හරියටම දන්නේ නෑ සත්වෝද්‍යාන සංඛ්‍යාව. මේ සම්බන්ධයෙන් තීරණ ගන්න වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්, සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් සමන්විත කමිටුවක් කැබිනට් පත්‍රිකාවක් හරහා පත් කරලා තියෙනවා. මේ වෙද්දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට තුනක් පවත්වලා තියෙන්නේ. අවසන් තීරණය ගනු ලබන්නේ එම කමිටුව විසින්..” අමාත්‍යවරයා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළමු ඉදිරියේදී චීනය ඉල්ලා සිටින්නේ රිලවුන් 500ක් පමණක් බවත් එතරම් විශාල රිලවුන් සංඛ්‍යාවක් කෙටි කාලයකදී අල්ලා ගත නොහැකි බවත් ඔහු පැවසීය.

“රිලවුන් අල්ලා ගැනීම, ආරක්සා කිරීම හා චීනයට රැගෙන යාම කරනු ලබන්නේ චීනය විසින්.. රිලවුන් චීනයට යවන්න එපා උන්ව ගන්නේ ආහාරයට, පරීක්ෂණවලට කියලා විවිධ අය කෑ ගහනවා.. ඒ වගේම තමයි සමහරු කියනවා විද්‍යාත්මක විසඳුම් හෙව්වේ නෑ කියලා.. අපි ඒ අයට කිව්වා විසඳුම් අපිට ගේන්න කියලා.. එහෙම විසඳුම් තියෙනවා නම් අපි ඒවාට ඉඩ දෙනවා.. අහිංසක මිනිසුන් තමයි රිලවුන්ගෙන් බැට කන්නේ.. ප්‍රයෝජනවත් යෝජනාවක් කිසිම සංවිධානයකින් මෙතෙක් ඉදිරිපත් කළේ නැහැ… ඒ නිසා ජාත්‍යන්තර ක්‍රමවේද අනුව හොඳම විසඳුම තමයි අපි මේ විදියට ලබා ගත්තේ..”

අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා අදාළ වන අමාත්‍යංශවල නියෝජිතයින් සමඟ කමිටුවක් පත් කර ඇති බවත් රිලවුන් යැවීම සම්බන්ධයෙන් තීරණ ගන්නේ එම කමිටුවෙන් බවත් ඔහු පැහැදිලි කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් …

Next Post

ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත ඉනිම සුන් කරයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.