බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිය අනතුරින් මිය ගිය 17 හැවිරිදි දියණියගේ මරණ පරීක්ෂණය සඳහා වෙනත් නමකට අධිකරණ නියෝගයක් ලබාගෙන….

by editor
දෙසැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට ඊයේ සිදුවූ ඛේදනීය රිය අනතුරින් මරණයට පත් වූ 17 හැවිරිදි දියණියගේ මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය පොලිසියේ නොසැලකිලිමත්කම හේතුවෙන් දින එක හමාරක් ප්‍රමාද වී වින්දිතයින් බරපතල පීඩාවට පත්වි ඇතැයි වාර්තා වේ.

ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් පියා සහ දියණිය ගමන් කළ යතුරුපැදියක් තවත් වාහනයක ගැටීමට යෑමේදී තිරිංග යෙදීමත් සමග ලිස්සාගොස් මාර්ගයේ ඇද වැටුන පසුව වේගයෙන් ගමන් ගත් පුද්ගලික බස් රථයක් එම දියණිය යටකර ගමන් කිරීම නිසා ඊයේ උදේ ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.

ඇය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට අවශ්‍ය මහේස්ත්‍රාත් නියෝගය ලබා ගන්නට ගිය මහනුවර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඔවුන්ගේ සියලුම උසාවි රාජකාරි නිම කර සවස පැමිණ බලනවිට මහේස්ත්‍රාත් නියෝගය ලබාගෙන තිබී ඇත්තේ මිය ගිය දියණියගේ නමට නොව වෙනත් නමකටය.

අනතුරුව ඊයේ උදේ සිදුවූ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මහේස්ත්‍රාත් නියෝගය ලබාගෙන එනවිට අද (17) දහවල් වී තිබිණි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රභාත් සේනසිංහ විසින් සිදු කරනු ලැබීය.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සහ සාක්කි මත මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නෝමන් කොස්තා මෙය රිය අනතුරක් හේතුවෙන් හිසට සහ මොළයට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ හදිසි මරණයක් බවට තීරණය කළේය.
අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ දී පතුරු ගිය අජිත් පී ගේ සහ කිරිකෝඩු කිරිඇල්ලගේ අධි නීතිඥකම!

Next Post

කොටු පනින්න ගිය කෙහෙළියටත් ජනාධිපති අරමුදලින් ලක්ෂ 110ක්… දේශපාලකයින් ජනාධිපති අරමුදල කෑ හැටි නලින්ද පාර්ලිමේන්තුවේ කියයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.