බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රියාද් බදියුදීන් නිදහස් කිරීම ඩීල් එකක්දැයි අගරදගුරු හිමියන්ට සැකයක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හදිසියේම චෝදනා නැතැයි සඳහන් කරමින් මුදාහැරීම දේශපාලන ඩීල් එකක් ද යන්න සැක මතුවන බව අගරදගුරු අති උතුම් මැල්කම් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා වන රියාද් බදියුදීන් මහතා මාස පහකට පමණ පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්තද පසුගියදා ඔහු නිදහස් කර හැරීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අගරදගුරු හිමි මේ බව සදහන් කළේය.

මෑත කාලය තුළ දී හිටපු අමාත්‍යවරයා සහ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව සමග සමග අමුතු හිතවත්කමක් ගොඩනැගී තිබීම පිටුපස යම් විශේෂ හේතුවක් තිබිය හැකියැයි කාදිනල් හිමියෝ පෙන්වා දුනි.

මාධ්‍ය හමුවේ හමුවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ මෙසේ ද පැවැසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලින් අනාවරණය වූ කරුණු මත දැඩි චෝදනා ලැබ සැකකරුවන් ලෙස අත්අඩංගුවේ සිටින පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටිහැටියේ නිදහස් කර හැරීමේ ප්‍රවණතාවයක් අපි ඊයෙ පෙරේදා දැක්කා. මේ සම්බන්ධයෙන් පළමුවෙන් ම අපේ බලවත් අප්‍රසාදය සහ විමතිය පළ කරන්නට මම අවස්ථාවක් කරගන්නවා මේක. විශේෂයෙන්ම මෙම පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් අතර ඇති ඇති වෙලා තියෙන මේ කනගාටුදායක හා අවාසනාවන්ත තත්වය සම්බන්ධයෙන් අපි ඒ අය දැඩි කැළඹීමකට සහ දැඩි වේදනාවකට පත් වී සිටිනවා. තවමත් බොහෝ දෙනෙක් අංගවිකලයින් හැටියට මීගමුව කොච්චිකඩේ සහ ඒ අවට ප්‍රදේශවල කිසි දෙයක් කරගන්න බැරුව ගෙවල්වල ඉන්නව. ඔවුන් බලාපොරොත්තු වෙනවා යුක්ති යැයි සාධාරණ යයි රට පාලනය කරන අයගෙන් ඔවුන්ට ලැබෙයි කියලා. හැබැයි ඒ පිළිබඳව මේ වගේ දේවල් සිදුවීම තුළින් යම් ආකාරයක සාධාරණ සැකයක් ඇතිවෙලා තිබෙනවා. මේ මෑතකදී හදිසියේම උදහස් කර යැවූ පුද්ගලයන් පිළිබඳ මුලින් කියූ දේවල් සහ දැන් කියන දේවල් අතර පරස්පරතාවක් තියෙනවා. කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා මේ එක්කෙනෙක් ගැන කියාපු දේවල් අපි ගාව රෙකෝඩ් කරලා තියෙනවා. ඒක ප්‍රවෘත්ති වලටත් ගියා විවිධ මාධ්‍ය ජාලවල. ඒක අපි කැමති ඒක නැවත වරක් ප්ලේ කරලා ඔබට හඳුන්වා දෙන්න. (එම වීඩියෝ පටය ඉදිරිපත් කරයි) එතකොට අපිට අපිට පැහැදිලි වෙනවා මේ කාරණාවලදී යම්කිසි පරස්පර විරෝධී තාවයක් තියෙනව මේ අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩපිලිවෙල ගැන මගේ ජනතාව වෙනුවෙන් සෑහෙන ගැඹුරු සැකයක් මතුවෙලා තිබෙනවා. එක මම ප්‍රකාශ කළ යුතුමයි. මේ සැකකරුවන් හදිසියේම මුදාහැරීම මේ දැනට සිදුවෙමින් පවතින ඇතැම් දේවල් දෙස බැලීමේදී මේ දේවල් මේ විදියට සිදුවුවහොත් වේදනාවට පත්වී සිටින මගේ ජනතාව අපේක්ෂා කරන අපක්ෂපාතී පරීක්ෂණ දියාරු වී ඇයි ද කියලා අපට සාධාරණ බයක් හිතට ඇති වී තිබෙනවා. මේ තුළ යම් ආකාරයක ‘දේශපාලන ඩීල් එකක් තියෙනවද?’ කියන සැකයකුත් මගේ සිත තුළ ඇති වෙලා තියනවා මේක දිහා බැලීමේදී.

එම නිසා සිදුවෙමින් පවතින මේ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් මගේ ජනතාව මගෙන් ප්‍රශ්න කරනවා. මේ වෙනකොටත් දුරකථන, පණිවිඩ, SMS පණිවිඩ, සිදුවෙන ප්‍රශ්න මගේ කන් දෙක ගැහිලා තියනවා මගෙන් අහලා තියනවා. මේවා සම්බන්ධව අත සෝදාගෙන පැත්තකට වෙන්නට බැහැ. මරණයට පත්වූ අයගේ ගෙවල්වල අයට සහ ආබාධිත තත්ත්වයට පත් වී ඇඳන්වල සිටින අයට යුක්තිය සහ සාධාරණත්වය මේ වෙච්ච ප්‍රහාරයෙ මොළකරුවන් සොයා මේ පිළිබඳව සමස්ත ක්‍රියාදාමය විනිවිදභාවයෙන් සහ අපක්ෂපාතිව සිදුවීම ඉතා වැදගත් දෙයක් බවට අපි සලකනවා. මන්ත්‍රීවරු ඇමතිවරු විතරක් නෙමෙයි අනෙකුත් අයත් මේ රටේ සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින හැම කෙනෙක්ම මේ ගැන කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම ආරාධනය කරනවා කරුණාකරලා මේ වැඩපිළිවෙළ ඉදිරියට යන එක නවත්තන්න. මෙතැනදී මොකද්ද සිදු වුණේ කියන එක ගැන පරීක්ෂණයක් පවත්වන්න. මාස පහකට ඉස්සරලා ත්‍රස්තවාදී කණ්ඩායම සමග ගනුදෙනු කෙරුවයි කියලා එයත් එක්ක බිස්නස් කෙරුවයි කියලා ඒ අයත් එක්ක සාකච්ඡා පැවැත්වූවා කියලා අත්අඩංගුවට ගත් කෙනෙක් කිසිම වැරැද්දක් නෑ කියලා එකපාර නිදහස් වුනේ කොහොමද කියන එක ගැන අපේ හිත තුළ ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ නිසා මේ ගැන මං මගේ විරෝධයත් කනස්සල්ලත් විමතියත් ප්‍රකාශ කර සිටිනවා” යැයි අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමි පැවැසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙදරදි හදන අයිස් ක්‍රීම් එකක මිහිරි රසය විඳිමු..

Next Post

“රිෂාඩ් ගත්තොත් අපි ඇමැතිකම් අත් හරිනවා”

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.