සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෑ මුර සංචාර අතරතුර ගේකට පැන 60 වියැති කාන්තාවකට අතරවර කළ සැරයන්ව ගස් බඳී…

by Lanka Sara Editor
ජූලි 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නිල ඇඳුමින් නිවෙසකට පැන කාන්තාවකට අඩන්තේට්ටම් කර ලිංගික අතවර කළ බව කියන රඹුක්කන පොලිසියේ සැරයන්වරයකුව නිවැසියන් විසින් ගස් බැඳ පොලිසියට පෙරේදා (25) අලුයම භාර දීමට කටයුතු කර ඇත. මෙම සැරයන්වරයා කාන්තාවට අඩම්තේට්ටම් කිරීමට ගොස් ඇත්තේ රාත්‍රී ජංගම මුර සංචාරයක නිරතව සිටියදීය.

පොලිසිය කියන්නේ රඹුක්කන පරපේ ඉහළගම පිහිටි නිවෙසකට මෙම නිලධාරියා රෑ ඇතුළු වී ඇති බවත් ඔහු ලිංගික අතවර කර ඇත්තේ 60 හැවිරිදි කාන්තාවකට බවත්ය.

මෙම සැරයන්වරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු පසුගිය 24 වැනිදා සවස 6.00 සිට 25 වැනි උදෑසන 6.00 දක්වා පොලිස් කැබ් රථයේ ජංගම සංචාරක ආර-
ක්ෂක රාජකාරියේ යොදවා තිබේ.

රඹුක්කන පරපේ ඉහළගම පිහිටි නිවෙසකට සොරකු ඇතුළු වී ඇති බවට මැදියම් රාත්‍රිය පසුවීමත් සමඟ රඹුක්කන පොලිසියට 119 හදිසි ඇමතුම් අංශයෙන් පණිවුඩයක් ලැබී තිබේ ඒ අ. නුව වහාම ක්‍රියාත්මක වූ රඹුක්කන පොලිසියේ 119 හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනා යතුරු පැදියකින් ද රාත්‍රී ආරක්ෂක මුර සංචාරක කැබ් රථයේ රාජකාරියේ සිටි සෙසු නිලධාරීන් ද පණිවුඩයෙන් කියැවුණු ස්ථානයට ගොස් තිබේ. එහිදී එම නිලධාරීන් දැක ඇත්තේ නිවෙස ඉදිරිපිට නිල ඇඳුමින් ගැටගසා සිටි රාත්‍රියේ මුර සංචාරයේ යෙදවූ පොලිස් සැරයන්වරයාවය. එම ස්ථානයේ පොලිස් සැරයන්වරයාට අයත් යතුරු පැදියක් ද තිබී ඇත. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම නිලධාරියා පොලිස් ස්ථානයට ගොස් සිය පුද්ගලික යතුරු පැදියේ නැගී මෙම නිවෙසට ගොස් ඇති බවය.

මෙම කණ්ඩායම භාරව සිටි සැරයන්වරයා කැබ් රථයේ රාජකාරියේ නිරතව සිටියදී 24 වැනිදා රාත්‍රී 11.30ට පමණ හදිසියේම පොලිස් ස්ථානයට යා යුතු බව සෙසු නිලධාරීන්ට පවසා කැබ් රථයෙන් බැස පිටත්ව ගොස් තිබේ. ඔහු කැබ් රථයෙන් බැස ඇත්තේ පොලිසිය ආසන්න ප්‍රදේශයකින් බවත් ඉක්මනින්ම පොලිසියට ගොස් නැවත පැමිණෙන බවට පැවසූ බවත් සෙසු නිලධාරීන් සිය උසස් නිලධාරීන්ට පවසා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්න කිරීම් හමුවේ සැරයන්වරයා පොලිසියට පවසා කාන්තාවගේ ආරාධනාවෙන් නිවසට පැමිණි බවයි. එහෙත් එම කාන්තාව පැවසුවේ එම නිලධාරියා සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් බලෙන් නිවසට පැමිණ කරදර කළ බවත්ය.

ඇගේ ප්‍රකාශය අනුව නිලධාරියා රඹුක්කන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාජකාරි වේලාවේදී රාජකාරියේ නොසිට නිවෙසකට ඇතුළු වී කළ විෂමාඤචාර ක්‍රියාව සම්බන්ධයෙන් නිලධාරියාගේ වැඩ තහනමට ලක් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨට පරිපාලන නිලධාරීන්ට ඇඟිලි සලකුණු අනිවාර්ය කෙරේ!

Next Post

දුකට සැප බෙදාගෙන එකට රාජකාරි කළ යාලුවාගේ ඒටීඑම් කාර්ඩ් එකට විද  ගිණුම හින්දූ දළදා මාලිගා පොලිසියේ කොස්තාපල් කොටු…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.