කිර්ති ප්‍රනාන්දු –
රටේ සියලුම සෞඛ්‍ය නිර්නායකන්ට අනුව යමින් සම්ප්රදාය රැකගෙන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිය හීන්මැණිකාගේ අවසන් කටයුතු දඹානේ දී හෙට (06) සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි වන්නිලා ඇත්තන්ගේ වැඩිමහල් පුතනුවන් වූ ඌරුවරගේ මුතුබණ්ඩා පැවසීය.
සිය මවගේ දේහය ආදහනය පේරාදෙණියේදීම සිදුකළ යුතු වුවත් සිදුකළ එකම ඉල්ලීම වූ ආදාහන කටයුතු දඹානේ දී සිදුකිරීමට අවසර ලැබුණු බව ඔහු කීවේය.
“ හෙට දවසේ සියලු සෞඛ්‍ය නිර්නායකයන්ට යටත්ව ආදාහන කටයුතු දඹනේ දී සිදු කරනවා. අනතුරුව අලු ටික සොහොන වෙත රැගෙන එන නිරෝධායනය නොවන සීමිත පිරිසක් කිරිකොරහා ශාන්ති කර්මය තියනවා. කොවිඩ් නිරෝධායන නීතිය සහ රැහේ සම්ප්රදාය දෙකම ආරක්ෂා කරගැනීමේ වැඩපිළවෙළක් සංවිධානය වෙලා තියනවා… “
ඔහු වැඩිදුරටත් කීවේය.