දිනසේන රතුගමගේ
යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ 44 හැවිරිදි පුද්ගලයෙක් කැනඩාවේ රැකියාවකට ගොස් සිටියදී ඊයේ (21) වෙඩි තබා ඝාතනය කොට තිබේ.
පංචලිංගම් පාර්තීපන් නැමති මොහු කැනඩාවේ ඔන්ටාරියෝ නුවර මාර්ඛාම් ( Markham ) ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇත.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඔහු පදිංචිව සිටින නිවස අසලදීමය.
ඔහුට වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තබන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සිද්ධිය ගැන සැලවීමෙන් පසුව වහාම පොලීසිය පැමිණ වෙඩි වැදී තුවාල ලබා සිටි අයව රෝහල් ගත කිරීමට උත්සහ කරණ විටත් ඔහු මියගොස් සිට ඇත.
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රන්ත පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







