බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජකීයයෝ ඉතිහාසය අලුත් කරති…

by editor
මාර්තු 16, 2023 - Updated on මාර්තු 17, 2023
in පුවත්
රාජකීය නායක දසිස් මංචනායක සහ රුමිරු පෙරේරා...

රාජකීය නායක දසිස් මංචනායක සහ රුමිරු පෙරේරා...

Share on FacebookShare on Twitter

නිල් මහා සංග්‍රාමය ඔවුන්ගේ  ඉතිහාසය අලුත් කර ඇත.  එස්.එස්.සී පිටිය වර්ණවත් කරමින් ආරම්භ වී ඇති  144වැනි රාජකීය ශාන්ත තෝමස් ගැටුම    ක්‍රිකට් ක්‍රීඩාවේ විචිත්‍රත්වය බිම්බනය කරමින් තිබේ.

පන්දු ඕවර 10ක් ඉක්ම යන්නට පෙර රාජකීය ඉනිම කුඩුපට්ටම් වූයේය. කාසියේ වාසිය දිනූ ශාන්ත තෝමස් පිලේ ඇරයුම මත පන්දුවට පහර දීමට පැමිණි රාජකීය කණ්ඩායමේ මුල් කඩුළු තුන ලකුණු 18කට බිඳ වැටුනේය.

රාජකීය පිළ – ලකුණු 19 ට කඩුළු 03යි…

අනතුරුව පිටියේ ස්ථාවර වෙමින් බිඳ වැටෙන ඉනිම ගොඩනගමින් සිටි ඔවින් අඹන්පොල ද දිවා ආහාරයට පෙර ක්‍රීඩාගාරයට යැවීමට ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ.

රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ ඉනිම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. රාජකීය නායක දසිස් මංචනායක සහ රුමිරු  පෙරේරා ඒ ඓතිහාසික ඉනිම ගොඩ නගන්නේ දෙදෙනාම ශතක වාර්තා කරමිනි. වසර 144ක රාජකීය – ශාන්ත තෝමස් තරග ඉතිහාසයේ පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු හොඳම සබඳතාවය මෙම යුවල ගොඩ නැගූහ.

දසිස් මංචනායක පන්දු 150ක දී හතරේ පහර 17ක් සමගින් ලකුණු 137ක් රැස් කළේය. රුමිරු පෙරේරා පන්දු 186ක දි හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 128ක් ලබා ගත්තේය.    පස්වන කඩුල්ල වෙනුවෙන් ඔවුන්  දෙදෙනා ගොඩනැගූ සම්බන්ධතාවය  ලකුණු 229කි.  පස්වන කඩුල්ල වෙනුවෙන් මෙතෙක් තිබූ වාර්තාගත  වැඩිම සම්බන්ධතාවය වූයේ   ලකුණු 187 ය. වර්ෂ 1963 දී  එම සබඳතාවය ගොඩනගා තිබුණේ ඉයන් පීරිස් සහ  ජොෆ් විජේසිංහ විසිනි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දසිස් මංචනායකගේ ශතකය ද ඉතිහාසය අලුත් කළේය. රාජකීය ක්‍රිකට් නායකයෙක් මහා තරගයක දී ශතකයක් වාර්තා කරන්නේ වසර 27කට පසුවය. ඒ ශතකය වාර්තා කළේ  වර්ෂ 1996 දී   රාජකීය නායක අනුෂ්ක පොලොන්නෝවිටය.

දැන්  රාජකීය විදුහල පළමු දිනයට කඩුලු 8ක් දැවී ලකුණු 326ක් ලබා සිටින්නේය.

ශාන්ත තෝමස් පිල වෙනුවෙන් ආකාශ් ප්‍රනාන්දු ලකුණු 55ට කඩුළු 04ක්,  කවිඳු ඩයස් ලකුණු 58ට කඩුළු 03ක් බිඳ හෙළුවේය.

හෙට යළිත් දෙවැනි දිනයට තරගය ඇරඹීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයකට නායෙ යෑමේ රතු නිවේදන!

Next Post

හරක්කටා සහ කුඩු සළිඳු කොටුව මහේස්ත්‍රාත්ගේ නිරීක්ෂණයට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.