හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත රඹුක්වැල්ල වෙත කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා ගොනු කළේය.
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් උපයා ගත් ආකාරය විස්තර කළ නොහැකි කෝටි 27කට අධික වත්කම් අත්පත් කරගත් බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර තිබේ.
2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට 2023 සැප්තැම්බර් මස 09 වැනිදා දක්වා කාලසීමාව තුළ පෞද්ගලික ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් 27කට ආසන්න වටිනාකමකින් යුතු දේපල අයථා ලෙස අත්පත් කරගැනීමට තුළින් දූෂණ විරෝධී පනත යටතට ගැනෙන වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.







