චාලි කර්ක් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව අද ( 12) මීට සුළු මොහොතකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය ඒජන්සි වාර්තා කරයි.
නිර්ණාමිකව පෙනී සිටිනා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් උපුටා දක්වන AP වාර්තාවට අනුව චාලි කර්ක් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරු උටාහි පදිංචි 22 හැවිරිදි තරණයෙකි.
බලධාරීන් සැකකරු ටයිලර් රොබින්සන් ලෙස හඳුනාගෙන ඇති බවත් දැනට පවතින විමර්ශනය සාකච්ඡා කිරීමට ඔවුන්ට අවසර නොමැති බැවින් නිර්නාමිකභාවයේ කොන්දේසිය මත කතා කළ එම නිලධාරියා AP වෙත ප්‍රකාශ කර ඇත.
පසුගිය බදාදා උටා නිම්න විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධ දේශනයක් කරමින් සිටිය දී වෙඩි තබා ඝාතනය කළ කර්ක් ගේ ඝාතකයා යැයි සැක සිතන තරුණයාගේ ඡයාරූප සහ වීඩියෝ පටයක් ෆෙඩරල් විමර්ශකයින් සහ රාජ්‍ය නිලධාරීන් ඊයේ (11) මුදා හැරියේය. ඒවා අතර තොප්පියක්, අව් කණ්ණාඩි, දිගු අත් සහිත කළු ටී ෂර්ටයක් සහ බෑගයක් පැළඳ සිටින පුද්ගලයෙකුගේ නව සහ වැඩිදියුණු කළ ඡායාරූප ද විය.
ඒ සමගම 7,000 කට අධික ඉඟි සහ අනුමාන තොරතුරු ගලා ආ බව නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය. එක්සත් ජනපදය කැළඹීමට පත් කිරීමේ නවතම දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාව වන මේ ඝාතන සැකකරු ප්‍රසිද්ධියේ නිල වශයෙන් නම් කිරීමට හෝ ඝාතනයට හේතුවක් සඳහන් කිරීමට බලධාරීන් තවමත් කටයුතු කර නොමැත.
අනතුරුව අසල වනාන්තරයක් ආසන්නයෙන් රයිෆලයක් ද සොයා ගැනුණි. එහි මැගසිනයක් සහ භාවිතා නොකළ උණ්ඩ තුනක් ද විය. ආනයනික බෝල්ට් ඇක්ෂන් රයිෆලය ඝාතකයා විසින් අපරාධය සඳහා යොදා ගන්නා ලද අවිය ලෙස සැක කෙරිනි. අනතුරුව එම අවිය රසායනායාගාරයක විශේෂ පරීක්ෂාවකටය යොමු කරනු ලැබීය.
එමෙන්ම අසල වහලයක් මත ඝාතකයාගේ යැයි සිතිය හැකි අත්ලක සලකුණක් සහ සපත්තු අඩි සලකුණක් ගැන ද විමර්ශන අංශවල අවධානයට යොමු විය.
කෙසේ වෙතත් මේ ඝාතකයා සම්බන්ධව නඩුව අසා ඔහු වැරදිකරු නම් ඔහුට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව උටා හි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත.







