ලලිත් චාමින්ද –
ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොමැති බවත් ඉදිරි දින තුන හතර තුළ ප්‍රතිවිරුද්ධ පාර්ශවය විසින් නැගිය හැකි අවලාද කළ හැකි කුමන්ත්‍රණ සියල්ල කිරීමට සැලසුම් කර ඇති බැවින් සබුද්ධිකව සිදුවන දේ තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (16) පස්වරුවේ හබරාදුව ,අකුරැස්ස,කුඹුරුපිටිය, විරකැටිය යන ප්‍රදේශවල පැවති ප්රචාරක රැළිවලට එක්වෙමින් සදහන් කළේය.
මෙම ප්රචාරක රැළි අමතමින් අනුර කුමාර දිසානායක මෙසේද කිවේය.

කඩාවැටුණු රට නැවත ගොඩනැගිම තමයි ජාතික ජනබලවේගය බලය ඉල්ලන්නේ. අපිට බලය ලබාගැනිමට සමත්වන අවස්ථාවක් ඇවිත් තියෙනවා. අපිට බලය ගන්න පුළුවන් අවස්ථාව හැදිලා තියෙනවා. රට විශාල ප්‍රපාතයකට වැටිලා තියෙන වේලාවක තමයි අපි බලය ගන්නේ. මේ අවස්ථාව තමයි ජාතික ජනබලවේගය ජනතාව වෙනුවෙන් බලය ලබාගතයුතුම අවස්ථාව. අපේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැහැ.
රට ගොඩනැගිම සදහා සැලසුම් අපිට තියෙනවා මෙම සැලසුම් ක්‍රියාත්මක කිරිමට යම්කාලයක් ගතවෙනවා. අපි බලය ගන්නේ මැජික් පොල්ලක් අතේ තියාගෙන නෙවෙයි. අපි බලයගන්නේ ඉන්ද්‍රජාලිකයෙක් ලෙස නෙවෙයි මහා හාස්කම් මන්ත්‍ර තියෙන අයවගේ නෙවෙයි. අපි බලය ගන්නේ සාමාන්‍ය මිනිස්සු හැටියට. ඒ නිසා කඩාවැටුණු රට ගොඩනැගීම සඳහා පියවරෙන් පියවර සැලසුම් හදලා ක්‍රියාත්මක කළයුතුයි.
එතකන් ජනතාවගේ මුලික අවශ්‍යතා සපයන්න ඕන. රනිල් වික්‍රමසිංහ කියනවා රට හදන්න 2048 වෙනකම් ඉන්න කියලා. ඒ වනවිට එයාට අවුරදු 99යි. රට හදන්න වැඩසටහනක් ඕන. යම්කාලයක් යනවා. එතකන් ජනතාව බලාගන්න ඕන.
නමුත් අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය මේ දින තුන හතර ඇතුළත ගහන්න පුළුවන් අවලාද කරන්න පුළුවන් කුමන්ත්‍රණ, සියල්ල කරන්න පටන්ගන්නවා. අපේ රටේ පොදුජනතාව පසුගිය කාලයේ ජාතිවාදය ආගම්වාද ප්‍රතික්ෂේප කළා. සජිත් ප්‍රේමදාස මහතා විසින් මැතිවරණ වේදිකාවට ආගම්වාදි ජාතිවාදි සටන්පාඨ ගෙනවිත් තියෙනවා. තිස්ස අත්තනායක කියනවා අපි බලයට පත්වු විට නුවර පෙරහැර නතර කරණවා කියලා. එවාම ඇති සජබේ දේශපාලනය තේරුම්ගන්න. චරිත හේරත් කියන මන්ත්‍රිවරයා කියනවා කුරුණැගල ඇත්කඳ විහාරයේ පෙහරහැර නතරකරණවා කියලා. සජිත් ප්‍රේමදාසට උදව්කරණ හාමුදුරුවරු කියනවා අපි ආවිට දානවේල නතර වෙනවලු. අපි බලයට පත්වු විට ජාතික කොඩිය නැතිකරණවලු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය අයින් කරණවලු. අන්තජාතිවාදි සංවිධාන වේදිකාව මත තියාගෙන තමයි මේ කථා කියන්නේ.
මේවා කියනවිට රිෂාද් බදුර්දින් ඉන්නවා. දෙමළ ජාතික සංවිධානයේ නායකයින්ද ඉන්නවා. මේ අය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය අවලාද වලට පමණක් සිමාවන තැනට අසරණ වෙලා තියෙනවා. එක අසරණභාවයේ හා කලබලවිමේ ප්රකාශනය. රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආවිට රටේ අස්ථාවර භාවයක් ඇතිවෙනවලු. ඩොලරය ඉහලයාවිලු, තෙල්නැතිවේවිලු. ගෑස් හා ඉන්ධන නැතිවෙනවලු. මේවා නැති කළේ ඒ අයනේ. රනිල් වික්‍රමසිංහ තමයි 2015 සිට 2019 දක්වා ලංකාවේ ස්වයිරී බැදුම්කරවලින් ණය අරගෙන තිබුනා ඩොලර් බිලියන පහලොව මාරක්. මහින්ද රාජපක්ෂ අරන් තිබුණේ ඩොලර් බිලියන තුනයි. ඒ ඩොලර් බිලියන තුන මේ වනවිට ගෙවලත් ඉවරයි. ගෙවාගන්න බැරි සියලු ස්වෛරි බැදුම්කර ණය. රනිල් වික්‍රමසිංහ ගත්තු ණය. ණය ගෙවාගන්න බැරිව ඩොලර් හිඟයක් ඇතිවෙන්න.
එහි මුලිකයා තමයි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආවිට ආර්ථිකය වැටෙනවලු. ජාතික ජනබලවේගය එන්නේ රනිල් වික්‍රමසිංහලා වට්ටපු ආර්ථිකය ගොඩනැගිමටයි. අපිට පස්සෙන් හිටපු ගොඩක් රටවල් අපි පසුකරගෙන ගියා. දකුණු කොරියාව, වියට්නාමය වැනි රටවල් අපි පසුකරගෙන ගියා. මේ අය මහජනයාගේ දේපල සොරකම් කරගෙන නාස්තිකරගෙන රටට නිසි ආර්ථික සැලැස්මක් නැතිව ඉබාගතේ ගෙනියන රටක් බවට පත්කරලා. ලෝකයේ ණය දෙන්නේ නැති රටක් හදලා. ලෝකයෙන් ගත්තු ණය ගෙවාගන්න බැරි රටක් හදලා. රෝහල්වල බෙහෙත් නැති රටක් හදලා. ව්‍යාපාරික ස්ථාන කඩාවැටුණු තැනක් බවට පත්කරලා. පාරිසරික අර්බුද හදලා තව සැරයක් දෙන්න කියනවා. රනිල් සජිත් ඔයගොල්ලෝ මේ රටට කරපු හරිය ඇති.කරුණාකරලා පැත්තකට වෙන්න අපි ලැස්තියි මේ රට එකින් එක ගොඩනගන්න.
ජයග්රහණයෙන් පසුව අපේ රටේ තිබු දේශපාලන සංස්කෘතිය තමයි පරාජයවන අයට හිංසා කිරිම. ගෙවල් ගිණි තියනවා.අනිකුත් පක්ෂවලට අයට පහරදෙනවා. වෙඩි තියනවා. ජයග්‍රහකයා විසින් පරාජිතවන කණ්ඩායමෙන් පලිගන්නා ඉතිහාසයක් තමයි තිබුණේ. අපේ ජයග්රහණයෙන් පසු කිසිදු අයෙකුට නිය තුඩකින්වත් හානියක් කිසිදු අයෙකුට වෙන්න ඉඩ තියන්න එපා.
අපි ජයග්‍රහණය කරලා දිවුරුම් දිලා කෙටිදවසකින් පාර්ලිමේන්තුව විසුරුවනවා. මේරට ගොඩනැගිමට නම් ඒ සඳහා කැක්කුම තියෙන උනන්දුව තියෙන අයගෙන් පාර්ලිමේන්තුවක් හදන්න ඕන. දින 50ක් 60ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය එනවා. අමාත්‍ය මණ්ඩලයක් හදලා තීන්දු ටික ගන්නවා පියවරෙන් පියවර.
තෙල් මිල ඉහළගිය අවස්ථාවේ ඉන්ධන දිමනාව වැඩිකරන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අත්සන්කරලා ලියුමක් දුන්නා ඉන්ධන දිමනාව මාසයකට ලක්ෂයකින් වැඩිකළා. ඒ ලක්ෂයේ මුදල ගත්තු නැති එකම මන්ත්‍රිවරු කණ්ඩායම ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු කණ්ඩායම විතරයි. ජාතික ජනබලවේගය ආණ්ඩු හදන්නේ අත්හරින්න.බෙදාගන්න නෙවෙයි. තියෙන එවාත් අත්හැරලා දේශපාලනය මහජන සේවවාක් බවට පත්කිරීම තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ අපේක්ෂාව.
ජනතාවගේ සහන ටික දෙනවා. දේශපාලනය පිරිසිදුකරණවා. තෙල්,ගෑස්, විදුලිය, බාධාවකින් තොරව අඛණ්ඩව සපයන වැඩේ ජාතික ජනබලවේගය කරණවා. රනිල් වික්‍රමසිංහ අවුරුදු 48ක් පාර්ලිමේන්තුවේ. මහින්ද අවුරුදු 54ක් පාර්ලිමේන්තුවේ. දිනේෂ් ගුණවර්ධන අවුරුදු 41ක් පාර්ලිමේන්තුවේ. මේ තියෙන්නේ ඒ අය හදපු රට. ඒ බිඳවැටුන විනාශ කළ රට ඔබ සමග එක් වී ගොඩනගන්නයි අපි අවස්ථාව ඉල්ලන්නේ. අපි එකතු වී පොරබදලා 21න් පස්සේ මේ රට අලුතින් ගොඩනගමු.







