සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් වික්‍රමසිංහ ඇප ලබා ගන්න ඉදිරිපත් කළ වාර්තා සැක සහිතයි…   විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා වාර්තා පරීක්ෂා කරන්න… දිලීප පීිරිස් අධිකරණයෙන්  ඉල්ලයි!

by editor
ඔක්තෝබර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • බොරිස් ජොන්සන්ගේ පොත් කියවාගෙන දැඩි සත්කාර ඒකකයේ ඉඳලා දැඩි සත්කාර ඒකකයෙන්ම ටිකට් කපන් ගියෙ ෆොටෝ ෂූට් එකකුත් කරලා… මෙහෙම දේවල් ගැන ඇහුවාමයි…

  • රනිල් රාජ්‍ය මුදල් පමණක් නොවෙයි… අධිකරණ ක්‍රියාවලියත් අවභාවිතා කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියයි…

ඇප ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සැක සහිත බව අතිරේක  සොලිසිටර් ජනරාල්  දිලීප පීරිස් අද  අද අධිකරණයට දැන්වූයේය.

ඔහු කීවේ සැකකාර රනිල් වික්‍රමසිංහ මුදල් අවභාවිතාවක් පමණක් නොව, අධිකරණ ක්‍රියාවලියත් අවභාවිතා කර ඇති බවය.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවසුවේය.

ස්වාමීනි. මෙම සැකකරු මුදල් අව භාවිතාවක් පමණක් නොව, අධිකරණ ක්‍රියාවලියත් අවභාවිතා කරලා. පෙර දින සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා වෛද්‍ය වාර්තා කීපයක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලීමක් කළා.  එදා සැකකරු හෘද වස්තුවේ පටක මිය යෑමේ රෝගයකින් පීඩා විඳින බව කිව්වා.

සැකකරු රක්ෂිත බන්ධාගරගත කරමින් සැකකරුගේ රෝග සම්බන්ධව වාර්තාවක් මහේස්ත්‍රාත්වරිය කැඳවීමට නියෝගයක් නිකුත් කළේ නෑ.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නමුත් අනුජ ප්‍රේමරත්න මහතා මෙම කරුණු දැක්වීම සිදුකළේ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී.ඒ. විජේසිංහ මහතා හය දෙනෙකුගෙන් යුතු වෛද්‍ය මණ්ඩලයකින් කැඳවූ වෛද්‍ය වාර්තාවක් අනුව. අධිකරණ නියෝගයක් නැතිව ජාතික රෝහලේ මේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කොහොම මේ වගේ වෛද්‍ය වාර්තා කැඳවන්නේ.

සාමාන්‍ය රෝගියෙකුට මේ වගේ වාර්තාවක් කැඳවන්න පුලුවන් ද?

බෑ ස්වාමීනි.

සැකකරුගේ නීතිඥවරුන්ගේ ඉල්ලීමට සිදුකරලා තියෙන්නේ මෙයයි.  මේ වෛද්‍ය වාර්තා එදා කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කරන්නේ පැමිණිල්ලටවත් ඉදිරිපත් කරන්නේ නෑ. එහෙම කොහොමද වෛද්‍යවරයෙකුගේ හෝ නිසි අධ්‍යයනයක් නැතිව පුද්ගලික වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නේ.

මේ වෛද්‍ය වාර්තා සැක සහිතයි ස්වාමීනී.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවේය. එමෙන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හැසිරීම ප්‍රශ්න සහගත බව ද ඔහු කියා සිටියේය.

“ ස්වාමීනී.  මම දැක්කාමයි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියෙක් බොරිස් ජොන්සන්ගේ පොතක් කියවනවා. මොන අයිසීයූ එකේ ද එහෙම පොත් කියවන්න පුලුවන් ලෙඩ්ඩු ඉන්නේ. දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ අසාධ්‍ය තත්ත්වයේ රෝගීන්. මෙම  සැකකරු රක්ෂිත බන්ධනාගාරගත වූ පසු එක පැයක් හිටියේ නෑ බන්ධනාගාරයේ. එච්චර අමාරු වෙලා තමයි මේ සැකකරු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකට ඇතුළත් කළේ.

මම දැකලා තියන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් නම් ට්‍රොලියේ වෛද්‍ය වාර්තා පපුව උඩ තියාගෙන වෙනත් වාට්ටුවකට යන්නේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් ඉඳලා දැඩි සත්කාර ඒකකයෙන්ම ටිකට් කපනවා කියලා මම නම් දන්නේ නෑ.

සාමාන්‍යයෙන් සිදුවන්නේ දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ගත් පසු  වෙනත් වාට්ටුවකට මාරු කර යවා පසුව තමයි ටිකට්  කපන්නේ. හැබැයි මේ  සැකකරු දැඩි සත්කාර ඒකකයෙන්ම ප්‍රතිකාර අරන් ටිකට් කපලා පිටව යනවා. පිටව යන්නේ නිකම් නෙමෙයි… වෛද්‍යවරු එක්ක හිනා වෙලා සෙල්ෆි අරන්.

මේවා මේ අහම්බෙන් ගත්ත ෆොටෝ නෙමෙයි. හිතා මතා ෆෝස් කරලා ගත්ත ෆොටෝ.  මම මේ ෆොටෝ දැක්කට පස්සේ තමයි දැනගත්තේ අයිසීයූ එකේ ෆොටෝ ෂූට් කරන්නත් පුලුවන් කියලා.

ඇප ලබා ගන්න මොහු මරණාසන්න රෝගියෙක් කියලා මතයක්  හැදුවා. අධිකරණ ක්‍රියාවලිය මං මුලා කරලා වැලි  ගහලා  තමයි මේ සැකකරුට ඇප ලබාගෙන තිබෙන්නේ.

ස්වාමීනී. මේ වෛද්‍ය වාර්තා ඉතාම සැක සහිතයි. මෙම වෛද්‍ය වාර්තා අධිකරණ වෛද්‍යවරයෙක් අතුළු විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා පරීක්ෂා කළ යුතුයි. විධිමත් වෛද්‍ය වාර්තාවක් කැඳවිය යුතුයි.” අතිරේක සොලිසිලිටර් ජනරාල්වරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහවැලියෙන් ඇහුවම ව්‍යාපෘතිය ඇමතිගෙ ලු… මහවැලි ඇමති කුඩා ඔයේ වැලි කෙළියක ද?

Next Post

හිටපු ජනාධිපති රනිල් අයීසීයූ දාන්න වුනේ නඩු දිනයේ ඇතිවුන තත්ත්වයන් නිසා… ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණයට කියයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.