බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම කිසිම නෛතික අවශ්‍යතාවයක් මතු වෙන්නේ නෑ… ජී.එල්. අවධාරණය කරයි!

by editor
අගෝස්තු 24, 2025
in පුවත්
GL
Share on FacebookShare on Twitter
  • ඉන්දියාවෙ බිලිට්ස් ඉන්දියා පුවත්පතේ එක්සත් රාජධානි සංස්කරණයේ සඳහන් තොරතුරු අනුව හිටපු ජනාධිපතිවරයා සහභාගී වුනේ රාජ්‍ය තාන්ත්‍රික ගමනක් තමයි…. ජී.එල් කියයි…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නීතියෙන් මතු නොවන බවත්, මේ අත් අඩංගුවට ගැනීම කිසිසේත්ම  යුක්තිය පසිඳලීමට, දූෂණය   සමාජයෙන් තුරන් කිරීමට හෝ  පරිදි විමර්ශන පැවැත්වීමට යන එකම අරමුණකවට හෝ සම්බන්ධ නැති බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.

ඒ අද දින පැවැත්වුන  “ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු” මාධ්‍ය හමුවේ දී සිය අදහස් දක්වමිනි.   රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමට එරෙහිව විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නායකයින් එක් වී අද (24) එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිනි.

එහිදී අදහස් දැක්වූ මහාචාර්යවරයා  මේ අත් අඩංගුවට ගැනීමෙන්  බලාපොරොතුත්තු වෙන්නේ කුමක් ද යන්න සක් සුදක් සේ පැහැදිලි බවත්   ඇස් පනාපිටම පෙනී යන්නේ    රජයට එරෙහි යම් කිසි මතයක් ප්‍රකාශ කරනු ලබන පුද්ගලයින් බිය ගන්වා නිශ්ශබ්ද කිරීමේ වැඩපිළිවෙළක් බවත් අවධාරණය කළේය.  .

අල්ලස් හෝ දූෂණ විමර්ශනයක් සඳහා රටේ ප්‍රමාණවත් නීතියක් තිබෙනවා. අපි කොන්දේසි විරහිතව ඊට සහයෝගය දක්වනවා. දූෂණය අපේ දේශපාලන දේහය විනාශ කරලා තිබෙන්නේ. නමුත් එය විසඳීම මේ රටේ අධිකරණයට අයත් කටයුත්තක්. සාක්ෂි තියනවා නම් එය අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

රනිල් වික්‍රමසිංහ අපේ රටේ නීතිය අනුව අධිකරණයක් ඉදිරියේ  කිසිම ආකාරයක වරදකරුවෙක් වෙලා නෑ. ඔහුට ඔහුගේ නිවැරදිභාවය ඔප්පු කරන්න  රටේ ව්‍යවස්ථාපිත නීතිය යටතේ අයිතියක් තියනවා. ඔහුව අත් අඩංගුවට ගැනීමට තිබූ අවශ්‍යතාවය කුමක් ද?.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

යමෙක් අත් අඩංගුවට ගන්නේ ඇයි. යහපත් විමර්ශන කටයුත්තක් වෙනුවෙන් තමයි පුද්ගලයෙක් අත් අඩංගුවට ගන්නේ. කිසිවෙක් විමර්ශන කටයුතුවලට බාධා කළේ නෑ. පොලිසිය විමර්ශන කටයුතු පවත්වාගෙන ගියා. විමර්ශනය අවසානයේ දී  ඔවුන් ඒ පිළිබඳ සෑහීමකට පත් වුනා. පොලිසියට පූර්ණ බලය තිබුණා එය මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යන්න.

මේ  කිසිදු ක්‍රියාමාර්ගයක් සඳහා හේතුවක් අත්අඩංගුවට ගැනීම අවශ්‍ය  වන්නේ නෑ. විමර්ශනයට භාජනය වන පුද්ගලයා අත්අඩංගුවට ගන්න ඕන නෑ.  නඩු විභාගයෙන් පලා යන්න   රනිල් වික්‍රමසිංහ මහතාට    කිසිදු අපේක්ෂාවක් නෑ.

ඔහු ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති. ඒ වගේම ඔහු   රටේ දේශපාලන ජීවිතයේ ක්‍රියාකාරීකයෙක්.  යුක්තිය පසිඳලීමේ අරමුණින් මග හැර ඔහුට විදේශගත විය හැකි බව කිසිවෙකු විශ්වාස කරන්නේ නෑ. මේක විකාරයක්. මොකද ඔහු මේ රට තුළ ක්‍රියාකාරීයි. ඔහු අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. අවශ්‍ය ඕනෑම අවස්ථාවක අධිකරණයට අවශ්‍ය නම් අධිකරණයේ භාරයට ගත හැකියි.

පැමිණිල්ල අධිකරණයේදී පැහැදිලි කළේ, සාක්ෂිකරුවන් තිස් තුන් දෙනෙකු ගෙන් ප්‍රකාශ අරන් ඒ  සියල්ල වාර්තා කර ඇති  බවයි. එම සාක්ෂි එකතු කිරීමේ ක්‍රියාවලියේ දී  රනිල් වික්‍රමසිංහ මහතා කිසිම  සාක්ෂිකරුවෙකුට  බලපෑම් කර නෑ.

වොල්වෝර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවතිච්ච උත්සව පිළිබඳ යම් කිසි අපැහැදිලි තත්ත්වයක් තියනවා. මෙතන තියනවා සිද්ධි දෙකක්. එකක් තමයි දිවා භෝජන සංග්‍රහය. දිවා භෝජන සංග්‍රහය පැවැත්වුවේ වොල්වො හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය අවුරුදු විසි පහක් අඛන්ඩව හෙබෙව්ව සොරාජ් පෝල් ස්වාමිවරයාට ගෞරව දැක්වීමට. ඔහු එක්සත් රාජධානියේ ආයතනික අංශයේ ඉතාම ඉහළ චරිතයක්.

මෙතන සිදුවීම් දෙකක් තිබෙනවා.  මේ  සිදුවීම පිළිබඳ වාර්තාවක් 2023 ඔක්තෝබර් 15 වන දින බ්ලිට්ස් ඉන්දියා එක්සත් රාජධානියේ සංස්කරණයේ ප්‍රකාශයට පත් කර තියනවා. මේකේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා දිවා භෝජන සංග්‍රහයට සහභාගී  වුනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා… සොරාජ් පෝල් ස්වාමිවරයා සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකට වාඩිවෙලා දේශන පැවැත්තුවා.  ඉන් අනතුරුව තමයි උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වුනේ. එතුමියට සම්මානිත මහාචාර්ය තනතුරක් එම විශ්වවිද්‍යාලයෙන් පිරිනමා තිබුණා.

මේ ඉන්දියාවේ පුවත්පතෙන් පැහැදිලිව පෙන්වා තිබෙනවා නිල වශයෙන් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අවස්ථාවට සහභාගී වුනේ කියලා. “

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට ආරක්ෂාව සඳහා අයිතියක් ඇති බවත්, ඔහු කොතැනක සිටියත් ඔහුව ආරක්ෂා කිරීමට ආරක්ෂකයින් බැඳී සිටින බැවින් ඔවුන් සියලු දෙනාගේම වියදම් ගණනය කරමින් මේ ආකාරයෙන් පොදු දේපල පනත යටතේ නඩු පැවරීම සපුරා වැරදි බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනපති රනිල් තවදුරටත් වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ… තත්ත්වය යහපත් අවදානමක් නෑ…. වෛදවරු කියති!

Next Post

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් නොවී සජිත් රනිල් බලන්න ජාතික රෝහලට යයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.