බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් බටලන්දේ වධකයා වූ හැටි සුනිල් බටලන්ද කොමිෂන් සභා වාර්තාව උපුටමින් පාර්ලිමේන්තුවට කියයි!

by editor
අප්‍රේල් 10, 2025
in පුවත්
batalanda
Share on FacebookShare on Twitter

බටලන්ද වධකාගාරය පවත්වා ගැනීම, ඊට අනුබල දීම සහ ඒම වධකාගාරය තුළ සිදුවූ විජේදාස ලියනආරච්චි ඇතුළු දහස් ගණනකගේ ඝාතනවලට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වගකිව යුතු ආකාරය සම්බන්ධව මහජන ආරක්ෂාව පිලිබද නියෝජ්‍ය ඇමති සුනිල් වටගල අද බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ උපුටනයන් ආශ්‍රයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම අපරාධ සිදුවු වකවානුව තුළ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්ව කටයුතු කළ අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා විජේදාස ලියනආරච්චිගේ ඝාතනය සිදුවු අයුරු පාර්ලිමේන්තුව ඉදිරියේ හෙළි කරන විට සංවේදී වී ඉකි ගැසෙනු දක්නට ලැබීම විශේෂ සිදුවීමක් වූයේය.

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැදවුම් ස්ථාන සහ වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ විවාදය ආරම්භ කරන්නේ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල විසිනි.

විෂය ගත කොමිෂන් සභා වාර්තාව සකස් කර කරනු ලබන්නේ එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්ඡයකාරවරයාගේ නිර්දේශය මත විනිශ්චයකාර ඩී ජයවික්‍රම, සහ එවකට මහාධිකරණ විනිසුරු ඒන්.ඊ. දිසානායක විසිනි.
.
1948 අංක 47 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව 1995 දෙසැම්බර් මස 15 වැනිදා අධිකාරී පත්‍රයක් මගින් එවකට ජනාධිපතිනිය ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මෙම වාර්තාව සකස් කිරීම සදහා අධිකාරී පත්‍රය ලබා දුන්නාය. ඇය අධිකාරී පත්‍රය ලබා දී තිබු‌නේ විෂය ගත කළ කාර්යයන් 05ක් ඉලක්ක කරගෙන කොමිෂන් සභාව මෙහෙයවීම සදහාය.

විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඒන් ඒක් කාරණාවක් පමණක් ඉලක්කගත කරමින් සිය කතාව පවත්වාගෙන ගියේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කොමිසමේ ඇ ඡේදය යටතේ යෝජනා කර ඇත්තේ රාජ්‍ය පොහොර සංස්ථාවට අයත් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස තුළ 1988 ජනවාරි මස 01 දා සිට 1990 දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලය තුළ යම් නීති විරෝධී ඳරවා ගැනීම් ස්ථාන පවත්වාගෙන යමින් සිදුකරන තාඩන පීඩන මිනීමැරුම් ඇතුළු කරනු කාරණාවලට අදාලව කරුණු වාර්තා කිරීම සදහාය. එම කොටස පාදක කරගනිමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සිය කතාව සිදුකරමින් මෙසේ ද පැවසුවේය.

“මේ කියන වකවානුවෙ මම පොදුවේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කටයුතු කරමින් හිටපු කෙනෙක්. මේ වධකාගාරය ඇතුළෙ විජේදාස ලියනආරච්චි ඝාතනය කළා. ඒ් විතරක් නෙමයි වෙනත් වධකාගාර ඇතුළෙ චරිත ලංකාපුර, කාංචන අබේපාල වැනි අයටත් අත් වූ ඉරණම ගැන අපි දන්නවා. බටලන්ද වධකාගාරය පමණක් නොවෙයි තවත් වධකාගාර සිය ගණනක අපේ දේශප්‍රේමී සගයින් දේශපාලනය කිරීමේ වරදට ඝාතනය කරලා දැම්මා. අපිත් අපේ ජීවිත අමතක කරලා තිබුණෙ. නමුත් අද අපට හැකි වී තිබෙනවා මිය ගිය සගයින්ගේ ජීවිත වෙනුවෙන් කුමක් හෝ දෙයක් කරන්න.”

“මේ වාර්තාවේ අන්තිමටම තියෙන දේ මම මුලින් කියන්නම්. ඒ් වාර්තාවේ නිර්දේශ ඇතුලේ නිර්දේශ කීපයක් තියනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ඒවකට කර්මාන්ත සහ විද්‍යාකටයුතු ඇමතිවරයා කඩාකප්පල්කාරී ක්‍රියා ඳපිළිබව පොලිසියේ ක්‍රියාකාරීත්වයට උපදෙස් දී ඇත. වික්‍රමසිංහ මහතාට ඒවැනි නියමක් කිරීමට නෛතික බලයක් නොමැති වූ බවත් ඒ් සම්බන්ධයෙන් ද ඔහු තම අයථා බලය ලෙස පාවිච්චි කර ඇති බව කොමිෂන් සභාවේ අදහසයි. ඒසේ උපදෙස් දීමෙන් වික්‍රමසිංහ මහතා පොලිසිය සතු රාජකාරිවලට හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයට මැදිහත් වී ඇත්තේය.

කවුද මේ කියන්නේ කොමිෂන් සභාව.

ඒ් විතරක් නෙමෙයි, තව තැනක කියනවා මෙහෙම.

රනිල් වික්‍රමසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ මහතා බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ බී2, බී, බී 34 හා ඒ්1/8 යන නිවාසවල නීති විරෝධී ඳරැවුම් ස්ථාන හා වධකාගාර පැවැත්වීමට අනියමින් වගකිවයුතු වන්නෝය. කවුද?… රනිල් වික්‍රමසිංහ. මේ කියන්නේ කොමිසම.

ඒපමණක් නොවෙයි. තව නිර්දේශයක් කරලා තියනවා. 1988 ජනවාරි මස 01 වැනි දින සිට 1990 දෙසැම්බර් මාසයේ 31 වැනිදා දින දක්වා වූ කාල සීමාව තුළ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ යම් යම් නිවාස පුද්ගලයින් නීති විරෝධීව ඳරවා ගැනීම ට හා ඔවුන්ට වගකීමට භාවිතා කර තිබේ. කවුද කියන්නේ. කොමිසම මේ කියන්නේ.

මේ කාර්යය සඳහා පහත සදහන් නිවාස පාවිච්චි කර ඇති බවට තීරණාත්මක සාක්ෂි තිබේ. මොකක්ද නිවාසය. බටලන්ද නිවාස සංකීරණයේ බී 2 නිවාසය. කාටද අයිති. රනිල් වික්‍රමසිංහට බව මෙහි සදහන් කරලා තියනවා.

බී 8 නිවාසය කාටද අයිති. පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්. දෙදෙනා ඒකතු වෙලා දෙන්න මේ නිවාස දෙකේ ඉඳලා මේ ක්‍රමන්ත්‍රණය කරලා තියෙන්නේ.

ඒ් විතරක් නෙමෙයි. තව තැනක නිර්දේශ කරලා තියනවා   මෙහෙම.  රාජ්‍ය පොහොර සංස්ථාවේ ඈවරකරුට ඉහත සදහන් බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස පොලිස් නිලධාරීන්ට මුදා හැරීමට නියම කිරීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත අමාත්‍යවරයාගේ තත්ත්වයෙන් වූ ඔහුගේ බලතල අයුතු ලෙස පාවිච්චි කර තිබේ. මෙහෙම කියන්නේ අපි නොවෙයි. කොමිසම.

මේවා තියාගෙන තමයි අල් ජසීරා ගිහින් කියන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුම පාදක කරගෙන ජනතා විමුක්ති පෙරමුණ භීෂණයක් මැව්වලු. සපුගස් කන්ද පොලිස් ස්ථානයට පහර දීමක් කළාලු. මේ හදන්නේ කොමිෂන් සභා වාර්තාවේ හරියට තියනවා කතාව. මේ හදනවා 83 සහ 87 බද්ධ කරලා කතාවක් ගොතන්න.

83 උනේ මොකක්ද කියලා බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ඇති බව අමාත්‍ය සුනිල් වටගල පැවසුවේය. මේ වාර්තා‌වේ අන්තර්ගතය ජනනා විමුක්ති පෙරමුණේ ඉතිහාසය සම්බන්ධව යළි යළිත් ප්‍රශ්න කරන අයට ප්‍රමාණවත් පිළිතුරක් දෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ඳසහන් කලේය. ඔහු අද පාර්ලිමේන්තුවේ දී සපථ කළේ දේශපාලනය කිරීමේ වරදට ඝාතනයට ලක් වූ සියලුම සහෝදරවරුන්ට  යුක්තිය ඉටු කර අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අප්‍රේල් 15 රජයේ නිවාඩුවක් නෑ…

Next Post

ප්‍රතික්ෂේප කළ නාම යෝජනා 35ක් යළි භාර ගන්න අභියාචනාධිකරණයෙන් නියෝගයක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.