සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්, දේශබන්දු , සමන් ඒකනායකගේ නඩු ගැන කතා කරන්න නීතිපති – පොලිස්පති ඇතුළු ඉහළ නිලධාරී කණ්ඩායමක් රැස් වෙයි…

by editor
දෙසැම්බර් 28, 2025
in පුවත්
Ranil-Desha
Share on FacebookShare on Twitter
  • බරපතල අපරාධ නඩු 45ක් සම්බන්ධ අධිචෝදනා ගොනු කිරීම ගැනත් තීරණයක්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් අවභාවිතා කරමින් සිය බිරියගේ උපාධි ප්‍රධානෝත්සවයට සහභාගී වීම සහ හිටපු පොලිස්පති   දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ වැලිගම W15 හෝටල් වෙඩි තැබීමේ සිද්ධියට අදාල ප්‍රධාන පෙළේ  නඩු දෙක සම්බන්ධයෙන් විමර්ශන අවසන් වූ පසු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර පැවති ඉහළ පෙළේ රැස්වීමක දී    අතිරේක සොලිසිටර් ජෙනරාල්   දිලීප පීරිස් යෝජනා කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

සන්ඩේ ටයිම්ස් වාර්තාවට අනුව මෙම  රැස්වීමට සහභාගී වූ අය අතර නීතිපති පාරින්ද රණසිංහ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද සිට ඇත.

වික්‍රමසිංහ මහතා සහ තෙන්නකෝන් මහතා දරන තනතුරු සැලකිල්ලට ගනිමින් නඩු විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට නීතිපතිවරයා  අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යෝජනා කර තිබිණි.

කෙසේ වෙතත්   සිදුවීම් දෙකෙහිම විමර්ශන තවමත් අවසන් වී නොමැති බැවින්, විමර්ශන අවසන් වූ පසු අදාළ උදෘත තමා වෙත ඉදිරිපත් කළ පසු යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව නීතිපතිවරයා එම අවස්ථාවේ දී දැනුම් දී  ඇත.

මෙහිදී දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ වැලිගම W15 හෝටල් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙසැම්බර් 31 වන දිනට පෙර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයා විමර්ශනය අධීක්ෂණය කරන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුහාන් අබේවික්‍රමට උපදෙස් දී තිබේ. එම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දැන් බොහෝ දුරට අවසන් වී ඇති බැවින්, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ඊට සම්බන්ධ යැයි කියන පොලිස් නිලධාරීන් අට දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ද නීපතිවරයා උපදෙස් දී ඇත.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ නඩුවේ සමහර සැකකරුවන් සාක්ෂිකරුවන් ලෙස යොදා ගත හැකිදැයි විමසා තිබුණද, එම යෝජනාව මේ අවස්ථාවේ දී  ප්‍රතික්ෂේප කර තිබුණි.

හිටපු ජනාධිපති වික්‍රමසිංහගේ නඩුවේ විමර්ශනයේ ප්‍රගතිය ද රැස්වීමේදී සාකච්ඡා කළ බව ද සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. මීට පෙර ද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදාරි පියසේනගේ ප්‍රධානත්වයෙන්  නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ  සහකාර අධිකාරී එස්. වෙදමුල්ල, ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත්ගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී    පැය හතරකට වැඩි කාලයක්  රනිල් වික්‍රමසිංහ ගේ නඩුව සම්බන්ධව සාකච්ඡා කර ඇති බව එම වාර්තාවේ දැක්වේ.

රනිල් වික්‍රමසිංහගේ එක්සත් රාජධානියේ සංචාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ලන්ඩනයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  කණ්ඩායමක් විසින් පවත්වන ලද පරීක්ෂණයට   අදාළ වාර්තා ලැබෙන තෙක් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට තීරණය කර තිබුණි. ඒ අනුව, රනිල් වික්‍රමසිංහට එරෙහිව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විමර්ශනය අවසන් වූ පසු පමණක් නිගමනයක් ගැනීමට තීරණය කර තිබුණි.

සන්ඩේ ටයිම්ස් වාර්තා කරන පරිදි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ හැසිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. ඔහු අපරාධයක් කර තිබේද නැතහොත් ඔහුගේ ක්‍රියාවන් තුළින් අපරාධයකට ආධාර කර අනුබල දී තිබේද යන්න විමර්ශන මගින් තීරණය කර තිබේද යන්න පිළිබඳව මේ අවස්ථාවේ දී සාකච්ඡාවට බඳුන් වී ඇත.

අසමන් ඒකනායක ඒකනායක  සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ස්වාධීන නිරීක්ෂණ ඉදිරිපත් කිරීම ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදාරි පියසේනට පවරා තිබේ. මෙම නිරීක්ෂණ මත පදනම්ව සමන් ඒකනායක සැකකරුවෙකු ලෙස නම් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගනු ලබනබව වාර්තා වේ.

මේ අතර, මෙම රැස්වීමේදී බරපතල අපරාධ නඩු 45 ක් සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කර ඇත. සම්පූර්ණ කරන ලද පරීක්ෂණ පිළිබඳ වාර්තා කඩිනමින් පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් නිකුත් කර අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා විසින් මෙහිදි උපදෙස් දී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදෙස් රටක ගිනි අවියක් සහ ටී 56 ජීව උණ්ඩ සමග මිනුවන්ගොඩ දී පුද්ගලයෙක් අත් අඩංගුවට…

Next Post

ස්වාධීන මාධ්‍ය මර්ධනය කරන්න හදන්න එපා… නාමල් ආණ්ඩුවට සැර වෙයි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.