බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රනිල්ට දියකඩිත්ත පෙන්නුවත් එයින් වතුර බීවේ නෑලු”

හිටපු බුද්ධි ප්‍රධානීයා කියයි

by Lanka Sara Editor
ජූලි 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

2001 වසරේදී එල්.ටී.ටී ඊ ත්‍රස්ත සංවිධානය සමඟ සටන් විරාමයක් ක්‍රියාත්මක වූ කාලයේදී බුද්ධි අංශ විසින් එම සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳව කළ දැනුවත් කිරීම් සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සැලකිය යුතු ප්‍රතිචාරයක් නොදැක්වූ බව එවකට හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ සහ හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල් හෙන්දාවිතාරණ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ අද (08) ප්‍රකාශ කළේය.

තමා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක ලෙස 2001 වසරේදී සේවයේ නිරතව සිටි අතර එම වසරේ දෙසැම්බර් 24 වෙනිදා සටන් විරාම අවබෝධතා ගිවිසුම අත්සන් කිඑරීමට සූදානම් වන අවස්ථාවේ එය හරි යන එකක් නොවන බව තමා ලද තොරතුරු මත අගමැතිවරයාට දැනුම් දුන් බවත් හෙන්දවිතාරණ මහතා පැවැසීය.

සටන් විරාමය ඔස්සේ එල්.ටී.ටී.ඊ.ය සිදුකරන්නේ යුද්ධයකට සූදානම් වීමක් බවද දැනුවත් කළ බව ඔහු පැවැසීය.එසේ වුව ද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා සැළකිය යුතු ප්‍රතිචාරයක් නොදැක් වූ බව සදහන් කරන්නට වූයේ 2001 වසරේදී ඔබ යුද හමුදා බුද්ධි නිලදාරියෙක් ලෙස රාජකාරි කිරීමේදී ඔබට ලද බුද්ධි තොරතුරු පිළිබද එවකට සිටි අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළේදැයි කළ විමසූ අවස්ථාවේදීය.

කොමිසම හමුවේ නැගූ මේ පැනයට පිළිතුරක් දෙමින් හෙන්දවිතාරණ මහතා පැවසූයේ අශ්වයාට වතුර පානය කිරීම සදහා දිය කඩිත්තක් ළගට ගෙනයාම කළ හැකි වුවත් බලෙන් වතුර පෙවීමක් කළ නොහැකි බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රාජ්‍ය බුද්ධි සේවා ලොක්කා මඩකලපු බුද්ධි ලොක්කාටත් පාස්කු අනතුරු ඇඟවීම ලබා දී නෑ

පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ජාතික බුද්ධි ප්‍රධානී මගින් පොලිස්පතිවරයාට යොමු කළ පූර්ව අනතුරු ඇගයීමේ බුද්ධි තොරතුර මඩකලපුව දිස්ත්‍රික් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාට යොමු කර නැති බව රාජ්‍ය බුද්ධි සේවයේ මඩකලපුව දිස්ත්‍රික්කය භාර ප්‍රධානියා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07) හෙළි කළේය.

සහරාන් ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය මඩකලපුව ආශ්‍රිතව පැවතුණු බැවින් එම බුද්ධි තොරතුර ඔහුට ඉතා වැදගත් වන බවත් මෙම පූර්ව අනතුරු ඇගයීම ගැන තමා දැනුවත් වූයේ නම් ප්‍රහාරය වලක්වා ගැනීමට සැළකිය යුතු යමක් කරන්නට තිබුණු බව ද ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේය.

ඊයේ (07) රාත්‍රියේ දීර්ඝ සාක්ෂියක් ලබා දෙමින් ඔහු තවදුරටත් සඳහන් කළේ ප්‍රහාරයට පෙර පූර්ව අනතුරු ඇඟවීමේ ලිපියක් රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත්කර ඇති බව පවා තමා දැනගත්තේ ප්‍රහාරයෙන් පසුව බවය එය තමා දැන ගන්නේද මාධ්‍යයෙන් බවත් ඔහු සදහන් කළේය.

එහෙත් එම ලිපිය තමා දුටුවේ කොමිසමේදී බවද ඔහු සදහන් කළේය.
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයා තමාට තොරතුරු දැනුවත් නොකිරීමෙන් කර ඇත්තේ වගකීම් පැහැර හැරීමක් බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Tags: නවතම
Share76Tweet43
Previous Post

තලාහේනේ කල්ඉකුත් දේවලින් ‘හෑන්ඩ් වොෂ්’ හදන ෆැක්ටරියක්

Next Post

රුපියල් 2 පෙත්ත 468 ගෙන්වා හසු වූ වංචනිකයන්ට තවමත් දඬුවම් නෑ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.