සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රන්දෙණිගල – රන්ටැඹේ ජලය නිකුත් කිරීම ත්‍රස්ත ක්‍රියාවක් බව විදුලිබල ඇමති කළ නොදැනුවත්  ප්‍රකාශය   රට පටලයි…

ජාලාශ භාර ඉංජිනේරුවන්ගෙන් ප්‍රකාශ ගන්න බුද්ධි අංශ ගිහින්... සිදුවුනේ  සාමාන්‍ය ජල කලමනාකරණ ක්‍රියාවලියම  බව විමර්ශනයට ගිය නිලාධාරීන්ට කියලා දීලා හරවා එවලා...

by editor
ජූනි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද අලුයම ජල විදුලිය නිෂ්පාදනය නොකරන අවස්ථාවක රන්දෙනිගල රන්ටැඹේ ජලාශවලින් ජලය මුදා හැරිබවට විදුලි බල හා බල ශක්ති ඇමති පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් එම ජලාශ භාර ඉංජිනේරුවරුන්ගෙන් කට උත්තර ගැනීම සදහා ගිය බුද්ධි අංශ නිලධාරීන් වෙත  මේ සිදුවන්නේ  ජල කළමනාකරණ ක්‍රියාවලියේ නිශ්චිත පටිපාටිට අනුකූලව සිදුවන සාමාන්‍ය ක්‍රියාවක් බවත් නොදැනුවත් ඇමතිවරුන්ගේ   අනවශ්‍ය කලබලවීමත් සම්බන්ධව  පැහැදිලි කර දීමට සිදුවීමේ පුවතක් වාර්තා වේ.

මේ සිද්ධිය පැන නගින්නේ රන්ටැඹේ සහ රන්දෙනිගල  ජලාශ වල දොරටු කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස විවෘත කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ම පාර්ලිමේන්තුවේ දී  කළ ප්‍රකාශයත් සමගය.

එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැඳින් වූ ඇමතිවරයා   ඉන් සිදුවන්නේ ජලය හිඟ වී ඉන්ධන වලින් බලාගාර  දුවන්නට වන තත්ත්වයක් නිර්මාණය වීම බව කීවේය. අනතුරුව විදුලි පනතේ සංශෝධනයන්ට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටි වෘත්තීය සමිතිවලට බැණ වදිමින් ඔවුන්ට රට බිත්තියට හේත්තු කරන්න ඉඩ දෙන්නට නොහැකි යැයිද කීවේය.  මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය යැයි ද පැවසුවේය.

මේ ප්‍රකාශයත් සමග කඩිනමින්  විමර්ශනයක් කිරීම සදහා බුද්ධි අංශ මෙම ජලාශ භාර ඉංජිනේරුවරුන් සොයා ගොස් තිබිණි.

එහිදී එම බුද්ධි නිලධාරීන් තමන් ඉදිරියේ තබාගෙන මෙම ජල කළමනාකරණය සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කරදීමට ඉංජිනේරුවරුන්ට සිදු වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ ජලාශ වලින් ජලය මුදාහරින්නේ ජල ලේකම් කාර්යාලයේ දැනුම්දීම මත  අදාළ නිශ්චිත ක්‍රියා පටිපාටියකට යටත්වය. අද දින සිදුව ඇත්තේ ද ම ක්‍රියාවලිය ම ය.

සාමාන්‍යයෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන අවස්ථාවේ ජලය අදාල ජලාශවලින් පහලට ගලාගෙන යන අතර අද අලුයම ජල විදුලිය නිෂ්පාදනය නොකරන අවස්ථාවක මෙම ජලය මුදා හැරීම ඇමතිවරයා ගේ අදාල ප්‍රශ්නයට හේතු වී ඇත.

සාමාන්‍යයෙන් ජල කළමණාකරන ලේකම් කාර්යාලයේ දැනුම්දීමට අනුව මෙම ජලාශවලින් ජලය මුදාහැරීම සිදුවන අතර ඇමැතිවරයා විසින් අදාළ ප්‍රකාශය කරනු ලැබ ඇත්තේ ඔහුගේ නොදැනුවත්කම මත බව  විදුලි බලාගාර භාර විදුලි ඉංජිනේරුවන් විමර්ශන අංශ වෙත පැහැදිලි කර ඇත.

මෙම ජලාශ වල ජල යෙන් ජල විදුලිය නිෂ්පාදනය කිරීමට අමතරව මිණිපේ ව්‍යාපාරය ගොවි කටයුතු සඳහා ජලය මුදා හැරෙන අතර අද දිනයේ දී රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශ ඔස්සේ ජලය සුළු ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ වගා කටයුතු වෙනුවෙන් ගොවි අවශ්‍යතා වෙනුවෙනි.

සිද්ධිය තේරුම් ගත් විමර්ශන නිලධාරීන් නැවත හැරී පැමිණ ඇත.

Share69Tweet43
Previous Post

විදුලි බල පනතේ ලොකුම අඩුපාඩුව චම්පික රණවකගෙන් විග්‍රහයක්!

Next Post

විදුලි බල පනත සංශෝධන රහිතව සම්මතයි… කාරක සභා අවස්ථාවේ විපක්ෂයේ යෝජනාව විසිවෙයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.