සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක විසින් අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කළේය.
ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවේය.
විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර සිටියේ පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට සහන ලබා දීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවය.
අධිකරණයට අපහාස කිරීමේ වරදට රන්ජන් රාමනායක වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත්ව සිටින්නේය.