.ලලිත් චාමින්ද –
පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවලින් කොටා තුවාල කර එක් පුද්ගලයකුගේ අතක් සිරුරින් වෙන් කර බරපතල තුවාල සිදුකීරීම සම්බන්දයෙන් එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (15) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලීසිය පවසයි.
රත්ගම සිරිකදුරවත්ත ප්‍රදේශයේ දි පිරිසක් මග රැක සිට මෙම පුද්ගලයින් දෙදෙනාට පහරදි කපා කොට ඇති බැව් පොලිසිය පවසයි. පහරදිමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත.
වම අතේ වැලමිටෙන් ඉහල කොටස දෙකට වෙන්වි යන ලෙස බරපතල තුවාල වලට ලක්වු පුද්ගලයාගේ තත්වය අසාධ්‍ය බවත් ඔහු සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවත් පොලිසිය පවසයි.
අනික් පුද්ගලයාගේ අතකට බරපතල තුවාල වි ඇත. තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියකින් යමින් සිටියදි මෙකි ප්‍රහාරයට ලක්ව ඇත. ඔවුන් දෙදෙනා දොඩන්දුව පටුවත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
පැරණි ආරවුලක් මත මෙම සිද්ධිය වි ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ පො ප පුෂ්පකුමාර, පො සැ13413 ප්‍රියන්ත යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.