බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රණවිරුපවුල්වල විසඳුම කැබිනට්ටුවේ

by Lanka Sara Editor
අප්‍රේල් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආබාධිත රණවිරුවනට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම පිණිස අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවසීය.

එබැවින් ඒ සඳහා උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත්, උද්ඝෝෂණ පිටුපස ඇත්තේ වෙනත් අරමුණක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මින් පෙර කාලවලදී කළ අයුරින් උද්ඝෝෂණකරුවනට වත්මන් රජය කිසිදු හිරිහැරයක් නොකළ බව ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ද සඳහන් කළහ.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (08) රැස් විය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙයයි. ජනාධිපතිවරයා ඊට සහභාගී වූයේ කාරක සභා සභාපති ධූරය විෂයභාර ඇමතිවරයාට හිමිවන බැවිනි.

ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය ප්‍රවර්ධනය, රණවිරු වැටුප්, මත්ද්‍රව්‍ය නිවාරණය, ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතනවල වාර්ෂික වාර්තා වැනි විෂයය ගණනාවක් එහිදී සාකච්ඡාවට ලක් විය.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැස්වීමට එක්ව සිටියහ. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට මැති ඇමතිවරු මෙතරම් පිරිසක් සහභාගි වූ මෑත කාලයේ ප්‍රථම අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු නිලධාරීහූ සඳහන් කළහ.

නීතිය හා සාමය තහවුරු කොට ප්‍රවර්ධනය සඳහා යෝජිත ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මහතා අවශ්‍යතාව අනුව රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන 196ක් අලුතින් ස්ථාපනයට සැලසුම් කර ඇතැයි කීය. ඒ සමගම පොලීසියේ පිරිස් බලය වැඩි කිරීම පිණිස ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම 10,000ක් අලුතින් බඳවා ගැනෙති.

ආබාධිත සහ මිය ගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ. ආබාධිත රණවිරුවනට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම පිණිස අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමු කර ඇතැයි ජනාධිපතිවරයා කීය.

මිය ගිය රණවිරුවන්ගෙන් යැපෙන්නන්ටත් එකී වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ලබා ගැනීමට ද මින් අවස්ථාව සැලසේ.

රණවිරු පවුල්වල ඉල්ලීම ඉටු කරන බව සඳහන් කළ එතුමා ඒ සඳහා උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත්, උද්ඝෝෂණ පිටුපස ඇත්තේ වෙනත් අරමුණක් බවත් පෙන්වා දුන්නේය. මින් පෙර කාලවලදී කළ අයුරින් උද්ඝෝෂණකරුවනට වත්මන් රජය කිසිදු හිරිහැරයක් නොකළ බව ජනාධිපතිතුමා මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ද සඳහන් කළහ.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ අදහස් හුවමාරුවේදී ඉදිරිපත් වූ යෝජනාවකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන නව ජාතික ප්‍රතිපත්තිය දැන් සම්පාදනය කොට අවසන් බව පැවසීය. එය ළගදීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයේ දී ආගමික උපදේශනය භාවිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

ආගමික අන්තවාදය ඇතුළත් පොත පත තහනම් කිරීම පිළිබඳව මතු වූ අදහසකට පිළිතුරු දුන් ජනාධිපති රාජපක්ෂ මහතා මේ තීරණය නිශ්චිත ආගමක් ඉලක්ක කොට ගත්තක් නොවන බවත්, පොදුවේ සෑම ආකාරයකම ආගමික අන්තවාදය පිටුදැකීම අරමුණ බවත් පැවසීය.

ආරක්ෂක හමුදාවනට අයත් ප්‍රයෝජනයට නොගත් ඉඩම්වල පොල් හෝ වෙනත් සුදුසු බෝග වගා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්ෂ මහතා ඒ සදහා භාවිත කළ හැකි ඉඩම් හඳුනාගන්නැයි ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීහූ ද සාකච්ඡාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර 04ක් පිරීම නිමිත්තෙන් දීප ව්‍යාප්තව සංවිධාන කළ සම්මේලන මාලාව සමග සම්පාදනය කෙරුණු සමරු කලාපය උපදේශක කාරක සභා රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

“සිව් දෙස සුරැකි සිව් වසර” සම්මේලන මාලාව යනුවෙන් නම් කළ සමරු කලාපය පිළිගන්වන ලද්දේ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ මාධ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් විසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොටි පොලිස් “මොඩ්ල් එකක්“ හැදූ යාපනය නගරාධිපති මනිවන්නන් අත්අඩංගුවට

Next Post

71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.