රට බරපතල කොවිඩ් අවදානමක වැටී ඇති බව ලෝකය පිළිගත් විද්වතුන් පෙන්වා දෙද්දී සෞඛ්‍ය අංශවල නිර්දේශ නොසලකා අතිශය අවිධිමත් ආකාරයට අද ( 02) රට විවෘත කරනු ලැබුවේ රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් හා ආර්ථික ඔස්තාර් වරයෙක් සේ පෙනී සිටින රාජ්‍ය ඇමතිවරයෙකුගේ දැඩි බලපෑම හේතුවෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
කොවිඩ් මර්ධන ජාතික ව්‍යාපාරය ඇතුළු සියලුම සෞඛ්‍ය අංශ පවතින තත්වය තුළ නව සාමාන්‍යකරණය යටතේ ක්‍රමානුකූලව රට විවෘත කරන්නට ඉල්ලීම් කළත් මෙම දේශපාලකයාගේ දැඩි බලපෑම නිසා මේ අදූදර්ශී තීන්දුව ගැනීමට සිදු වූ බව වාර්තා වේ.
රටට ඔරොත්තු නොදෙන තරමේ වේගයකින් ඉදිරි සති දෙක තුළ කොවිඩ් පැතිරෙන බව විද්වතුන් විද්‍යාත්මකව තහවුරු කරද්දී සෞඛ්‍ය නිර්දේශ අනුව රට විවෘත කරන බව කියමින් සියලුම රාජ්‍ය සේවකයන් අද සේවයට කැඳවා තිබුණේ මූලික පොදු ප්‍රවාහන පහසුකම්වත් සැපයීමෙන් තොරවය.
එන්නත්කරණයෙන් මෙම වසංගතය නතර කළ නොහැකි බවත්, එකම පිලිවෙත සමාජ දුරස්ථභාවය හා මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් රැකීම බවත් යළි යළිත් කන් පුරා සෞඛ්‍ය උපදෙස් ලැබෙද්දී බස් රථ දුම්රියවල කිටි කිටියේ හිරවෙමින් සේවයට පැමිණි මිනිස්සු දැඩි අසීරුතාවයන්ට පත් වී සිටියහ.