බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ප්‍රාන්ත රාජ්‍ය නෑ… තියෙන්නේ එක රටක්… එක නීතියක්… නැගෙනහිර පුරාවිද්‍යා ස්ථානවල නාම පුවරු ගැලවූ සියල්ලන්ටම තදින් නිතිය ක්‍රියාත්මකයි! 

by editor
නොවැම්බර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව විවිධ ගැටලු මතුකරන අය ඉන්නවා… මොනම කණ්ඩායමකටවත් යළි ජාතිවාදය ඇති කරන්න දෙන්නේ නෑ… මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් කී කතාව…

රටේ ප්‍රාන්ත රාජ්‍ය නැති බවත් ඇත්තේ එකම රටක් හා එකම නීතියක් බැවින් රටේ නීතියට පිටින් ගොස් ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කිරිමේ අභිලාෂය සහිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්  නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන හඳුනා ගැනීමට සවි කළ නාම පුවරු ගලවා දැමූ සියල්ලන් විෂයෙහි නිසි පරදි නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.

ඇමතිවරයා කීවේ පොලිසියට ලැබී ඇති පැමිනිල්ල අනුව මෙම නාමපුවරුවලින් කොටසක් ගලවා ඇත්තේ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති, උප ලේකම්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ තවත් පුද්ගලයෙක් බවය.

තවත් පිරිසක් විමර්ශන කර අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කී ඇමතිවරයා ජාතිවාදය වැපිරවීමට කිසිම කණ්ඩායමකට මේ රට තුළ ඉඩ ලබා නොදෙන බව කීවේය.

මේ බව ඇමතිවරයා ප්‍රකාශ කළේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ නාමපුවරු ගැලවීම සම්බන්ධව අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එහිදී ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

නැගෙනහිර පාළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවි කරන ලද නාම පුරවු කීපයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සභාවට යම් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාලච්චේන සහ කොක්අඩිචෝල පොලිස්වසම්වල හඳුනා ගත් පුරාවිද්‍යා ස්ථාන වලට ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීම සඳහා සවි කර තිබූ නාම පුවරු කීපයක් කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කර ඇති බවට වාලච්චේන හා කොක්අඩිචෝල පොලිස් ස්ථානවලට  පැමිණිලි ලැබිලා තියනවා.

වාලච්චේන පොලිස්වසමේ දේවිමලෙයි පුරාවිද්‍යා ස්ථානයට යන මාර්ගය  හඳුනා ගැනීම සඳහා තික්කි වෙට්ටි හන්දිය වලච්චේන ස්ථානයේ සවි කළ පුවරුවත්, කොඩුක්ච්චේන, සාරාවඩි යන ස්ථානවල සවි කර තිබූ පුරාවිද්‍යා සලකුණු සහිත නාම පුවරු 06ක් 25/11/22 දින ගලවා ඉවත් කර ඇති බවට කිරාන් පුරවිද්‍යා ප්‍රදේශීය කාර්යාලයේ  සංවර්ධන නිලධාරී ලෙස රාජකාරි ඉටු කරන  ශිවලොගන් කනන් සිලෝජිනී යන අය විසින් වාලච්චේන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නාම පුවරු වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති සුධාකරන්, උප ලේකම් පද්මනීදන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආනන්ද ඉසිවරාසන් සහ සෙල්වනගර් කිරාන් ලිපිනයේ පදිංචි සුන්දරලිංගම් නැමැති අය ගලවා ඉවත් කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබිලා තියනවා.

මේ අනුව මේ සිද්ධියට අදාලව 25/11/24 දින වාලච්චේන අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන් සහ අදාල දේපල අත් අඩංගුවට ගැනීමට  ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේ වනවිට පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරි වාලච්චේනගේ මූලිකත්වයෙන් විමර්ශන පැවැත්වෙනවා.

කොක්අඩිචෝලේ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස හඳුනාගත් ශාන්තමලෙයි. කෝවිලට හැරෙන හන්දිය සහ කාන්තාමලෙයි කෝවිලට හැරෙන හන්දියේ සවි කර තිබූ නාම පුවරු දෙකක් 25/11/21 දින කිසියම් පිරිසක් විසින් ඉවත් කර ඇති බවට පට්ටිපොලෙයි පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා නිලධාරියෙක් ලෙස කටයුතු කරන සුන්දරන් චන්ද්‍රකන්තන් මහතා විසින් 25/11/23 දින කොක්අඩිචෝලෙයි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. “

මෙම පුවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් අද දින මඩකලපුව අධිකරණයට කරුණු වාර්තා කර මෙම නාම පුරවරු ගැලවූ අය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරී කලවංචිකුඩිගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව  පොලිස්පතිවරයා මේ වනවිට දැනුම් දී තිබෙනවා. “

“නීතිය රටේ කාටත් පොදුයි. සමහර අය හිතන් ඉන්නවා තම තමන්ට ප්‍රාන්ත රාජ්‍ය තියනවා කියලා.  එහෙම දෙයක් නෑ. උතුරටත් නැගෙනහිරටත් දකුණටත් බටහිරටත් නීතය කාටත් පොදුයි. ඒ හින්දා මේ වගේ ක්‍රියාමාර්ගවලට ඉඩ දෙන්න බෑ.

පුරාවිද්‍යා ස්ථාන සලකුණු කරන නාම පුවරු දීර්ඝ කාලයක් තිස්සේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සලකුණු කරගෙන යනවා. මේක රටේ නීතිය. පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කරගැනීමෙන් යම් ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කරගැනීමට යම් යම් පිරිස් උත්සාහ කරන ආකාරය අප මින් පෙරත් දැකලා තියනවා. ඒ නිසා නිරන්තරයෙන් මේ සභාවට අපි ප්‍රකාශ කරන පරිදි ජාතිවාදයට මේ රටේ මොනම ඉඩක් නෑ. නීතිය හැමෝටම පොදුයි.

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මඩකලපුව පුරාවිද්‍යා ස්ථාන හඳුන්වන නාම පුවරු ගලවපු සියලු දෙනා ගැන නීතිය ක්‍රියාත්මකයි… ප්‍රශ්නය විසඳීම රජයට භාර දෙන්න… සංස්කෘතික කටයුතු ඇමති රටෙන් ඉල්ලයි!

Next Post

අරුණ කතෘ CID කැඳවීමට එරෙහිව නීතිමය පියවර?

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.