රජයේ කාර්යාල සේවිකාවන්ට සාරිය වෙනුවට පහසු ඇඳුමක් සිය කාර්යාල වේලාවන් තුළදී හැඳීමට අදාළව චක්‍රෙල්ඛයක් නිකුත් කිරීම පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වයට හේතු වි ඇත්තේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ සාරි මිල දැඩි ලෙස ඉහළ යාම මත රජයේ කාර්යාල නිලධාරිනියන් විසින් කරන ලද කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර වශයෙන් බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
බොහෝ රජයේ ආයතනවල නිලධාරිනියන්ට සාරියෙන් සැරසී කාර්යාලවලට පැමිණෙන ලෙසට උපදෙස් ලැබී ඇති අතර කාන්තා නිලධාරීන් මේ වනවිට පෙන්වා දී ඇත්තේ සාරියෙන් සැරසීමේදී ඊට අදාළ ආභරණ ආයිත්තම් සහ පාවහන්වලින්ද සැරසිය යුතු වන අතර අද පවතින වෙළෙඳපොළ මිල සහ එම අයිත්තම් හිඟය හේතුවෙන් එය සිදු කිරීම අසීරු වි ඇති බවය.
මේ තත්ත්ව සලකා ඉදිරියෙදී රජයේ සේවයේ නිරත කාන්තාවන්ට තමන්ට පහසු ඇඳුමකින් සැරසී කාර්යාලවලට පැමිණිය හැකි පරිදි චක්‍රෙල්ඛයක් නිකුත් කිරීම පිලබඳව අවධානය යොමුව තිබේ.







