කීර්ති ප්‍රනාන්දු –
මෙරට වර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් හතලිස්පන්දහසක්ම (45000) දරුවන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් සී කිතුල්වත්ත පවසතයි.
ඒ අතරින් ළමයින් 20000ක් වයස අවරුදු 10ට අඩු බව ද ඔහු පෙන්වා දෙයි.
එසේම කොවිඩ් ආසාදිත ළමුන් 14ක් මේ වනවිට මිය ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මේ වනවිට ළමා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්කළ වාට්ටු පිරී ගොස් ඇති බවත් මේ වනවිට දරුවන් 150 දෙනෙක් පමණ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වෛද්‍ය කිතුල්වත්ත කියයි.