අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛන හංගන සාහසික කුමන්ත්‍රණය මුසම්මීල් හෙළි කරයි…

අගෝස් 05 වැනිදා සිට රටේ වාර්තාවන ආසාදිතයන් 5000ට වැඩියි... දත්ත හංගන්නෙ විශේෂඥ වෛද්‍යරු 02ක් සහ ඉහළ හමුදා නිලධාරියෙක්...

by editor
අගෝස්තු 13, 2021
in පුවත්
mussammil
Share on FacebookShare on Twitter

පසුගිය 11 වැනිදා පමණක් පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ජන් පරීක්ෂණවලින් රටේ වාර්තා වුණු  කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය  5414ක්   බව එම්.එස්.එම්. මුසාමීල් හෙළිදරවු කරයි. ඔහු මේ හෙලිදරවුව කරන්නේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය අගොස්තු මස 05 වැනිදා සිට අඛණ්ඩව කොවිඩ් ආසාදිතයන් 5000කට වඩා රට තුළ  වාර්තා වී යැයි ඔහු සංඛ්‍යා ලේඛණ සහිතව පවසයි..

නමුත් පසුගිය 11 වැනිදා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේ  මුළු රටේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 2890 ක් ලෙසය.

ප්‍රවෘත්ති නිවේදනය
අගෝස්තු 11 දා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළ ආසාදිතයන් ගණන

පසුගිය 05 වැනිදා සිට 10 වෙනිදා දක්වාම රට තුළින් කොවිඩ් ආසාදිතයන් 5000කට වඩා වැඩියෙන් වාර්තා වු බවත්   මන්ත්‍රීවරයා කීවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

නමුත් ඒ කාලය පුරාම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමස්ථ කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා කලේ ආසාදිතයන් තුන්දහසකට අඩුවෙනි.

ඒ අගෝස්තු 05  ආසාදිතයන් 2269, අගෝස්තු 6 වැනිදා 2792ක්, අගෝස්තු 7 වැනිදා 2796ක්, අගෝස්තු 8 වැනිදා 2956ක්, අගෝස්තු 09 දා 2938ක් හා අගෝස්තු 10 2904ක් වශයෙනි.

මන්ත්‍රීවරයා කීවේ පසුගිය 10 වැනිදා ගම්පහ පැවති කොවිඩ්  කමිටු රැස්වීමේදී හෙළි දරවු වූයේ දින 09ක් තුළ කොවිඩ් ආසාදිතයන් 12555ක් බවත් ඒ අනුව ගම්පහින් පමණක් හමුවන දෛනික ආසාදිතයන් සංඛ්‍යාවේ සාමාන්‍ය 1395ක් බවත්ය.

ඒ අතුරින් 4000කට වැඩි  ප්‍රමාණයක් රෝහල්ගත වූ බව කියන මන්ත්‍රීවරයා මේ කාලය තුළම ගම්පහින් වාර්තා වූ ආසාදිතයන් ගණන තුන්සිය ගණනින් වාර්තා කර ඇති ආකාරය පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ  ඉහළ හමුදා නිලධාරියෙක්, වසංගත මර්ධන ඒකකයේ  විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් මේ කොවිඩ් දත්ත වෙනස් කිරීමේ තිරශ්චීන මෙහෙයුමක නිරතවන බවය. මේ හමුදා නිලධාරියා කවරෙක් දැයි යුද හමුදාපතිවරයාට සොයා ගත හැකි බවද ඔහු කීවේය.

මේ දත්ත වෙනස් කිරීම නිසා ආසාදිතයන්ට සාපේක්ෂව වාර්තාවන කොවිඩ් මරණ අනුපාතය වෙනස් වී රට ලෝකයෙ ඉදිරියේත් විකෘති වන බව ඔහු පැවසුවේය.

මේ නිසා ජනාධිපතිවරයා ගන්න තීරණ වැරදි වෙනවා මෙන්ම කොවිඩ් මෙහෙයුම් ක්‍රියාවලියේ සමස්ථයත්   බිඳවැටෙන බව මන්ත්‍රීවරයා කීවේය.

ඔහු පැවසුවේ මේ පසුපස විපක්ෂයේ කුමන්ත්‍රණයක් ඇති බවය.  ඔවුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක නොකළහොත් වැරදි දත්ත මත ගන්නා තීන්දු නිසා රට බිහිසුණු අර්බුදයකට ලක්විය හැකි බවත් එම්.එම්. මුසාමීල් පැවසීය.

කෙසේවෙතත් මේ පිළිබඳව සෞඛ්‍ය අංශවලින් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ  දැනට ප්‍රකාශිත චක්‍රලේඛ ප්‍රකාරව කොවිඩ් මරණ ලෙස සැලකෙන්නේ කොවිඩ් නිවුමෝනියාවෙන් සිදුවන මරණ පමණක් බවත්, බෝ නොවන රෝග, හෘදයාබාධ සහිත රොගීන් මිය යන විට කොවිඩ් ආසාදිතව සිටියත් එම මරණ කොවිඩ් මරණ සේ නොසැලකෙන බවය.

මේ වනවිට නිරෝධායනය වන නිවෙස්වලින් පිට සිදුවන ගෘහස්ථ මරණ සඳහා පී.සී.ආර්. පරීක්ෂණ අත්හිටුවා ඇති බවත් කී එම ආරංචි මාර්ග මේ හේතුවෙන් කොවිඩ් මරණ විය හැකි මරණ ප්‍රමාණයක් සංඛ්‍යාලේඛනවලට හසු නොවී ඇති  බව පැහැදිලි කළේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැන් සංචරණ සීමාව ඉක්මවූ තීන්දුවකට යා යුතුයි…. අගමැතිත් කියයි..

Next Post

60ට වැඩි අයට සයිනෝෆාම් හැර අනෙක් එන්නත් දෙන්නැයි වෛද්‍ය සංගමයෙන් යෝජනාවක්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.