ශ්‍රියානි විජේසිංහ –
දිනකට පියයුරු පිළිකාවන් වැළදුනු කාන්තාවන් 12 ක් මෙරටින් වාර්ත වන බව පිළිකා මර්ධන වැඩසටහන සඳහන් කරයි.
මෙරට පිළිකා රෝගීන්ගෙන් සියයට 26ක්ම පියයුරු පිළිකා රෝගීන්බවත්වසර 2020දී අලුතින් හදුනාගත් පියයුරු පිළිකා රෝගීන් ගණන 5329ක් වන අරත ඉන් 147්ක් පිරිම පුද්ගලයින් බවත් පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉෂානි ප්‍රනාන්දු පැවසුවාය.
වසර 1985දී පියයුරු පිළිකාවට ගොදුරු වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට 9.4ක් වුවද මේ වන විට එම අගය 38.8ක් දක්වා වර්ධනය වී ඇතැයි ඇය පෙන්වාදේ.
පියයුරු පිළිකාව සෑදීම සඳහා බලපානු ලබන අවදානම් සාධක බොහෝමයක්ම වෙනස් කළ නොහැකි ඒවා බවත් ඉතා සුළු ප්‍රමාණයන් පහසුවෙන් වෙනස් කළ හැකි එවා බවත් පෙන්වා දෙන අධ්‍යක්ෂවරිය වෙනස් කළ හැකි සාධකයන් වන ආහාර රටාවන්, අධික ස්ථුලභාතාවය, ව්‍යායාම අඩුකම හා මානසික ආතතිය වැනි සාධක වෙනස් කර ගැනීමට කටයුතු කළ යුතුයැයිද ඇය පෙන්වාදේ
.එසේම වෙනස් කළ නොහැකි සාධකයන් ලෙස ඇය පෙන්වා දෙන්නේ කාන්තාවක් වීම, අඩුවයසින් වැඩිවියට පත්විම, දරුවන් හදා නොගැනීම, ජානමය හේතු, අවුරුදු 55ට වැඩියෙන් ඔසප් වීම් සිදුවීම වැනි කරුණු ය.
කෙසේ නමුත් අප රට තුළ සියලුම කාන්තාවන්ට පියයුරු පරික්ෂාවන් සඳහා ක්‍රියාත්මක මැමෝගැපි පරික්ෂණයන් සඳහා අවශ්‍ය පහසුකම් සහ පුහුණු කාර්ය මණ්ඩලය නොමැති වීම රෝගය කල්ඇතිව හදුනා ගැනීමට නොහැකි වීම බරපතල ගැටලුවක් බැවින් හැකි පමණ සෑම කාන්තාවක්ම තම පියයුරු ස්වයංපරික්ෂාවකට ලක්කර ගත යුතු යැයිද ඇය අවදාරණය කරයි.