සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ අපලය බැසිල්… ඔහු ටික කාලෙකට රාජ්‍ය පාලනයෙන් ඉවත් විය යුතුයි… කුලපති ආනන්ද හිමි!

by editor
මාර්තු 15, 2022
in පුවත්
Muruththettuwe-Ananda
Share on FacebookShare on Twitter

රටට මේ වනවිට රටට ඇති විශාලම අපලය බැසිල් රාජපක්ෂ බව ජනතාවම පවසන මේ චෝදනාවලට ලක් නොවී හය මසක කාලයක් හෝ රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත් වී සිටීම සුදුසු බවත් මේ රජය බලයට පත් කිරීම වෙනුවෙන් පුරෝගාමී දේශපාලනයක් කළ අභයාරාමාධිපති, කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ කියන්නේ මේ කියන දේ නොඅසන ආණ්ඩුව නිසා ආණ්ඩුව පත් කරන අයට මෙන්ම ආණ්ඩුවේ ඉන්න අයටත් හෙණම වැදියන් යැයි මිනිසුන් පවසන බවය.  එවැනි ආණ්ඩුවක් හදා ගන්නට බැරිනම් පළවා හරින්නට  තමන් නායකත්වය දීමට සූදානම් බවත් ඒ සඳහා මේ රජය පත් කිරීමට එක් වූ හැට නව ලක්ෂයට ආරාධනා කරන බවත්  උන්වහන්සේ කියති.

ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආනන්ද හිමියන් කීවේ මෙසේය.

“වර්තමාන රජය බලයට පත් කරනකොට මේ රටේ ජනතාවට තිබිච්චි සතුට අසීමිතයි. සතුට කොච්චර ද කියනවා නම් පේදුරු තුඩුවෙ සිට දෙවුන්දර තුඩුව දක්වා ජනතාව මහපාරෙ රබන් ගැහුවා. කිරිබත් උයමින් අසීමිත සතුටක් පෙන්නුවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කණගාටුයි කියන්න. ඒ සතුට අද ඉවරයි. මේ ආණඩුව ගෙනෙන්න උදව් කළ එවුන්ටත් ගහපිය හෙණ ගහපිය කියලා මිනිස්සු කියනවා. ආණ්ඩුවෙ ඉන්න උන්ටත්  ගහපිය හෙණ කියනවා. අද අපට උදේ ඉඳන් අහන්න තියෙන්නෙ මේ වචන.“

“කිසිම කාලෙක නැති විදිහෙ  ව්‍යසනයකට රට පත් වෙලා. තියන මිනිහටවත් කන්න විදිහක් නෑ. නැති මිනිහට කොහොමත් නෑ.“

“අද මට අකමැත්තෙන් හරි කියන්න වෙලා තියනවා… බැසිල් මහත්තයා මුදල් ඇමති වුනාම තියන දේ නැතිවෙලා කියලා මිනිස්සු කියනවා. අපි දන්නෙ නෑ…. ඇත්ත ද බොරුද කියලා.“

“එහෙමනම් බැසිල් මහත්තයො…. ඔබතුමා මේ මිනිස්සුන්ගෙ චෝදනාවලින් නිදහස් වෙන්න…. පුලුවන්කමක් තියනවා නම් හය මාසයක්වත් රාජ්‍ය පාලනයෙන් ඈත් වෙලා ඉන්න මේ මිනිස්සු කියන එක ඇත්තනම්…. අද ඔබතුමා තමයි ලොකුම අපලය කියලා මිනිස්සු කියන්නෙ… ඔබතුමාගේ සහෝදරයාගෙ සෞභාග්‍යයෙ දැක්ම සම්පූර්ණ කරන්න සහයෝගය දෙන්න…“

“ අද අපි කියනවා මේ ආණ්ඩුව පත් කරන්න මැදිහත්වුණු  හැට නවලක්ෂයම අපි එක්ක එකතු වෙන්න. අපි ලෑස්තියි ආණ්ඩුව හදන්න හෝ ආණ්ඩුව ගෙදර යවන්න.. අඩුපාඩු නිවැරදි කරගන්න බැරිනම් ආණ්ඩුව ගෙදර යවන්න පැවිදි හඬ ලෑස්තියි.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලන පක්ෂ ගණනක් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට  සැරසෙයි!

Next Post

සර්ව පාක්ෂික සමුලුවේ දී ජාතික ආණ්ඩු ගැන කතා කරනවා නම් අපිත් සමුළුවට නෑ…. ශ්‍රී.ල.නි.ප.ය කියයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.