ශ්‍රියානි විජේසිංහ –
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 23ක් දියවැඩියා රෝගයෙන් පෙලෙන බව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අන්තරාසර්ග රෝග පිලිබඳ විශේෂඥ දිමුතු මුතුකුඩ සඳහන් කළාය.
මීට වසර කීපයක් පෙර මැදිවයසේ පුද්ලයින් අතර පැවති දියවැඩියා රෝගය මේ වන විට වයස අවුරුදු 15 – 30 අතර තරුණ කණ්ඩායම් අතර පැතිර පවතින බවත් මෙය ඉතා භයානක තත්ත්වක් බවත් ඇය පෙන්වාදේ.
ජනගහනයෙන් සියයට 95ට වැඩි ප්‍රමාණයකට වැලඳි ඇත්තේ දෙවන කාණ්ඩයේ දියවැඩියාව වන අතර මෙය තවදුරටත් වැඩිවෙමින් පවතිනු ඇතැයි ඇය අනතුරු අගවා සිටියි.
රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පාලනය කිරිමට අවශ්‍ය ඉන්සියුලින් හොමෝනයට ස්ථූලතාවයෙන් ප්‍රතිරෝධයක ගොඩනැගෙන බව සොයා ගැනීම හේතුවෙන් ස්ථුලතාවය පාලන කර ගැනීමට ඉතාමත් වැදගත් බව ඇය පෙන්වාදේ.
මේ වන විට ලොව පුරා මිලියන 500ක දියවැඩියා රෝගීන් බවට පත්ව ඇති බවත් මින් සියයට 50ක දෙනා තමන්ට දියවැඩියා රෝගියෙකු බව නොදැනීම විශේෂත්වයක් බවත් විශේෂඥවරිය පවසා සිටියි.
රෝගීන්ගෙන් සියයට 75ක් දෙනා ජීවත් වන්නේ දකුනු ආසියානු රටවල බවත් පෙන්වාදෙන විශේෂඥ වෛද්‍ය මුතුකුඩ ලොව පුරා සෑම තත්පර 10කට වරක් දියවැඩියා රෝගියෙකුට පාදයක් අහිමි වන බවද ඇය පෙන්වාදේ.
නොවැම්බර් 14 වනදාට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.







