බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රටවල් ගණනාවක් ෆයිසර් කොරෝනා එන්නත ඇනවුම් කරද්දී ලංකාව කරන්නේ මොකක්ද?”

විපක්ෂ නායක මැතිසබෙන් අසයි

by Lanka Sara Editor
දෙසැම්බර් 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එංගලන්තය තම කොරෝනා රෝගීන් සඳහා ලබාදීමට නියමිත 95%ක සාර්ථකත්වයක් පෙන්වන ෆයිසර් බ්‍රියොන්ටෙක් එන්නත මෙරට කොවිඩ් ආසාදිතයින් වෙත ලබාදෙනවාද එසේනම් එම වැඩපිළිවෙළ හෝ නොඑසේ නම් මෙරට භාවිත කරන ඖෂධය කුමක්ද යන්න පිළිබඳ ප්‍රකාශයට පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (3) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී කළ කතාව පහත දැක්වේ.

“ඊයේ දවසේ සමගි ජන බලවේගය අපේ තරුණ මන්ත්‍රීවරු කණ්ඩායමක් මහර බන්ධනාගාරයට ගියා. එක්දහස් අටසිය හැත්තෑ හතේ බන්ධනාගාර ආඥා පනත ගැන අපි විශේෂයෙන්ම මේ මොහොතේ අවබෝධ කරගත යුතු වෙනවා.

ඒක 66 වෙනි වගන්තිය 68 වැනි වගන්තිය, 77 වගන්තියේ 4 වගන්තිය වගේ වගන්ති දිහා බැලුවහම බන්ධනාගාරයක බන්ධනාගාරගතව සිටින අයට සලකන ආකාරය පිළිබඳව පැහැදිලිව තිබෙනවා .ඔය ආඥා පනතේ වගන්ති රාශියක් පහුගිය දා සිදු වීම තුළින් උල්ලංඝනය වෙලා තිබෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දැන් ගරු කතානායකතුමනි, මේ සභාවේ ප්‍රකාශ වුණා, මහර සිද්ධිය අදිසි හස්තයක් ක්‍රියාත්මක කළාය කියලා. තවත් සමහරෙක් පුද්ගලිකව ම හොයලා බලලා රිවස්  පෙත්තක් නිසා ලේ දකින්න තියෙන ආසාව නිසා මෙහෙම විනාශයක් උණා කියලා කීවා.තවත් සමහරු කිව්වා ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් කරන ක්‍රියාවලියක් කියලා.

ඇත්ත වශයෙන්ම මේක පරිපාලනයේ  බරපතළ අඩුපාඩුවක්. ඒ රැඳවියන් ඉල්ලලා තිබෙන්නේ PCR පරීක්ෂණ හරහා තමන්ගේ කොරෝනා  තත්වය පරික්ෂා කරන්න කියලා.කොරෝනා  රෙගුලාසි උල්ලංඝනය කරලා වැලිකඩින් රැඳවියන් එකසිය විස්සක් මහරට ගෙනිහිල්ලා 183ක කොරෝනා පොකුරක් නිර්මාණය වීම ගැන මේ සභාව දැනුවත් කරලා නෑ.

රැඳවියන්ගේ සෞඛ්‍ය භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා වියත් මගේ සාමාජිකයෙක්.ඔහු තමයි වැලිකඩින්  මහරට රැදවියන් යවලා තියෙන්නේ. ඒක තමා සත්‍ය. ඒ නිසයි මේ පොකුරු  නිර්මාණය වුනේ.ඒ තුලින් තමයි මේ ඛේදවාචකය නිර්මාණය  වුනේ.

මේ ගැන කමිටුවක් පත් කරනවා කියපු අලි සබ්රි මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා . ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මේ සිදු වුණු ඛේදවාචකය සුලමුල සුල මුල හොයන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.ඒ වෙනුවෙන් අපි බලපෑම් කරනවා.

ඒක මම පැහැදිලිව කියන්න ඕන. මිනීමැරුම් සංස්කෘතියක්, රාජ්‍ය  ත්‍රස්තවාදයක්, ඝාතන  සංස්කෘතියක් මේ රට තුල නිර්මාණය කරන්නේ කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නැහැ .නීතියේ ආධිපත්‍යය කියලා එකක් තිබෙනවා.එය  අනුගමනය කරන්නට සියලු දෙනාම කැපවිය යුතුයි .

රිවස් පෙති ගැන කතා කරලා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියලා මේ සිදුවීමෙන් රට නොමඟ යවන්නට ගන්න උත්සාහයට අපි අපේ අප්‍රසාදය පළකරනවා.

තවත් විශේෂ කාරණයක් මේ මොහොතේ මතක් කරන්න කැමතියි .

ඊයේ දිනය ප්‍රකාශයට පත්වුණා ෆයිසර් බ්‍රියොන්ටෙක් කියන එන්නත එක්සත් රාජධානිය පිළි අරගෙන ඉන් සියයට 95 ක් සාර්ථකත්වයක් තිබෙන බව වටහා ගෙන තිබෙනවා.ඒ නිසා ඒ අය එන්නත් මිලියන හතළිහක් ඇනවුම් කරලා තිබෙනවා, තමන්ගේ වැසියන් වෙනුවෙන්.ඔවුන් මේ එන්නත ලබා දීම ලබන සතියේ ඉඳන් ක්‍රියාත්මක කරනවා .ලබන සතියේ එංගලන්තයේ පුරවැසියන් ලක්ෂ 8කට එකේ එන්නත ලබා දෙනවා .ලබා දෙන පිළිවෙලත් ඔවුන් සදහන් කරලා තිබෙනවා.

එක්සත් රාජධානිය එහෙම කරනකොට අපේ රටේ සූදානම් කමක්ද කියලා මම අහනවා.අපේ රටේ පුරවැසි පරපුරට  ඒ එන්නත දෙන්නේ කවදාද? ඇණවුම් කරන්නේ කවදාද . ලෝකේ හැම රටක්ම එන්නත් ඇනවුම් කරලා අනුමත කරලා තමන්ගේ පුරවැසියන් වෙනුවෙන් සුදානම් කරලා තිබෙනවා .ඒ විතරක් නෙවෙයි, ඒව ගෙනත් ගබඩා කරන පහසුකම් පවා හදලා තිබෙනවා. නමුත් අපේ රටේ ජනතාවට එන්නත ලබාදීමේ කරුණා කාරණා මේ උත්තරීතර සභාවට දැනුවත් කරන්න කියලා ඉල්ලනවා.අපි මේ සත්‍ය තත්ත්වය ඇති තතු දැන ගත යුතු වෙනවා .

කරුණාකරලා අපිට හෝ රටට කියන්න එපා, මුළු ලෝකෙම එන්නත් ඇනවුම් කරල ඉවරයි. අපිට ගෙන්නන්න වෙන්නේ ලබන අවුරුද්දේ අග කියලා. අපි රජයෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ අපේ රටට කවදද එන්නත ගේන්නේ? ලැබෙන්නේ මොන එන්නත ද? ලැබෙන්නේ කොහොමද? ඒවා ප්‍රවාහනය කරන්නේ කොහොමද ? ඒව ගබඩා කරන්නේ කොහොමද ?

මේවා ගැන අපිට උත්තර දෙන්න.

කරුණු කාරණා කිසිවක් ගැන අපේ රටේ ජනතාවවත්,මේ සභාවවත් දැනුවත් කරලා නැහැ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ ගුඩ්බායි අංජලී “- මනුස්සකම පිරුණු මිනිස්සුන් ගත් හදවත් සසල කළ තීන්දුව

Next Post

රුසියානු යුද නෞකා පිටත් වෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.