බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට නොකී ත්‍රී මලේ  තෙල් ටැංකි ගනුදෙණුව ගැන බීබීසී හෙළිදරව්ව!

by editor
දෙසැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බී.බී.සී –

රටේ පවතින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය මේ වන විට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීමට   නව සමාගමක් යටතට පත් කිරීමට කටයුතු කරමින් සිටියි.

‘ට්‍රින්කොමලී පෙට්රෝලියම් ටර්මිනල්ස් ලිමිටඩ්‘ නමැති එම සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව පිහිටුවීමට යෝජනා වී ඇත්තේ ලංකා IOC සමාගම සමග ඒකාබද්ධව ය.

එහි 49%ක කොටස්වල අයිතිය ලංකා IOC සමාගම වෙත ලබා දීමට යෝජනා වී තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසා සිටියේ දැනට මෙම යෝජනාව සාකච්ඡා මට්ටමේ පවතින බව ය. ඉදිරි සතිය වන විට මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙනු ඇතැ යි ඔහු කියා සිටියේ ය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ත්‍රිකුණාමලය වරායට ආසන්නව ඇති තෙල් ටැංකි සංකීර්ණය මේ වන විට ටැංකි 99 කින් සමන්විත ය. 2003 වසරේ එවක රජය විසින් ඇතිකරගත් ගිවිසුමක් මත එම ටැංකි 99යම ලංකා IOC සමගට බදු දී පැවරු අතර මේ වන විට ඉන් 14ක මෙහෙයුම් කටයුතු ලංකා IOC සමාගම යටතේ සිදුවෙයි.

තෙල් ටැංකි සංකීර්ණය පිහිටි භූමියේ විශාලත්වය අක්කර 500කි.

අක්කර 500ක භූමි භාගයකින් සමන්විත ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ කොටස් නව සමාගම වෙත ලබාදීමට යෝජනා වී ඇත්තේ කුමන කොන්දේසි යටතේ ද, එම සමාගමට ලංකා IOC සමාගම කොපමණ මුදලක් අයෝජනය කරන්නේදැ යි මෙතෙක් අනාවරණයකර නැත.

දශක ගනනාවක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති ව්‍යාපෘතියක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ දිගුකාලීන ගිවිසුමකට මාසයක් ඇතුළත අත්සන් කරන බවට ඉන්දියාවේ හින්දු පුවත්පතට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසුබවට එම පුවත්පත වාර්තා කරයි.

“අපි මේ ගැන මාස 16ක් තිස්සේ සාකච්ඡා කළා, දැන් අපි ඉන්දියාව සමඟ ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ කොන්දේසි අවසන් කිරීමට ඉතා ආසන්නයි. අපි මාසයක් ඇතුළත ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා,” බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉරිදා ‘ද හින්දු’ පුවත්පතට පැවසීය.

“තෙල් ටැංකි සංකීර්ණය දැනටමත් ඉන්දියාව සතු යි”

ත්‍රිකුණාමලය තෙල් ටැංකි මේ වන විටත් ඉන්දියාව සතු වී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් මීට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කරනු ලැබීය.

1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ සහ 2003 ගිවිසුම යටතේ මෙම තෙල් ටැංකි ඉන්දියාවට භාරදී අවසන් බව ද ඔහු කියා සිටියේ ය.

තමන් උත්සහ කරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණය යළිත් මෙරටට ලබා ගැනීමට පමණක් බව ද උදය ගම්මන්පිළ අමාත්‍යවරයා අදාල ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවධාරණය කළේ ය.

ඒ කතාව බොරු – ඩොලර් මිලියන 500ක් හොයාගන්න කරන ගනුදෙණුවක්

කෙසේ නමුත්, ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා මෙම තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති ප්‍රකාශ සියල්ල මේ වන විට නිෂේධනය වී ඇති බව යි.

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා මේ සතිය තුළ මෙම යෝජනාව අනුමත කෙරෙනු ඇතැ යි ද ඔහු කියා සිටියේ ය.

“මෙය ඉතා බරපතල යි. දැන් සේවකයින්ට බුදියන් ඉන්න බැහැනේ. ඛණිජ තෙල්, වරාය, විදුලිබල සේවයකයින්ට බුදියන් ඉන්න බැහැ. දැන් අවධිවෙන්න ඕනේ,” ඔහු ප්‍රකාශ කළේ ය.

“මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් ශතයක්වත් අපිට හම්බවෙන්නේ නැහැ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම මඟින් වාර්ෂිකව මෙරටට ලැබෙන ඩොලර් ලක්ෂය ලැබෙන්නෙත් නැහැ.”

“මේ ජොයින්ට් වෙන්චර් එකේ දී CPC එකට ගිහින් එතන මුකුත් කරන්න බැහැ,” ඔහු වැඩිදුරත් සඳහන් කළේ ය.

ටැංකි 16ක් අලුත්වැඩියාවට යන්නෙ මිලියන 50යි

IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 84 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතුව තිබෙන බව විශේෂඥයින් පවසන අතර ටැංකි 16 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසයි .

රුපියල් මිලියන 50 ක පමණ මුදලක් ඒ සඳහා වැය වනු ඇති බව පවසන වෘත්තීය සමිති, ඉන් අනතුරුව ක්‍රමානුකූලව අනෙක් ටැංකි අලුත්වැඩියා කළ හැකි බව බීබීසී සිංහල සේවයට පැවසීය.

එබැවින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීම පිණිස ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට අත්සන් තැබීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු ආර්ථික වාසියක් අත්නොවන බව වෘත්තීය සමිතිවල මතය වී ඇත.

එම ටැංකිවල අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරන මෙන් ඉල්ලා සිටින වෘත්තීය සමිති, එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන ලාභදායී ව්‍යාපාරයක් බවට පත්කිරීමට තමන්ට හැකියාව තිබෙන බව අවධාරණය කරයි.

යළි පවරා ගැනීම

විවිධ අමාත්‍යවරුන් පවසා සිටියේ මෙම තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය නවත  ලංකා ඛනිජතෙල් සංස්ථාව වෙත පවරාගන්නා බවයි. එහෙත් මෙතෙක් එය සිදු කිරීමට කිසිවෙකුට හැකියාව ලැබී නැත.

මෙම ගණුදෙනුව පිළිබඳව නම සඳහන් කිරීමට අකමැති නිලධාරියකු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තෙල් ටැංකි 99න් 24ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පැවරීමට මෙම නව ගිවිසුමෙන් කටයුතු කරන අතර ඉතිරි ටැංකි 66 මෙම නව සමගම හරහා සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදේශ සංචිත ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ යන හැටි මහ බැංකු අධිපති කියයි!

Next Post

බස් ගාස්තු වැඩිකිරීමට පෙර බස් සංගම් ඇමති සමග අවසන් සාකච්ඡාවක!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.