- එන්නෙ රංචු පිටින්….
- වත්තකට පැන්නම දවසකට පොල් ගෙඩි 200ක් 300ක් විනාශ කරනවා…
- කෙසෙල් ගස් වට්ටන්නේ ගොබේ කාලා…
- අලින්ට නම් වැටවල් ගැහුවෑකි… ඒ්ත් රිලවුන්ට…?
රංචු ලෙසින් පැමිණෙන වඳුරන් දිනකට පොල් ගෙඩි දෙතුන් සියයක් විනාශ කර දැමීම හේතුවෙන් අඹන්පොළ කාසිකොටේ ගොවීහු අසරණ වී සිටිති.
ප්රාදේශීය ලේකම් කාර්යාලය , වනජීවි නිලධාරීන් ට කොතෙක් පැමිණිලි කළද එයින් කිසිදු සෙතක් මේ වනතුරු උදා වී නොමැති බවද ගොවීහු පවසති.
පොල්ගස්වල දලු ගෙඩි කඩා හානි කිරීම නිසා අපේක්ෂිත ආදායම නොලැබෙන අතර පොල් මිල ඉහල යාමට එයද එක් හේතුව ක් වී ඇති බව පැවසිනි.
” වත්තෙ පිටියෙ ගහක් කොලක් හිටව ගන්නෙ කාටවත් කරදරයක් නොකර කාල ඇඳල ඉන්න ඕන නිසා… මේ පැළ ලොකු කරගන්න අපි නොවිඳිනා දුක් විඳිනවා…අතේ කරගැට එනකන් වතුර අදිනවා…..ඒත් අවසානෙ අපෙ බලාපොරොත්තු සේරම සුන් වෙනවා….රෑට අලි කරදර…දවල්ට රිලවුන්ගෙන් වඳුරන්ගෙන් කරදර…….පොල් ගස් යට කාලා දාල තියෙන ඇට්ටි මං එකතු කෙරුවෙ අඬ අඬා…….අපතෙ යන්නෙ අපේ මහන්සිය…..මේ විනාශ වෙන කුරුම්බා ටික රැකගත්ත නම් ගමකට පොල් කන්න තිබුනා……”යැයි දෑසේ කඳුළු පිස දමමින් කාසිකොටේ බංඩාර දිසානායක මහතා Lankasara ට පැවසුවේ ය
මේ ප්රශ්න ට විසඳුමක් ලෙස ප්රාදේශීය ලේකම් කාර්යාලය හරහා රබර් උණ්ඩ සහිත තුවක්කු ලබා දීම සුදුසු බවද බණ්ඩාර දිසානායක මහතා පැවසුවේ ය.
මේ පිළිබඳව අඹන්පොළ ප්රාදේශීය ලේකම් එච්.එම්.සී.ජේ .හේරත් lankasara අපි විමසා බැලුවෙමු….
“මේ ප්රශ්නයට විසඳුම් ලෙස අපි වායු රයිපල් ලබා දීම මීට පෙර සිදු කලා..ඒවායේ වටිනාකමින් අඩක් දැරුවෙ රජය මඟින්…ග්රාම නිලධාරීන් හරහා අපෙන් ඉල්ලීමක් කලොත් දිස්ත්රික් ලේකම් කාර්යාලය ට යොමුකර විසඳුමක් ලබා දිය හැකියි….”යනුවෙන් ප්රාදේශීය ලේකම් තුමිය පැවසුවාය……
ගල්ගමුව අඩවි ආරක්ෂක ආර්.බී.අබේසේකර මහතා ගෙන් මේ ගැන විමසීමේදී …”,මේක අද ලොකු ගැටලුව ක් තමයි ..සත්තුන්ට ඉන්න කැලෑ නෑ ..කන්න ගහක් කොළක් ගෙඩියක් නෑ ..උන් එතකොට ගම් වදිනවා තමයි …ඒ නිසා මේක ට පුළුල් විසඳුමක් ගත යුතුව තියෙනවා ……තාවකාලික පිළියම්..ප්රතිඵල රහිතයි…යනුවෙන් පැවසුවේ .