ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජය ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගන්න යන්නේ ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව… රවී කරුණානායක කියයි!

by editor
ඔක්තෝබර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජය ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට සූදානම් වන බවත් එය නියමිත ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කිරීමට යන බවටත් හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක  පවසයි.

රවී කරුණානායක මේ බව කියා සිටියේ ඊයේ (29) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මීට මාස 3කට පමණ පෙර   රජය කිරීමට සූදානම් වන මේ මිලදී ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද තමන් ප්‍රශ්න කළ බව පැවසූ රවී කරුණානායක    මාධ්‍ය හමුවේදී මෙසේ ද අදහස් දැක්වීය.

‘‘පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් එක්ක ඩබල් කැබ් 2000ක් ගේන්න ඕන කියලා ආණ්ඩුවේ යෝජනාවක් ආවා. ඒ වෙලාවේ මම කිව්වා මන්ත්‍රිවරුන්ට වාහන අවශ්‍ය නෑ. නමුත් ඔබ තුමාලාට මේ වාහන වෙන අයට දෙන්න ඕන නම් මන්ත්‍රිවරුන්ට දෙනවා කියලා ගේන්න එපා කියාල. ඊට පස්සේ ඒක යට ගියා. නමුත් ඊයේ පෙරේදා මේක ආයිත් මතු වුණා. ඩබල් කැබ් 1775ක් දින 12ක් ඇතුළත ටෙන්ඩර් කරලා ගන්න තමයි හදන්නේ. 2000 ක් ගේන්න ගිය එක 1775 වුණේ මන්ත්‍රිවරු 225 අඩු කරලා.”

“මේ වාහන ටික ගේන්න ලංකා රජයට රු බිලියන 42.8 ක් වියදම් වෙනවා.”

RelatedPosts

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

“අනිත් එක තමයි මේ තරම් විශාල මුදලක් වැය වෙන ජාත්‍යන්තර ටෙන්ඩරයට දීලා තියෙන්නේ දවස් 12ක් විතරයි. නමුත් නියම ක්‍රමවේදයට අනුව නම් දවස් 42ක් දෙන්න ඕන. මේ ටෙන්ඩර් එකට ඉල්ලුම් කරන්න නම් ආයතනයකට වාර්ෂික පිරිවැටුම බිලියන 10ක් අවමය තිබිය යුතු යි. ඒ වගේම වාහන සේවා කරන ආයතන දිවයින පුරාම තිබිය යුතුයි. එන්ජින් ධාරිතාව 2500 cc විය යුතුයි. මෙහෙම බැලුවාම එක ආයතනයකට විතරයි ටෙන්ඩරයට ඉල්ලන්න පුළුවන් කම තියෙන්නේ.”

“අනිත් දේ තමයි, ආණ්ඩුවට මේ වාහන දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම වුණොත් එක වාහනයකට වැය වෙන්නේ රු. මිලියන 16.5ක් විතරයි. නමුත් ගන්න යන්නේ එකක් මිලියන 24.5 ගානේ. දේශීය වශයෙන් ගත්තොත් ලාභෙ මිලියන 8යි. 3ට 1ක් අඩුයි.”

“මේ වාහන කාගෙන් ගත්තත් ආණ්ඩුව මේ කරන්න යන්නේ අපරාධයක්. ඇයි තව දුරටත් ලංකාවට ඉන්ධනවලින් දුවන වාහන ගෙන්වන්නේ? මේ වාහනයක් ඉන්ධන ලීටරයකට කි. මී. 6ක් 7ක් දුවනවා නම්, අවුරුද්දකට තෙල්වලට විතරක් මිලියන 8ක් වියදම් වෙනවා. මේ නාස්ති කරන්නේ අපේ විදේශ විනිමය. අපි විදුලියෙන් දුවන වාහන ගෙනාවනම් අපිට කි.මී. ගෙවන්න වෙන්නේ රු. 4ක් හෝ 5ක්. එහෙම වුණා නම් අපිට බිලියන 8ක් ඉතුරු වෙනවා. එතකොට වාහනේ අවුරුදු 5ක් පාවිච්චි කරනවා නම් අවුරුදු පහටම අපට බිලියන 40ක් ඉතිරි කරන්න පුළුවන්. බිලියන 40ක් කියන්නේ සුළුපටු ගාණක් නෙවෙයි. අපිට තවත් මහවැලියක් හදන්න පුළුවන්.”

“ලංකා රජයට මේ වෙනකොටත් වාහන 87000ක් තියෙනවා. නමුත් ලෝකයේ දියුණු රටක් වන ඔස්ට්‍රේලියාවේ රජයට තියෙන්නේ වාහන 7800ක් විතරයි.”

“වාහන ගේන්නම ඕන නම් මම කියන්නේ ඩීසල් වාහන ගේන්න එපා ඉලෙක්ට්‍රික් වාහන ගේන්න. එතකොට මම කිව්වා වගේ ඉන්ධනවලින් අවුරුද්දකට බිලියන 8කුත් වාහනවලට වියදම් කරන මුදලෙන් බිලියන 16කුත් ඉතුරු කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් වාහන ගෙනාවොත් ඒවා චාජ් කරන්න තැන් නෑ කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ඉතිරිවන මුදලින් ලංකාව පුරාම චාර්ජ් කරන සෙන්ටර් හදන්න පුළුවන්. ඒක මුළු රට වෙනුවෙන්ම කරන ආයෝජනයක්.‘‘

Tags: නවතම
Share69Tweet43
Previous Post

විෂ මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම තුරන් කරන රටම එකට ජාතික  වැඩසටනේ සමාරම්භක දිනය අද!

Next Post

හන්තාන කසිප්පු… දැවැන්ත ස්කාගාරයක් වටලා නුවරටම කසිප්පු බෙදුව ජාවාරමුන් අත් අඩංගුවට ගනී…

Related Posts

පුවත්

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026
පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…

ජූනි 28, 2026

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රාජ්‍ය වාහන  සංචිතයේ අඩකට වඩා අවුරුදු 15කට වඩා පැරණියි… නැතිනම් ධාවන තත්ත්වයේ නෑ…
  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.