ශ්‍රියානි විජේසිංහ –
රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ඖෂධ පිටතින් ලිවීමට නතර කිරිමත් සමඟ ඖෂධ අලෙවි නියෝජිතයින් රෝහල්වලට පැමිණීම නවතා දමා ඇතැයි වාර්තාවේ.
ඒ වෙනුවට ඔවුන් දිවයින පුරා පිහිටි ෆාමසි හිමිකරුවන්ව සහ එහි සේවය කරන ඖෂධවේදීන්ව ඉල්ලක කර ගනිමින් ඔවුන්ගේ ඖෂධ ප්‍රචාරක වැඩ සටහන් ක්‍රියාත්මක කර ඇති බවද වාර්තාවේ.
මේ අනුව ෆාමසිවල සේවය කරන ඖෂධවේදීන්ට සහ ෆාමසි හිමිකරුවන්ට විශාල වශයෙන් දිරිගැන්වීම් ලබා දිමට ඖෂධ නියෝජිතයින් කටයුතු කරමින් පවතින බවත් දැනගන්නට ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.
පිටතින් මිලදි ගැනිමට වෛද්‍යවරුන් ඖෂධ නොලීවද අදාල රෝගයේ ස්භාවය පවසා ෆාමසිවලින් ඖෂධ ලබා ගැනීමට බොහෝ රෝගීන් පෙළඹී සිටින බවද එම ප්‍රකාශකයා පැවසුවේය.
වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේට ෆාමසිවලින් ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ලංකාසර කල විමසුමකදී රජය් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ නියමිත මිලට වඩා හතර ගුණයක් වැඩියෙන් වෛද්‍ය නිර්දේශයන්ගෙන් තොරව පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගන්නා බවයි.
ඇතැම් විට වෛද්‍යවරු ලබා දුන් පැරණි ඖෂධ වට්ටෝරු නැවත නැවත ෆාමසියට ලබා දී ඖෂධ මිලදී ගැනීමටත් , රෝගය ලක්ෂණ පවසා ෆාමසියෙන් ඖෂධ මිලදී ගැනීමටත් බොහෝ දෙනෙකු පුරුදු වී සිටින බවද වෛද්‍ය ප්‍රභාත් පැවසුවේය.
වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ නිකුත් කිරිම නිතියෙන් තහනම් වුවද මේ වන විට රටපුරාම ෆාමසිවලින් එලෙස ඖෂධ නිකුත් කරන බවද වාර්තාවේ.







