රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවල රෝගීන් ප්‍රමාණය සියයට 40කින් ද රෝහල් ගතවන ප්‍රමාණය සියයට 27කින් ද වැඩි වී ඇතැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
ඔහු පවසන්නේ මේ තත්ත්වයට හේතුව ලෙස තමන් විශ්වාස කරන්නේ පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගත් මධ්‍යම පාන්තික ජනතාවගෙන් බහුතරයකට මේ පවතින ආර්ථික තත්ත්වය උඩ එම මිල ගණන් දරා ගැනීමට නොහැකි වීම මත රජයේ රෝහල් වෙත යොමු වීම බවය.
සෞඛ්‍ය අංශය මෙතෙක් නඩත්තු වූ ප්රතිපාදනය තුළම මේ වැඩිවන රෝගීන් ප්‍රමාණයට සේවා සැපයීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව ඇමතිවරයා කීවේය.