දිනසේන රතුගමගේ –
වත්මන් රජයට එරෙහිව මෙතෙක් උද්ඝෝෂණ හා විරෝධතා දියත් කළේ දෙමළ ජාතික සන්ධානය වූවත් මේ වන විට දකුණේ සිංහල බෞද්ධ බලවේග විසින්ම මේ රජය පලවා හැරිමට කටයුතු කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ඊයේ (18 ) පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයා ප්‍රකාශ කලේ සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ සහයෝගයෙන් පිහිටුවන ලද වත්මන් රජය වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ එම රජය පිහිටුවා ගත් පිරිසටම එපා වී ඇති බවයි.
මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ රජය අසීමිත ලෙස මහජනතාව මර්දනය කරමින් පීඩාවට පත් කරමින් ගෙන යන මුරණ්ඩු පාලනය බව කී සම්පන්ධන් මන්ත්‍රීවරයා දකුණේ සිංහල ජනතාව මෙතරම් පීඩනයකට පත්වන්නේ නම් උතුරේ දෙමළ ජනතාව වසර ගණනාවක සිට මර්ධනය හමු වේ ජීවත් වූ ආකාරය කල්පනා කොට බැලීමට හොඳම කාලය මෙය බවද පැවසීය.
රජයකට එරෙහිව ජනතාව මහපාරට බැසීම එතරම් හොඳ දේශපාලන ලක්ෂණයක් නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ජනතාව සමග රටේ ආගමික නායකයින්ද මහපාරේ සිට ප්‍රශ්න විසඳා ගැනීමට උත්සහ දරන්නේ නම් එය රජයේ විශාල දුර්වලකමක් බවද කියා සිටියේය.
රජය තම දුර්වලකම යටපත් කරගැනීම සඳහා මහජනයාගේ විරෝධතා පොලීසිය හා යුද හමුදාව යොදවා මර්ධනය කිරීමට යාම තව තවත් අනිසි විපාක විදීමට සිදුවන තත්ත්වයක් බවද සම්පන්ධන් මන්ත්‍රීවරයා පෙ