බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ නිලධාරීන් ‍විදේශ රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ.!

විදෙස් ශිෂ්‍යත්ව හරහා විදේශ අධ්‍යාපන අවස්ථා ද දිරිමත් කිරීමට සැලසුම්.

by editor
අගෝස්තු 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා  ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම් සමන් ඒකනායක   සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා  සාකච්ඡාවක් පැවැත් වී ඇත.

මෙහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින්, විදේශ මුදල් ප්‍රේෂණය කිරීමට අනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ රුපියල් ගිණුමක් භාවිතා කිරීමට අවසර ලබාදීම, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ලැබෙන පරිදි හා ගෙවීමට ඇති බැංකු ණය වාරික පියවීම සඳහා එම ගිණුම් සම්බන්ධ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම කෙරහි මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇත.

මුදල් ප්‍රේෂණය කිරීම අවම වශයෙන් මාස 03කට වරක් සිදු කිරීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මගින් හැකියාව තිබෙන අතර මෙරටදී මුදල් හර කිරීමට හැකිවන පරිදි රාජ්‍ය නිලධාරියාගේ නමින් ගිණුමක් විවෘත කිරීමට, හවුල් ගිණුමක් විවෘත කිරීමට හෝ මුදල් එවීම සඳහා ගිණුමක් නම් කිරීමට ද අවසර ලබා දී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අයදුම්කර ඇති රාජ්‍ය සේවකයින් සඳහා කඩිනමින් විදේශ රැකියා අවස්ථා සොයා ගැනීම හා අයදුම්පත් අදාළ පාර්ශව වෙත යොමු කිරීම මගින් විභවයක් පවතින විදේශ රැකියා ඛාණ්ඩ හඳුනා ගැනීම හා ඉලක්කගත කණ්ඩායම් සඳහා දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය කර ඇත.

රාජ්‍ය සේවයේ  සංවර්ධන නිලධාරීන් ඵලදායි ලෙස විදේශ ගත කිරීමේ  වැඩසටහන යට‍තේ පුළුල් ආවරණයක් සිදු කිරීම මඟින් ඔවුන්  විදේශ ශිෂ්‍යත්ව හරහා විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා යොමු  කිරීමට දිරිමත් කිරීමට එම සාකච්ඡාවේ දී සැලසුම් කර තිබේ.

විදේශ රැකියා සඳහා යොමුවන රාජ්‍ය සේවකයන් වෙත විශ්‍රාම වැටුප් ගෙවීම විධිමත් කිරිමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින්  ලබාගන්නා දත්ත, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පරිශීලනය සඳහා විවෘත කිරීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

නිවාඩු ලබා ගැනීම පිළිබඳ අයදුම්පත් යොමු කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානී වෙත උපදෙස් සහ කාල රාමුවක් ලබාදීම, නිවාඩු අනුමත කිරීම ප්‍රමාදවන අයදුම් පත්‍ර සඳහා මාර්ගගත අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමට ද සාකච්ඡා විය.

නිවාඩු අනුමත කිරීමට පෙර නියමිත පරිදි බැංකු ණය  මුදල් සහ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් ලැබෙන බවට තහවුරු කරගත හැකි ක්‍රමවේදයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් මේ මස 31 දිනට පෙර සකස් කර ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දුන්නේය.

විදේශ රැකියා සඳහා අයදුම් කිරීමට හැකිවන පරිදි රාජ්‍ය නිලධාරීන්ගේ කුසලතා වර්ධනයට බහු සංවර්ධන කාර්ය සාධනය සලකා බැලීම, ඉල්ලුම පවතින ක්ෂේත්‍රවල කෙටිකාලීන අවශ්‍යතා හඳුනාගැනීම සහ එම පාඨමාලා සඳහා රාජ්‍ය නිලධාරීන් යොමු කිරීමට ද බලාපොරොත්තු වේ.

රාජ්‍ය නිලධාරින් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පිළිබඳ කලින් කලට පසු විපරම් කිරීමට මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආර්ථිකය නන්වන්න තරුණයින්ට බේබද්දන් වෙන්න කියන පුදුම රට… ජපානය….

Next Post

කොරියානු ධීවර ක්ෂේත්‍රයේ රැකියා 1047ක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.