තම ඇමති ධුරයේ වෙනසක් වන බව අවසන් මොහොත දක්වා නොදැන සිටි බවත් මේ පිළිබඳව දුකක් දැනුණ ද සියලුම දේ සිදුවන්නේ හොඳට යයි තමන් විශ්වාස කරන බවත් පැවසූ ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි අද (16) සෞඛ්‍ය අමාත්‍යංශ කාර්ය මණ්ඩලයට ස්තූති කරමින් සමුදුන්නේ රජ වාසල පිළිබඳ පැරණි අටුවා කතාවක්ද සිහි කරමිනි.
ඇය කී කතාව මෙසේය
“අනපේක්ෂිත මොහොතක මට සෞඛ්‍ය අමාතයංශය වෙනුවට ප්‍රවාහන අමාත්‍යංශය දීල තිබෙනවා. හමුවෙන සෑම දේම සතුටින බාර ගන්න ඕන. සියලුම දේ වෙන්නේ හොඳට කියල හිතන්න ඕන. “
“පැරණි අටුවා කතාවක තිබෙනවා, රජතුමයි පුරෝහිතයි ගමනක් යනකොට රජතුමා දුන්නෙන් විද්දා මුවකුට. නමුත් ඉලක්කය වැරදුණා . කවදාවත් නැතිව මෙහෙම ඉල්කය වැරදුනේ ඇයි කියල රජතුමා පුරෝහිකගෙන් අහනකොට පුරෝහිත කිව්වලු ස්වාමීනි, සියල්ල වෙන්නේ හොඳට කියල.“
“ඔහොම යනකොට රජතුමා තව මුවකුට විද්දා. ඒකත් එල්ලය වැරදුණා. ආයෙත් රජතුමා පුරෝහිතගෙන් අහනකොට පුරෝහිත කියනවා ස්වාමීනි… සියල්ල වෙන්නේ හොඳට කියල. “
“තවදුරටත් යන අතරේ රජ්ජුරුවන්ගේම කඩුවෙන් ඔහුගේ ඇගිල්ලක පුරුකක් කැපිල වෙන් වුණා. ඒකත් ඇහුවම පුරෝහිත කිව්වේ සියල්ල වෙන්නේ හොඳට කියල. ඒ පාර රජතුමාට කේන්ති ගිහින් පුරෝහිතයා වළකට දාල ගමන ගියා. “
“ඔහු ගිය මග වෙනස් කරල වෙන පාරකින් යනකොට බිලි පූජාවකට සූදානම් වන ගෝත්‍රිකයො පිරිසකට හසු වුණා. ඔවුන් රජු බිල්ලට දෙන්න අල්ල ගත්තා. රජු නාවල එහෙම බිලි දෙන්න බලනකොට අතේ ඇඟිල්ලක් අඩුවක් ඔවුන් දැක්කා. ඒ පාර බිලි පූජාවට ඕන සම්පූර්ණ මනුෂ්‍යෙයකු කියල රජතුමාව නිදහස් කළා. “
“ඒ පාර රජ්ජුරුවන්ට මතක් වුණා පුරෝහිතයා කිව්ව කතාව. පුරෝහිත කිව් දේ හරි. ඒ නිසා තමයි තමන් බේරුණේ කියල රජ්ජුරුවෝ ආපහු පුරෝහිත දාල හිටිය වළ ළඟට ගිහින් ඔහුගෙන් සමාව ඉල්ලුවා. “
“ ඔබතුමා ගැන වැරදියට හිතුවා මට සමාව දෙන්න කියලා රජ්ජුරුවො කියනකොට පුරෝහිත කියනවා මාව වලට දාපු එකත් ගැන මම ඔබතුමාට ස්තූති වන්ත වෙනවා කියලා. නැතිනම් මම සම්පූර්ණ මිනිසෙක් නිසා රජතුමා බේරෙනකොට මම බිලි වෙනවා. ඒක තමයි මම කිව්වේ සියලු දේම වෙන් හොඳට කියල.“
ඇය එසේ කියද්දී අලුතින් පත් වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසෙන් විශාල සිනා හඬක් පැතිරිණ.
නව අමාතයවරයාටද තමන් ට ලබා දුන් සහයෝගය දෙන ලෙස අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඇය සුවසිරිපායෙන් සමුගත්තාය.