අතාර්කික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීමට නිකුත් කළ නොතීසියකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට කැඳවා තිබේ.
මේ වනවිට ප්‍රශ්නකාරී ලෙස අති විශාල වත්කම් ප්‍රමාණයක් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.







