සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යෝෂිත එළියට එන්න කොහොම ද?… අධිකරණයේ දී සිදුවූ දේ මෙන්න….

by editor
ජනවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මුදල් විශුද්ධිකරණ නඩුකදී කළ යතු දේපල තහනම අවුරුදු 08ක් තිස්සේ සිදුකර නෑ… තිතට ගොනුකළ නඩුව ගැන විනිසුරුවරයා කතා කරයි!

බීබීසී –

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මෙම නියෝගය නිකුත් කළේ, දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ය.

ඔහු පෙන්වා දුන්නේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව සැකකරු ඇප මත මුදා හරින බවය.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරිණි.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස නියෝග කළේ ය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ඒ අනුව, සෑම මසක ම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා කළ යුතු බවට සැකකරුට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළේ ය.

අධිකරණයේදී මොක ද වුණේ?

අදාළ නඩුකරය කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව පැවැත්වෙන විමර්ශන මාලාවක් අතරින් මෙය එක් විමර්ශනයක් පමණක් බව සඳහන් කළේ ය.

මෙම සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන තුනක් පැවැත්වේ.

මීට අදාළව දෙහිවල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 500ක නිවසක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම සැකකරුට එරෙහිව එක් විමර්ශනයක් පැවැත්වේ.

ඊට අමතරව, සී.එස්.එන්. නාලිකාවේ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවත් නඩු කටයුත්තක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වේ.

“එම විමර්ශන මාලාවේ එක් විමර්ශනයක් තමයි මෙම නඩු කටයුත්ත” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් 2012 වසරේ රත්මලාන, සිරිමල් මාවතේ රුපියල් මිලියන 350ක මුදලකට සැකකරු විසින් නිවසක් සහිත පර්චස් 31.5ක ඉඩමක් මිල දී ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද එහිදී සඳහන් කෙරිණි.

“ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නමක් මෙම ප්‍රශ්නගත ඉඩමේ ඔප්පුවේ සඳහන් වෙනවා. මේ කාන්තාව සැකකරුගේ මිත්තණිය බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. එම කාන්තාව මෙම නඩු කටයුත්තේ පළමු වන සැකකාරිය වශයෙන් නම් කර තිබෙනවා. මෙම තැනැත්තිය සුලේමන් රෝහලේ මෙන් ම ගුරුවරියක ලෙසත් සේවය කර තිබෙනවා.”

“ඊට අමතරව ඇය ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන්ද කටයුතු කළ තැනැත්තියක්. ඇයට මුල දී හිමි වී තිබෙන්නේ රුපියල් 250 ක හෝ 300 ක වැටුපක් පමණ යි. මේ තරම් විශාල දේපළක මිලදී ගැනීමට තරම් මුදලක් ඇය සතුව තිබී නැහැ. ඇය මුලින් ම පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා තමන් සතුව නිශ්චල දේපළ නැහැ කියලා. පසුව ඇය සඳහන් කර තිබෙනවා, දෙවන සැකකාර යෝෂිත රාජපක්ෂ මේ දේපළ මිල දී ගත්තා කියලා.”

“තවත් අවස්ථාවක ඇය පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් කර තිබෙනවා මුස්ලිම් ජාතිකයෙක් ලබා දුන් මැණික් මල්ලක් විකුණා ලැබුණු මුදල්වලින් මේ දේපළ මිල දී ගත් බව. පසුව මේ ඔප්පුව පොලිසිය විසින් සොයා ගත්තේ පාලිත ගමගේ නමැත්තෙක් භාරයේ තිබිලා. ඔහු සඳහන් කර තිබෙනවා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මේ ඔප්පුව ලැබුණා කියලා.”

“ඒ අනුව පැහැදිලි වෙනවා, මෙම ඉඩමේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නම සඳහන්ව තිබුණත් එය පාලනය කර තිබෙන්නේ වෙනත් පිරිසක් බව,” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර යෝෂිත රාජපක්ෂට ලැබුණු ආදායම් පිළිබඳව ද අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළේ ය.

“සැකකරු 2006 වසරේ ලුතිනන්වරයෙකු වශයෙන් නාවික හමුදාවට බැඳී 2016 වසරේ වැඩ තහනමට ලක්ව තිබෙනවා. නාවික හමුදාවේ සේවය කරන විට ඔහුට ලැබී තිබෙන්නේ මාසිකව රුපියල් 73000/- ක වැටුපක්. එම මුදල සෘජුවම ඔහුගේ ගිණුමට බැර වී තිබෙනවා. ඔහු එම මුදල් ආපසු අරගෙන නෑ. එවැනි තත්ත්වයක් යටතේ සැකකරු ලක්ෂ 350ක් වැනි මුදලක් යොදවා මෙවැනි දේපලක් මිලදී ගත්තේ කෙසේ ද? ඒ අනුව පැහැදිලි වෙනවා මෙම දේපළ මිලදී ගැනීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබෙන ආකාරය.”

“ඒ වගේ ම පැහැදිලි වෙනවා අසාධු මුදල් වලින් මේ මිලදී ගැනීම සිදුවී තිබෙන බව. මෙවැනි අසාධු මුදල් සංසරණය වැළැක්විය යුතු යි. ඊට සම්බන්ධ අඩි සටහන් ද මකා දැමිය යුතු යි.”

“2017 වසරේ මෙම සැකකරු පොලිසියට දුන් ප්‍රකාශයේ මේ පිළිබඳව කිසිවක් සඳහන් කරන්නේ නෑ. මෙම සැකකරු විසින් සිදු කර තිබෙන ප්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය සිදු කළ යුතු යි,” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

විත්තියේ තර්ක

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මේ විමර්ශනය සිදුවන්නේ මීට වසර 8කට පමණ ඉහතදී ගොනු කරන ලද නඩු කටයුත්තක් සම්බන්ධයෙන් බව සඳහන් කළේ ය.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වූ ඩේසි ෆොරොස්ට් නමැත්තිය නොතීසි මත අධිකරණයට ගෙන්වා ඇප මත මුදාහැර තිබිණි.

පසුව විමර්ශන ගොනු 2018 වසරේ නීතිපතිවරයාට යොමු කරනු ලැබීය.

“වසර 8කට වැඩි කාලයක් ගත වී තිබිලත් විමර්ශන අවසන් වී නොතිබීම ඛේදවාචකයක්. පසුව නඩුව බහා තැබුණු අතර නොතීසි ලැබුණොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන සැකකාරියට දැනුම් දී තිබුණා. වසර 8කට පමණ ඉහතදී ප්‍රධාන සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකින් තොරව ඇප මත මුදා හැර තිබියදී මෙම සැකකරු පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටීම යුක්තිසහගත නෑ.”

“ඒ නිසා ඕනෑ ම කොන්දේසියක් මත සැකකරු ඇප මත මුදා හරින ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මහේස්ත්‍රාත්වරයාගේ තීරණය

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තකදී නඩුවට පාදක වන දේපළ තහනමට ගැනීම ඉතා වැදගත් බව සඳහන් කළේ ය.

“එහෙත්, මෙම නඩුවට පාදක වන දේපළ මේ දක්වා තහනමට ගෙන නොමැති බව මා කළ විමසීමේදී පොලිසිය පැවසුවා. මෙය වසර 8කට පමණ ඉහතදී ආරම්භ වූ විමර්ශනයක් වන අතර එහි ප්‍රධාන සැකකාරිය මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා. යම් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නම් ඒ සඳහා අධිකරණයට සෑහීමකට පත්විය හැකි ප්‍රමාණවත් කරුණු පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ යුතු යි.”

“මෙම නඩුකරයේ බරපතළභාවය සහ මහජන කැලඹීම් යන කරුණු මත ඇප ප්‍රතික්ෂේප කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලීම් කර තිබුණා. එහෙත් එම කාරණා සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. හුදෙක් නඩුවේ බරපතළභාවය සහ මහජන කැලඹීම් යන යන වචන මත පදනම් වී සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ.”

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු පිරික්සීමේදී මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බව මහේස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය සරසවිය වසා ගත් මත් උවදුරට එරෙහි වූ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිට ඉල්ලා අස්වෙන්න සිදුවෙයි!

Next Post

13 හැවිරිදි දැරිය දූෂණය කළ 52 හැවිරිදි ගුරා අත් අඩංගුවට…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.