සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යෝෂිතට ඇප දුන්නේ ඇයි?… අධිකරණ ඇමති හේතුව කියයි!

by editor
ජනවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • එක එක කතා අහන්නේ නැතිව වෙන්නේ මොකක්ද කියලා මාස 2ක් බලන් ඉන්න… එතකොට ඔබට අපි කරන්නේ හරි දේ කියන එක වැටහේවි… අධිකරණ ඇමති ජනතාවට පැහැදිලි කරයි….

යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම සහ නඩු පැවරීම සම්බන්ධව සමාජයේ ඇති වී තිබෙන කථිකාවේ දී ඇතැම් මාධ්‍ය පල කරන දුර්මතවලට නොරැවටී තවත් මාස දෙකක් ඉවසිල්ලෙන් බලා සිටින ලෙසත් ජාතික ජන බලවේග ආණ්ඩුව යන්නේ පෙර ආණ්ඩු ගිය ගමනේ ද නැති ද යන්න එවිට ජනතාවටම සනාථ කර ගත හැකි බවත් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර අද (27) මාධ්‍යයට ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් පැවසීය.

යෝෂිතට ඇප ලැබුනේ ඇප පනත අනුව බවත් චූදිතයෙකුට ඇප ලැබීම යනු ඔහු චෝදනාවලින් නිදහස් වීමක් නොවන බවත් පැහැදිලි කළ අධිකරණ ඇමතිවරයා පෙන්වා දුන්නේ මේ අත් අඩංගුවට ගැනීම සිද්ධ වන්නේ අවුරුදු අටක් තිස්සේ ඇසෙන මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධ නඩුවක සැකකරුවෙක් ලෙස යෝෂිත රාජපක්ෂ නම් කිරීමෙන් පසුව බවය.

කිසිම කෙනෙකුට ඇප නොදී බන්ධනාගාරගත කර තබාගෙන ඔහුට දේශපාලනිකව හිරිහැර කිරීම හෝ පළි ගැනීම වැනි හැසිරීම්වලට ආණ්ඩුව කිසිසේත් නොපෙළඹෙන බව ඇමතිවරයා පැවසුවේය.

“යම් පුද්ගලයෙක් වෙත අධි චෝදනා පත්‍රයක් මහාධිකරණය විසින් ඉදිරිපත් කරන්නට කලින් ඔහු සැකකරුවෙක් වශයෙන් ඔහුගෙන් කටඋත්තරයක් ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක්. සියලුම කරුනු සලකා බලා නීතිපතිවරයා විසින් පොලිසියට උපදෙසක් දීලා තියනවා. මෙම තැනැත්තාව සැකකරුවෙක් වශයෙන් කට උත්තරයක් ලබා ගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. එය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය.

මේ වගේ අවස්ථාවක ඇප ලබා නොදෙන සේ ඉල්ලා සිටියත් ඇප පනතේ ප්‍රතිපාදන අනුව විමර්ශනවලට බාධා නොවේ නම් ඔහු රටින් පලා යන්නේ නැතිනම්, එළියට ආවොත් මහජ න පැමිණිල්ලක් හෝ වෙනස් අයහපතක් නොවේ නම් ඇප දීම තමයි සාමාන්‍ය ස්වභාවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සිදුවී ඇත්තේ ඇප ලබාදීම පමණයි. දැන් ඇතැම් මාධ්‍ය  නීතපතිවරයා පොලිස් අමාත්‍යවරයා සම්බන්ධව සැක පහළ කරනවා. එය වැරදියි. යෝෂිත සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුව දිගටම පවතිනවා. ඔහුට අධිකරණයෙන් ඇප ලබා දී තිබෙනවා.

ඒ නිසා අපි සියලු දෙනාටම කියන්නේ මාධ්‍යවලට කලබල වෙන්න එපා. තව මාස දෙකක් හෝ තුනක් ඉවසන් ඉන්න. එතකොට තේරෙයි ජාතික ජන බලවේගය යන්නේ මොන පාරෙද කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙනස් ඇඳුම් ඇඳගෙන ඔයාලා නටන්නෙත් පරණ වන්නම ද?….

Next Post

වාහන ගෙන්වීමට අවසර ලබා දෙන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි… හෙට සිට වාහන ගේන්න පුලුවන්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.