“මැනිකේ මගේ හිතේ..” ගීතයෙන් ජාත්‍යන්තර ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා පාර්ලිමේන්තුවට කැඳවා ඇගයීමට ලක් කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් මෙම ඇගයීම සංවිධානය කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ජේෂ්ඨයන් අතර ද විවිධ මතවාද පැවැති බවයි.
කෙසේවුවද මෙම වැඩසටහන කල් දැමීමට හේතු වී ඇත්තේ යොහානිට අත්‍යවශ්‍ය විදේශ කටයුත්තක් සඳහා සහභාගිවීමට නියමිත බැවිනි.
පසුගියදා ඉන්දියාවේ දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ වජිරා චිත්‍රසේන මහත්මිය ද සමඟ දෙදෙනාටම එකවර ඇගයීම සංවිධානය කිරීමට ද අවධානය යොමු වී ඇත.
කෙසේ වුවද අද පැවැත්වීමට නියමිතව තිබූ ඇගයීම ඉදිරියේදි පැවැත්වීමට නියමිත දිනය මෙතෙක් තීරණය කර නැත.