අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යූඑන්පිය කැමැති මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තු කාරක සභාවට කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2021
in පුවත්
UNP
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව,පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා පොදු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත්, ඒ සඳහා කොට්ඨාස ක්‍රමය යටතේ සියයට 65ක් සහ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සියයට 25 ක් වශයෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගත යුතු බවත්, එක්සත් ජාතික පක්ෂය, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (07) සාක්ෂි දෙමින් පැවසීය.

කොට්ඨාස සංඛ්‍යාව අඩුකිරීම මඟින් පළාත් පාලන ආයතන වලට තෝරා පත්කර ගන්නා මන්ත්‍රිවරුන් සංඛ්‍යාව අඩුකළ යුතු බවද ඔවුහු යෝජනා කළහ.

පළාත් පාලන ආයතනවලට තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරු සංඛ්‍යාවෙන් සියයට 25 ක් කාන්තාවන් විය යුතු බවද, එක්සත් ජාතික පක්ෂය කාරක සභාවේදී කීවේය. සුළු ජාතින්ගේ නියෝජනය සහතික කිරීමේ අවශ්‍යතාවද ඔවුහු පෙන්වා දුන්හ.

සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් කාරක සභාව රැස් වූ අතර, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සාක්ෂි දුන් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ නොයෙකුත් මැතිවරණ කොට්ඨාසයන්හි සැබෑ නියෝජනයකින් යුතු ආයතනයක් විය යුතු බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ද්විත්ව පුරවැසියන් හෝ වෙනත් රාජ්‍යයක දිවුරුම් දුන්, සබඳතා ඇති තැනැත්තන් ශ්‍රී ලංකාවේ, මහ මැතිවරණයට ඉදිරිපත් වීම සීමා කිරීම හෝ වැළැක්වීම කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය කාරක සභාවේදී සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සං‍යුතිය හැකිතරම් ප්‍රායෝගික අන්දමින් මැතිවරණයේදී ජන්දය දීම සඳහා සුදුසුකම් ලත් ජන්ද දායකයන්ගේ ජන විකාශය පිළිබිඹු කළ යුතු අතර, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජන්දදායකයන් මඟින් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා ගත යුතු බව එම පක්ෂය පෙන්වා දුන්නේය.

මහ මැතිවරණයේදී පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා අරමුදල් ලැබෙන ප්‍රභවයන් අනාවරණය කළ යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ මතය විය. මැතිවරණයකදී දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ට වැය කළ හැකි වියදම් සීමා කළ යුතු බවද ඔවුහු කාරක සභාවේදී පෙන්වා දුන්හ.

පක්ෂ මාරු කිරීම සඳහා ඉඩ නොඳිය යුතු අතර, යම් මන්ත්‍රීවරයෙකු එසේ පක්ෂය මාරු කළහොත්, ඔහු හෝ ඇය පක්ෂ ලැයිස්තුවෙන් ඉබේම ඉවත් ව යා යුතු බවද ඔවුහු සඳහන් කළහ.

පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදයට අදාළ විවිධ ආකෘති කිහිපයක්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලි‍යනගේ මහතා කාරක සභාවේදී ඉදිරිපත් කළේය.

පළාත් පාලන ආයතනවල දැනට පවතින විශාල මන්ත්‍රීධූර සංඛ්‍යාව අවම කිරීමේ අවශ්‍යතාවද මහාචාර්‍ය සුදන්ත ලියනගේ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

වඩාත් යහපත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍ය බව පොදු මතය වී ඇතැයි කාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී අවධාරණය කළේය. කොට්ඨාසයකට වග කියන මන්ත්‍රීවරයෙකු සිටීමේ අවශ්‍යතාවද හෙතම පෙන්වා දුන්නේය.

මෙම කාරක සභාවට නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්දා, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුද, අනුර දිසානායක ,රංජිත් මද්දුම බණ්ඩාර,එම්.ඒ සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුද සභභාගි වූහ.

සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද මේ අවස්ථාවට එක් වූහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම ලබන 13 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“අගමැතියි විදේශ ඇමතියි වතිකානු යන ගමන සත්‍ය යටගැසීමේ ප්‍රයෝගයක්” – අගරදගුරු හිමි

Next Post

“රාජකීය ජීවක“ එළියන්ත වයිට් ට කොවිඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.