ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් 2023 වසරේදී සහභාගි වූ පළමු ධාවන තරගයෙන් පළමු ස්ථානය ලබා ගෙන තිබේ.
ඉතාලියේදී ඊයේ (07) පැවති ‘FIRENZE SPRINT FESTIVAL’ ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට හැකි විය.
ඒ සඳහා ඔහුට තත්පර 20.60ක කාලයක් ගතවිය.
එම ඉසව්වේදී යුපුන් අබේකෝන් පස්වන මංතීරුවේ තරග වැදුණු අතර ආරම්භයේ සිටම සාර්ථකව ධාවනයේ යෙදෙනු දැකගත හැකි විය.