කීර්ති ප්‍රනාන්දු –
ශ්‍රී ලංකා යුද හමුදාව අයෝග්‍ය තත්වයට පත් වූ වාහන නවීකරණය කරමින් නැවත එම වාහන යුද හමුදාවේ භාවිතයට ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කළ වාහන පෙළක් ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී හා හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද හමුදා මූලස්ථානයේ දී පරීක්ෂා කරන ලදී.
මෙම රථ වාහන නවීකරණයෙන් යුද හමුදාවට විදෙස් රටවලින් වාහන ගෙන්වීම සඳහා වැය වූ විශාල විදේශ විනිමයක් ඉතිරි වූ බව යුද හමුදා මාධ්‍ය අංශය පැවසුවේය.
මෙසේ නවීකරණය කළ වාහන අතර කසල ප්‍රවාහන ට්‍රක් රථයක්, ජංගම භාණ්ඩ විකිණුම් රථයක්, යතුරුපැදි, වෑන්, ලොරි, බස්, සුඛෝපභෝගී ජිප්, කාර් ඇතුළු වාහන විශාල ප්‍රමාණයක්වන බව යුද හමුදා මාධ්‍ය අංශය කීවේය.
යුද හමුදාපතිවරයා සහභාගී වූ මෙම නිරීක්ෂණ අවස්ථාවට යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජනරාල් ඉන්දු සමරකොන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී විය.