බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුගදනවි ගිවිසුම ගැන අනුර බොරු කියූ බව රජය කියයි!

by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2021
in පුවත්
anura kumara
Share on FacebookShare on Twitter

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කල බව සඳහන් කරමින් දැනට සමාජගත වී තිබෙන (New Fortress Energy) NFE සම්බන්ධ කරුණු කිහිපයක් පිලිබඳව ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

ඒ අනුව, කොටස් විකිණිමේ හා මිලදී ගැනීමේ ගිවිසුම (Share Sale and Purchase Agreement – SSPA) අත්සන් කර ඇත්තේ NFE නොවන වෙනත් සමාගමක් සමඟ යැයි පැවසීම ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

“2021 සැප්තැම්බර් මස 06 වන දීන මුදල් අමාත්‍යතුමා විසින් අත්සන් කර ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ NFE පලවන ඡේදයේ පැහැදිලිවම NFE යන්නෙන් අදහස් කරන්නේ NASDAQ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත NEW FORTRESS ENERGY Inc හා එහි ආශ්‍රිත සමාගම් යැයි සඳහන් කර ඇත. එබැවින්, මෙම ගිවිසුම අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පවරා ඇත්තේ NFE හා එහි ආශ්‍රිත සමාගම් සමඟය.

තවද, 2021 ජුලි මස 05 වන දින මුදල් ඇමතිතුමා අත්සන් කර ඉදිරිපත් කරන ලද NFE අමාත්‍ය මණ්ඩල සංදේශයේ ද ඇමුණුමක් ලෙස රාමුගත ගිවිසුම “Framework Agreement අමුණා ඇති අතර එහි එක් පාර්ශ්වයක් වශයෙන් “NFE Sri Lanka Power Holding LLC” යන ආයතනය බව පැහැදිළිව සඳහන් කර ඇති අතර, එම රාමුගත ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම්ට අත්සන් කිරීමට බලය පවරත ලදදේ අමාත්‍ය මණ්ඩලය විසිනි. එසේ බලය පවරන ලද බැවින් මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් එය අත්සන් කර ඇත. ” යනුවෙන් එම නිවේදනයේ සඳහන් ය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එමෙන්ම මෙම ගිවිසුම වසර 02 ක කාලයකට ගිවිසුම ඇතුලත් වගන්ති ප්‍රසිද්ධ කිරීමට නොහැකි හා මෙවැනි වූ වගන්ති අස්වාභාවික යැයි කෙරෙන මතය සම්බන්ධයෙන් ද අදාළ නිවේදනය මගින් මෙසේ කරුණු පැහැදිලි කර ඇත.

“SSPA ගිවිසුමේ 13.1 වගන්තියෙන් කියවෙන්නේ අනෙක් පාර්ශ්වයෙන් නොවිමසා රහස්‍ය හා සංවේදී තොරතුරු හෙළි නොකිරීම පමණි. එසේත් නැතිනම් මෙම කරුණු කිසිසේත් ප්‍රකාශ කළ නොහැකි බව නොවේ. මෙය ද වාණිජමය වශයෙන් වැදගත් කරුණුවලට අදාළ වේ.

එමෙන්ම, ගරු අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හෙළි නොකරන ලද වැදගත් කරුණු වන්නේ, මෙම ගිවිසුමේ 13.2 වගන්තියෙන් අනෙක් පාර්ශ්වයෙන් නොවිමසා අවශ්‍ය වූ විට දෙපාර්ශ්වයටම අදාළ වන නීතිමය, නියාමනය හෝ පරිපාලන රාමුව හා එහි අවශ්‍යතාවය මත ඕනෑම කරුණක් අනෙක් පාර්ශ්වයෙන් නොවිමසා ප්‍රකාශ කළ හැකි බවය. මෙම ගිවිසුම 2021 දෙසැම්බර් 06 වන දින මුදල් ලේකම් NFE සම්බන්ධව පවතින නඩු සම්බන්ධව කරුණුවලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම ගිවිසුම ලබා දෙන ලදි. එය ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ 2021 දෙසැම්බර් 10 දින ප්‍රකාශයට පත් කරන විටත් SSPA අමාත්‍ය මණ්ඩලයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර හමාරය.

තවද, ශ්‍රී ලංකා රජය වසර ගණනාවක සිට එළඹ ඇති වාණිජමය කරුණු සම්බන්ධ ගිවිසුම්වලින් මෙවැනි වූ හා මෙයට සමාන වගන්තිවලට එකඟ වී ඇත. උදාහරණයක් වශයෙන් දැනට ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) 1995 සිට පෞද්ගලික අංශයෙන් විදුලිබලය මිළදී ගැනීම සම්බන්ධ ගිවිසුම්වලද මෑතක දී අත්සන් කරන ලද ලංවිම හා සොබාදනවි ගිවිසුමෙහි ද මෙවැනි රහස්‍යභාවය පිළබඳව වගන්ති ඇතුළත් වී ඇත. තවද, වරාය සම්බන්ධ ගිවිසුම් එනම්, South Asia Gate Terminal (SSGT), CICT ගිවිසුම, බටහිර පර්යන්තය සම්බන්ධ ගිවිසුම , හම්බන්තොට වරාය සම්බන්ධ එවැනි වූ සෑම ගිවිසුමකටම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එබැවින්, මෙවැනි වූ රහස්‍යභාවය සම්බන්ධ කරුණු ශ්‍රී ලංකා රජය හෝ රාජ්‍ය ආයතන පාර්ශ්වයක් වූ ගිවිසුම්වල තිබෙන අතර, මෙම ගිවිසුමේ එවැනි වූ කරුණු තිබීම අසාමාන්‍ය හෝ අස්වාභාවික යැයි පැවසීම නිවැරදි නොවන අතර, එය ජනතාව නොමඟ යැවීමකි.” යැයි ද ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2021 විශ්ව රූ රැජණ ඉන්දියාවෙන්… වසර 21කට පසු විශ්ව රූ රැජන කිරුළ දිනා ගත් ඉන්දියාවේ හර්නාස් සන්දු…

Next Post

“හිපෝ ස්පිරිට්“ චීන පොහොර නැව සිංප්පූරුවේ සිට යලි චීනයටම යන්න යයි..

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.