බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“යුගදනවි ගිවිසුම අත්සන් කළ සමාගමට වයස වසරක්වත් නෑ” – ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන

by Lanka Sara Editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යුගදනවි ගිවිසුම අත්සන් කරන ලද NFE Lanka Power Holdings සමාගම අමෙරිකාවේ ලියාපදිංචි කොට ඇත්තේ ද මේ වසරේ මුල් කාලයේ බවත් තවම ඊට වසරක්වත් ගතවී නොමැති බවත් සමගි ජනබලවේගයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා පවසයි.

මෙම සමාගමේ වාර්ෂික බදු තක්සේරුව සඳහා වටිනාකම ඩොලර් 300ක් පමණක් බව ද හෙතෙම මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී එම පක්ෂයේ නීතිඥ සංගමය විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී යුගදනවි ගිවිසුමේ අර්බුදකාරී කරුණු පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා.

“අද වනවිට ප්‍රශ්නගත කාරණාවක් තමයි යුගදනවි ගනුදෙනුව සහ ඊට අදාළ එල්එන්ජී ගනුදෙනුව.මෙම ගනුදෙනු සඳහා පාදකවන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් 2021 සැප්තැම්බර් 6 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක් මගින් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය අනුමැතියට ඉදිරිපත් කරනවා .

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පළවෙනි කාරණාව තමයි යුගදනවි විදුලි බලාගාරයේ හිමිකම තියෙන west coast power limited කියන සමාගමේ හා භාණ්ඩාගාරය විසින් දරන 40% ක කොටස් ඇමරිකානු සමාගමක් වන New Fortress Energy කියන සමාගමට විකිණීම සම්බන්ධයෙන් වන යෝජනාව. මෙම යෝජනාව අනුව කැබිනට් පත්‍රිකාවට මෙම 40% ක කොටස් ඩොලර් මිලියන 250කට රජය තක්සේරුකරු විසින් තක්සේරුව සිදුකර තියෙනවා. නමුත් මෙය කැබිනට් මණ්ඩලය සමග එවැනි තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර නැහැ .ඒ වගේම එහි යෝජනා කරනවා ඩොලර් 250 ක මුදලකට එම කොටස් New Fortress Energy කියන ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා අනුමැතිය ලබා දෙන්න කියලා. එම විකිණීමට අදාළ වන ගිවිසුම කැබිනට් පත්‍රකාව සමග ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට විකිණීමට අදාළ වන කොන්දේසි මොනවාද කියන එක හෝ නියමිත වටිනාකම කුමක් ද කියන එක සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට නිසි අවබෝධයක් නැහැ. නමුත් කැබිනට් මණ්ඩලය මේ කොටස් 40% විකුණන්න New Fortress Energy සමාගමට අනුමැතියට ලබා දෙනවා ඒ ගිවිසුම දැකලත් නෑ, කොන්දේසි දැකලත් නෑ, ඒ උනාට 40% කොටස් විකුණන අවසර ලබා දෙනවා.

සාමාන්‍යයෙන් ලංකාවේ අපි දන්නවා ඩොලර් සංචිත ප්‍රශ්නයක් තියෙනවා. එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් රජයේ දේපළ විකුණලා හෝ ඩොලර් ටික හොයාගන්න ඕන කියලා යම් රජයක් කල්පනා කරනවා නම් ඒ දේපල විකිණීම රටට වඩාත් වාසිදායක ආකාරයෙන් සිද්ධ කළ යුතුයි. ගන්නාවූ ක්‍රියාපටිපාටිය තමයි ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මිල ගණන් කැඳවලා වැඩිම මිල ලබාදෙන සමාගමට මෙම කොටස් විකිණීම යම්කිසි සමාගමක් යම් ආයෝජකයෙක් එම මුදල ආයෝජනය කරන්න කැමැත්ත ප්‍රකාශ කරනවා නම් ඒ මුදලට වඩා වැඩි මුදලකට කොටස් මිලදී ගන්න රජයේ දේපළ මිලදී ගන්න වෙනත් කවුරුහරි ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්නවද කියලා හොයලා බලන එක තමයි රජයක් කටයුතු කළ යුත්තේ. නමුත් යුගදනවී කොටස් විකිණීමට එම කිසිම පියවරක් අරගෙන නැහැ. ඒ වගේම මේ කොටස් මිලදී විකිණීම අනුමත කිරීමේදී කිසිම ආකාරයකින් නීතිය ක්‍රියාත්මක කර නැහැ.

ඒ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ගිවිසුම අත්සන් කරන්න භාණ්ඩාගාරයේ ලේකම්ට කැබිනට් මණ්ඩලයේ ලේකම් පවසන ආකාරයට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. එම අනුමැතිය ලබා දුන්නට පස්සේ භාණ්ඩාගාරයේ ලේකම් විසින් ඒ සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා. ඒ ගිවිසුම මොකක්ද කියන එක කැබිනට් මණ්ඩලයට හෙළිදරව් කරන්නේ නැහැ. නමුත් කැබිනට් පත්‍රිකාව අනුව පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ගිවිසුම අත්සන් කරාට පස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා ගිවිසුමක් අත්සන් කරාට පස්සේ අපි කවුරුත් දන්නවා ඉන් ඉවත් වෙන්න හැකියාවක් නැහැ. එතකොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් පියවරක් නැහැ. මේ ගිවිසුම අත්සන් කළාට පස්සේවත් ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ. පාර්ලිමේන්තුවේ දී මෙම ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා මන්ත්‍රීවරුන් හඬනැගුවත් පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කළෙත් නැහැ.

අපි මෙම වංචනික ගනුදෙනුවට විරුද්ධව පක්ෂයක් හැටියට 2021 ඔක්තෝම්බර් මාසේ 21 වෙනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කරා එය වංචනික ගනුදෙනුව අහෝසි කර ගැනීමේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නඩු පැවරුවා. අපි තමයි දේශපාලන පක්ෂයක් හැටියට මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ. එහිදී ඇති වූ බලපෑම මත එම ගිවිසුම එළියට දාන්න ආණ්ඩුවට සිදුවුණා. දැන් ඒ ගිවිසුම් පිළිබඳව රටම දන්නවා. මේ ගිවිසුම අත්සන් කරල තියෙන්නෙ කැබිනට් මණ්ඩලය විසින් අත්සන් කරන්න බලය පවරපු New Fortress Energy එක සමග නෙමෙයි NFE Lanka Power Holdings සමාගමත් එක්ක. ඒ ගිවිසුම් අත්සන් කරපු මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ ගිවිසුම කියවලා තිබුණේ නැද්ද, එතකොට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට මේ ගිවිසුම අත්සන් කරන්න කියලා බලය පවරා තිබුණු New Fortress Energy සමාගමත් සමග එහිදී NFS lanka power holding සමාගමත් සමග ගිවිසුම අත්සන් කරනකොට ඒ බව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට අවබෝධයක් තිබුණෙ නැද්ද එහෙම නැත්තං එතුමට වෙනත් විශාල බලපෑමක් තිබුණද මේවා තමයි අද අපි ඉදිරියේ තිබෙන ප්‍රශ්න.

අපි හොයල බැලුවා NFS lanka power holding කියන සමාගම මොන වගේ එකක්ද කියලා. NFS lanka power හෝල්ඩින් සමාගම ඇමරිකාවෙන් Delaware කියන ප්‍රාන්තයේ ලියාපදිංචි කළ සමාගමක්. එය 2021 පෙබරවාරි මාසේ 23 ලියාපදිංචි කරන තිබෙනවා. එය තවම අවුරුද්දක්වත් වයස නැහැ. මෙම සමාගමට ඒ වගේම එම ප්‍රාන්තයේ නිල වෙබ් අඩවියේ සඳහන් කරුණු අනුව මෙම සමාගමේ වාර්ෂික බදු තක්සේරුව සඳහා වටිනාකම ඩොලර් 300යි. එතකොට මේ වගේ සමාගමකට තමයි මේ යුගදනවි බලාගාරය හිමි සමාගමේ ලංකාවේ භාණ්ඩාගාරයේ තිබුන 40% කොටස් විකුණන්න ගිවිසුම් අත්සන් කරලා තියෙන්නෙ. මේ ගිවිසුමට ඇතුළත් වෙන්න කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දීලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ රටේ තියෙන නීතිය මේ රටේ තියෙන බලශක්ති ප්‍රතිපත්ති ඒ වගේම මේ රටේ මහජනයා විසින් කැබිනට් මණ්ඩලය වෙත කියන ලද විශ්වාසය කඩ කරමින්. ඒ නිසා තමයි අපි පක්ෂයක් විදිහට මේ ගනුදෙනුව දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අපි ප්‍රරශ්නයට ලක් කරලා මේ ගනුදෙනු අහෝසි කරන්න කටයුතු කරමින් තමයි ඉන්නේ.

මෙහි බරපතළ කොටස යුගදනවියේ සියයට හතළිහක් විකිණීමට වඩා නීති විරෝධී රටට අහිතකර නීතිය බරපතල උල්ලංඝනය කරපු තීරණයක්. නමුත් ඊටත් වඩා රටට අහිතකර නීතිය උල්ලංඝනය කරපු කාරණාව තමයි මේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරපු දෙවැනි කාරණාවක් ඒක තමයි රුපියල් කෝටි හැට දාහක් වටින එල්එන්ජී කියන ඉන්ධන මේ රටේ එල්එන්ජී වලින් ක්‍රියාත්මක කරන විදුලි බලාගාර සඳහා අවුරුදු පහකට සපයන්න සම්පූර්ණ එකාධිකාරය New Fortress Energy කියන ඇමෙරිකානු සමාගමට පවරන්න කරපු යෝජනාව. දැන් එම යෝජනාවට අනුව අපි දන්නවා කියලා කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වෙනවා යුදගනවි බලාගාරයක්. එම බලාගාරයේ එල්එන්ජී වලින් ක්‍රියාත්මක කරන්න යෝජනා වෙලා තියෙන්නේ. ඊට අමතරව සොබාදනවි කියන විදුලි බලාගාරයටත් එල් එන් ජී වලින් ක්‍රියාත්මක කරන්න එයට ආසන්නයේ ඉදිවෙමින් පවතිනවා. දැන් මේ කැබිනට් පත්‍රිකාව මගින් බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා යෝජනා කරන්නේ කැබිනට් මණ්ඩලයට අවුරුදු පහක කාලයකට යුගදනවි විදුලි බලාගාරයට සහ සොබාදනවී බලාගාරයටත් එයට අමතරව කෙළවරපිටිය ප්‍රදේශයේ ඉදි කරනු ලබන වෙනත් ඕනෑම එල් එන් ජී වලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාරයකට එල්එන්ජී සැපයීම සම්පූර්ණ ඒකාධිකාරිය මේ New Fortress Energy කියන ඇමරිකානු සමාගමකට පවරන්න.

මේ රටේ තියෙනවා 2019දී ගැසට් කරන ලද බලශක්ති ප්‍රතිපත්තියක්. ඒ වගේම 2019 ආණ්ඩුව ආවට පස්සේ එල්එන්ජීවලට අදාල වෙන ස්වභාවික වායු පිළිබඳ බලශක්තිය ප්‍රතිපත්තියක් ගැසට් කරලා තියෙනවා. එම ප්‍රතිපත්ති දෙකේම සඳහන් කරලා තියෙන්නෙ මේ රටට වඩාත්ම වාසිදායක ආකාරයෙන් එල්එන්ජී මිලදී ගැනීම කළ යුතුයි. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා දාමය තමයි ජාත්‍යන්තර වෙළෙඳ පළේ මිලගණන් කැඳවා ඒ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල ගණන් අනුව ටෙන්ඩර් පටිපාටියකට මිලදී ගැනීම කළ යුතුයි. ඒක තමයි මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් එතකොට මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු මේ යෝජනාව අපේ ජාතික ප්‍රතිපත්තියට විරුද්ධයි. ඒ වගේම කිසිම විනිවිදභාවයකින් තොරව තමයි මේ ගනුදෙනුවේදී ආණ්ඩුව කටයුතු කරල තියෙන්නෙ මේ බැසිල් රාජපක්ෂ මහත්තයා යෝජනාව ඉදිරිපත් කරලා ඒ කැබිනට් මණ්ඩලය අනුමත කරනවා එතකොට අපි කැමති වුනත් අකමැති වුනත් යුගදනවි බලාගාරයටත් ස්භාදනවි බලාගාරයටත් ඉදිරියේදී කෙළවරපිටිය ඉදිකරනු ලබන වෙනත් ඕනෑම එල් එන් ජී වලින් ක්‍රියාත්මක කරන බලාගාරයකටත් එල් එන් ජී මිලදී ගැනීම අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන.

New Fortress Energy කියන ඇමරිකානු සමාගමෙන් කැබිනට් මන්ඩලයේ මෙම පත්‍රිකාව සමග මිලදී ගැනීමට මිලක් සඳහන් කරන්නේ නැහැ. මිලදී ගන්න අපි අවුරුදු 5ක කාලයක් රුපියල් කෝටි 60000ක් වටින එල් එන් ජී මිලදී ගන්න ඇතුල්වෙන ගිවිසුමේ වගන්ති හෙළිදරව් කරන්නේ නෑ. එම ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නැහැ වගේම මිලදී ගැනීමට අදාළ වන නිශ්චිත මිල සූත්‍රයක් ඉදිරිපත් කරන්නෙත් නැහැ. එතකොට කැබිනට් මණ්ඩලය මේ රුපියල් කෝටි හැට දාහක් එල්එන්ජී New Fortress Energy සමාගමෙන් මිලදී ගැනීම් සඳහා ගිවිසුමක් අත්සන් කරන්න කියලා. අනුමැතිය ලබා දෙන්නෙ ඒ ගිවිසුමේ තිබෙන කොන්දේසි දන්නෙත් නැතුව ඒ මිලදී ගැනීම් සඳහා අදාළ වන නිශ්චිත මිල සූත්‍රයක් දන්නෙත් නැතුව ඒ වගේම ඒ මිලදී ගැනීමට අදාළ මිල දන්නෙත් නැතුව.

එතකොට මේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආකාරයෙන් කිසිම විනිවිදභාවයක් නැතුව ඉතිහාසයේ මේ ආකාරයට කිසිම රජයක් කටයුතු කරලා නැහැ. මේකෙ කවුරුද මිල නියම කරන්නේ මිල නියම කරන්නෙත් මොන මිල සූත්‍රයක් යටතේද මිලදී ගන්නේ තීරණය කරන්නේ ඒ වගේම මිලදී ගැනීමට අදාළ වන අවුරුදු පහක කොන්දේසි තීරණය කරන්නෙත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඒ එතුමාගේ ලේකම්වරයායි සමාගමයි. මේකෙ තියෙන බරපතලම කාරණාව තමයි මේ සාමාන්‍යයෙන් අපි දන්නවා රටට වැදගත් මිලදී ගැනීමක් සම්බන්දයෙන් ගිවිසුමක් අත්සන් කරන කොට සෑම රජයක්ම සෑම අවස්ථාවකදීම එය නීතිපතිවරයාගේ අවධානයට යොමු කරනවා නීතිපතිවරයාගේ අදහස එහිදී ලබාගන්නවා එහිදී අහන්නේ.

මෙම ගිවිසුම අපේ රටේ නීතියට අනුව එකඟද රටට යහපත් ද එහි මොනවා හෝ කොන්දේසියක් තියෙනවද අපිට අහිතකර යන්න විමසනව. නමුත් මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කාරණා අනුව එහෙම කරගන්න යන ගිවිසුම නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඒ වගේම නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට මේ රුපියල් කෝටි හැට දාහක් වටින LNG මිලදී ගන්න ටෙන්ඩර් පටිපාටිය නැතුව රටේ බලශක්ති ප්‍රතිපත්තිය එල්එන්ජී වලට අදාල ස්වාභාවික වායු පිළිබඳ ප්‍රතිපත්තියට රටේ නීතියට ‍ප්‍රසම්පාදන ක්‍රියාවලියට විරුද්ධව තමයි මේ ඩොලර් බිලියන තුනක් එල්එන්ජී මිලදී ගන්න කැබිනට් මණ්ඩලය විසින් බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත අවසර ලබාදෙන්නේ.

මේක මේ රටේ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ඒ වගේම මේක මේ රටේ මේතාක් වෙච්ච දූෂිත ගනුදෙනුව මේ සම්බන්ධයෙන් මේක මණ්ඩලයත් සම්බන්ධ වූ සියලු නිලධාරීන් මේ රටේ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කර තිබෙනවා. ඒ වගේම මහජනයා විසින් තබන ලද විශ්වාසය සම්පූර්ණම කඩකරලා ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි සමගි ජන බලවේගය ගණුදෙනුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරලා තියෙනවා. ඒ වගේම මේ ගණුදෙනුව රටට ඉතාම අහිතකර ගනුදෙනුවක් රට අගාධයට ඇදදාන්න මේ ගනුදෙනුවට එරෙහිව ගන්න පුළුවන් හැම ක්‍රියාදාමයක් ම අප විසින් ගන්නවා කියන කාරණාව මතක් කරනවා.” යැයි ද ඔහු කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙන්න තවත් නඩු තීන්දුවක්… අලි හොරකමට චෝදනා ලද හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නිදොස් කොට නිදහස්….

Next Post

වෛද්‍ය සාෆිට සියලු හිඟ වැටුප් ලැබෙයි… වැටුප අත්හිටවූ අනීතික ආකාරය ගැන කරුණු විමසයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.