බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“යුගදනවිය“ට එන ඇමෙරිකානු කොම්පැණියේ බැල්ම “ස්වභාදනවිය“ටත්!

හිටපු ලෙකෝ සභාපති බන්දුල චන්ද්‍රෙස්කර හෙළි කරයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය විසින් පාලනය කරනු ලබන ඊට 18% ක කොටස් හිමි කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබාදීමට මුදල් අමාත්‍යංශය ක්‍රියාකර තිබේ. ඒ සදහා වූ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඇතැම් ඇමතිවරුන්ගේ විරෝධය මැද්දේ ගිවිසුමත්, කැබිනට් පත්‍රිකාවත් අනුමත කරගැනීමට ජනාධිපතිවරයාත්, මුදල් ඇමතිවරයාත් සමත් වී තිබේ.

1980 දී බිහිකළ ලංකා ට්‍රාන්ස්ෆෝමස් ආයතනය, සමාගම් සමූහයක එකතුවකි. මෙරට පමණක් නොව, එය විදේශීය රටවල් 20 ට පමණ තම සේවා සපයන ආයතනයකි. විදුලිබල ක්ෂේත්‍රයේ ඉංජිනේරුමය කාර්යයන්හි නිපුණත්වයක් ඇති එම සමාගම් සමූහය අතර විවිධාංකරණය වූ විදුලි ජනන සමාගම්ද ඇත. ලංකා විදුලිබල මණ්ඩලයටද බහුතර කොටස් ප ප්‍රමාණයක් හිමි ලාභ ලබන රාජ්‍ය සමාගමකි.

2008 වර්ෂයේදී, ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් යොදවා ඉදිකළ යුගදනවි බලාගාරය, මෙගාවොට් 300 ක ධාරිතාවෙන් යුත් මෙම බලාගාරය දැවිතෙල් මෙන්ම ද්‍රවිකෘත ගෑස් (LNG) මගින්ද ක්‍රියාත්මක කළ හැකි බලාගාරයකි. රජයේ පංගුව ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 112 ක් ආයෝජනය කරමින් ද, ඉතිරිය ණය මුදලක් ලෙස ද ගෙන ඉදි කළ මෙම බලාගාරයට ගත් මුළු ණය මුදලින් තව ගෙවීමට ඉතිරිව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 14 ක් පමණි. තත්ත්වය එසේ වුවද, මෙම බලාගාරයේ මහා භාණ්ඩාගාරයට අයත් 40% කොටස් මුදල දැන් විකුණා ඇත්තේ ඩොලර් මිලියන 250 ය. එය බලාගාරයේ ඇස්තමේන්තු මුදලට වඩා ඉතා අඩු මුදලකි. කිසිදු අර්ථයකින් ආයෝජනයක් නොවන මෙය පැහැදිලිවම රාජ්‍ය දේපොළක් විදේශීය සමාගමකට විකිණීමේ දේශපාලන ගණුදෙනුවක් පමණි.
ලංකා විදුලිබල මණ්ඩලය හා යුගදනවි බලාගාරය අතර අත්සන් කර ඇති අවුරුදු 20 ක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අනුව, කාලයත් සමග ප්‍රාග්ධන වියදම ඉහළයාම අනුව ගෙවීමේ පදනමක් යෝජනා කර තිබිණ. එය අසාමාන්‍ය තත්ත්වයකි.

මේ අනුව දැන් ඇමෙරිකානු සමාගමට විකුණා ඇත්තේ ප්‍රාග්ධනයෙන් කොටසක්ය. එවිට විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සදහා ඇමෙරිකානු සමාගමට ගෙවිය යුතු ප්‍රාග්ධන ගෙවීමද වැඩි වනු ඇත. ඒ අනුනව ඉිදිරයට යන විට යුගදනවි බලාගාරයෙන් ජාතික පද්ධතියට ලබා ගන්නා විදුලි ඒකකයක මිලද ඉහළ යනු ඇත. විදුලි මිළ ද වැඩි වනු ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

යුගදනවි බලාගාරයේ 40% ක කොටස් මිළදී ගැනීමට පමණක් නොව ද්‍රවකෘත ගෑස් භාවිතයේ සමස්ථ යටිතල පහසුකම් සංවර්ධනය ද ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් සමාගම අතට ගැනීමේ මුලික ගිවිසුමකට ලංකාව එකඟ වී අවසානය. ඒ සියල්ල සිදුවන්නේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ ටෙන්ඩර් පටිපාටිවලට පිටතින්ය.

තවත් මෙගාවොට් 300 ක ද්‍රවකෘත බලාගාරයක් “ස්වභාදනවි” නමින් කෙරවළපිටියේම ඉදිකිරීමට නියමිතය. එය ද ලංකා ට්‍රාන්ස්පෝමස් ආයතනය විසිනි. ඊට ආසියානු සංවර්ධන බැංකුව ණය ආධාර සපයයි. එම බලාගාරයේ 49% ක කොටස් මෙම ඇමෙරිකානු සමාගමටම ලබා දීමට සාකච්ඡා දැන් පැවැත්වේ. එයත් මෙම ඇමෙරිකානු සමාගමට ලබාදීම ආණ්ඩුවේ සැළැස්ම වේ.

මෙම ඇමෙරිකානු සමාගම ලංකාවට පැමිණෙන්නේ අප රටේ ස්වාභාවික ගෑස් කර්මාන්තය තමන් සතු කරගැනීමේ අභිලාෂයෙනි. මෙගාවොට් 300 ක බලාගාරයක 40% කොටස් හිමිකාරිත්වයක් ලබාගැනීම පමණක් තම මුලික අරමුණ නොවන බැව් විවෘතවම ප්‍රකාශකර ඇති එම සමාගම මෙගාවොට් 2000 ට සේවා සපයන තනි ඒකාධිකාරී බලයක් තමන් සතුකර ගැනීමේ අභිලාෂයෙන් සිටින බැව් නිල නිවේදනයකින්ම කියා අවසානය. මේ අනුව, දැනටමත් ගවේෂණයට බඳුන්කර ඇති ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ ඇති ඝණ මීටර් ට්‍රිලියන 9 ක ගෑස් සංචිතය තමන් සතුකර ගැනීමේ පිඹුරුපතද එකී සමාගම සතුව නොමැති යැයි කාට නම් කිව හැකිද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැබිනට් එකටත් වංගු ගසා කළ කෙරවළපිටියේ විකිණිල්ලට වාසු විමල් ගම්මන්පිල යළිත් විරුද්ධ වෙති!

Next Post

දරුවන්ට අධ්‍යාපනය නොදී මොන දේ කළත් වැඩක් නෑ… මේ අපරාධය නවත්වන්න..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.