බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්‍රේනයේ දී අලුත්වැඩියා කළ ඇන්ටනෝව් යානා තුනක් ඊයේ දිවයිනට…

by editor
ජූනි 12, 2021
in පුවත්
Antanow-32
Share on FacebookShare on Twitter

අවුරුදු හයක් තිස්සේ අඩපනව පැවති ගුවන් හමුදාවේ ප්‍රවාහන අංශය සක්‍රීය කරමින් අලුත්වැඩියා කටයතු සඳහා යුක්‍රේනය වෙත යවා තිබූ ගුවන් හමුදා  අංක 2 බලඝණයට අයත් යුක්‍රේනයේ නිශ්පාදිත ඇන්ටනොව් 32 වර්ගයේ (AN-32) ප්‍රවාහන යානා 03ක් අදාල අලුත්වැඩියාවෙන් පසු ඊයේ (11) යළිත් ලංකාවට පැමිණියේය.

Antanow-32
මෙම යානා දෙක ඇතුළු ගුවන් හමුදාවේ ප්‍රවාහන බලගණය සතුව තිබූ ඇන්ටනොවු 32 (AN-32)  යානා 3 සහ සී -130 (C-130) යානා තුන සහිත යාන 06ම 2015 සිට පැවතියේ අක්‍රීය තත්වයේය.

මෙම ගුවන් යානා 06න් ගුවන් යානා 03ක් මෙසේ යුක්‍රේනය වෙත යවා අලුත්වැඩියා කර ගෙන්වාගෙන තිබිණි. එම යානා යුක්‍රේනයට යවා තිබුණේ 2020 අගෝස්තු මාසයේ දී ය.

ඇන්ටනොව් 32 (AN-32) යානා  වර්ෂ 2014 නොවැම්බර් මස සිට මේ දක්වා ගුවන් හමුදා ප්‍රවාහන කටයුතු සඳහා යොදවා තිබුණේ නැත. ඒ නිසා ප්‍රවාහන කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට ගුවන් හමුදාවට සිදු වී තිබිණි.

මෙම ගුවන් යානා ත්‍රිත්වය සක්‍රීය වීමත් සමග ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් බලය සියයට 75කින් වැඩි වූ බව ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.



මේ වනවිට අක්‍රීයව පවතින ඉතිරි ඇන්ටනොව් 32 (AN-32) ගුවන් යානය  හා සී 130 (C-130) ගුවන් යානා දෙක  සක්‍රීය මට්ටමට රැගෙන ඒම සඳහා මූලික කටයුතු සම්පූර්ණ කර ඇති බවත්, එම අලුත්වැඩියාවලින් පසුව ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බවත් ගුවන් හමුදාව කීවේය.

සී130 ගුවන්යනා අලුත්වැඩියාව සඳහා පකිස්තාන ගුවන් හමුදාව එකඟ වී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග පැවසුවේය.

අලුත්වැඩියා කර පැමිණි ඇන්ටනොව් 32 ගුවන් යානා මුලින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූයේ වර්ෂ 1995 දීය. වර්තමානය වනවිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු විශාලම ප්‍රවාහන යානා වන්නේ මෙම අලුත්වැඩියා කටයුතු කර ලංකාවට ගෙන්වා ගත් ඇන්ටනොවු 32 (AN-32) වර්ගයේ ගුවන් යානා තුනය.

මෙම ගුවන්යානා මූලික වශයෙන් යොදා ගන්නේ භාණ්ඩ හා මගී ප්‍රවාහන කටයුතු සඳහාය. යුද සමයේ දී යුද බිමේ තුවාල ලද සොල්දාදුවන් මෙන්ම අත්‍යාවශ්‍ය සැපයුම් ද සිදුකරනු ලැබුවේ මෙම යානාවලිනි.

මේ වනවිට අක්‍රීය තත්වයේ ඇති සී -130 ගුවන් යානා දෙක ක්‍රියාත්මක තත්වයේ පැවතිනි නම් රජයට විශාල අදායමක් ලබා ගත හැකි අවස්ථා පැවති බවත්, දැනට වශාල මුදලක් වැයකරමින් සිදු කරන එක්සත් ජාතින්ගේ මෙහෙයුම්වලට සම්බන්ධ ලාංකික හමුදාවලට අවශ්‍ය සැපයුම් ලබා දීම, ඔවුන් ප්‍රවාහනය, වූහාන් වැනි සිදුවීම්වල දී විශාල පිරිවැයක් නොයොදා සිවිල් ජනතාව රැගෙන ඒමේ මෙහෙයුම් දියත් කිරීම, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට අවශ්‍ය ගුවන් සේවා සැපයීම වැනි අවස්ථා ලබා ගැනීමට හැකියාව තිබූ බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසීය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

යානා ත්‍රිත්වය පිලිගැනීමට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ඇතුළු හමුදා නිලධාරීන් එක් විය.


මේ වනවිට එම අවස්ථා බංගලාදේශයත් ලබාගෙන ඇති අතර ඔවුන්ගේ විදේශ ඉපයීම්වලින් සියයට විසි පහකට ආසන්න ප්‍රමාණයක් වාර්තාවන්නේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලින් බව වාර්තා වේ.

යුක්‍රේනයේ සිට අලුත්වැඩියා කටයුතු නිම කර පැමිණි යානා ත්‍රිත්වය පිලිගැනීමට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ඇතුළු හමුදා නිලධාරීන් සෙස් නිළයන් අතුළු පිරිසක් සහභාගී විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ අමුතු විදිහේ අවන්හලක්…

Next Post

ආනයන සීමා බොරුවක් වෙයි… 2018න් පසු වැඩිම ආනයන වියදම් මාර්තුවේ දී…. මහ බැංකුව කියයි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.