ශ්‍රියානි විජේසිංහ –
යාල වනයේ සෙල්ලම් දැමූ ඉතිරි වාහන දෙකත් අත් අඩංගුවට ගන්නැයි වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි නිලධාරින්ට උපදෙස් දීඇත .
වාහන 35ක් පමණ එම අවස්ථාවට සහභාගි වී ඇති අතර එහි දී පදවා තිබෙන්නේ වාහන 09ක් බවත් , ඉන් 07ක් දැනටමත් අත් අඩංගුවට ගෙන ඇති බවත් වනජීවි නිලධාරීන් ඇමතිවරයාට සඳහන් කර ඇත.
මීට සති කිහිපයකට පෙර යාල වනෝද්‍යානයට ගොස් වාහන පදවමින් වනසතුන්ට හිරිහැර වන සේ රිය පැදවූ පුද්ගයින් සම්බන්ධව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි නිලධාරින්ගෙන් කරුණු විමසූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
එමෙන්ම ඉතිරි දෙදෙනා ද වහාම අත් අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
වන සතුන්ට හිංසාවන පරිදි කටයුතු කළ එම පුද්ගලයින් සියලු දෙනා සම්බන්ධව වනජීවි පනත යටතේ නීතිමය පියවර ගැනීමට උපරිම ලෙස කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
“අපිට කිසි කෙනෙක් බේරන්න අවශ්‍යතාවයක් නෑ. මෙම විමර්ශන එකක්වත් ප්‍රමාද කරන්න එපා. රටේ ජනතාව, පරිසර සංවිධාන, වනසත්ව සුබසාදන සංගම් මෙන්ම ජනමාධ්‍ය ද අවදියෙන් ඉන්නවා. ඒ නිසා අකුරටම ක්‍රියාත්මක කරන්නැ” යි අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබීය.







