යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය යළි ස්ථාපිත කිරීම සම්බන්ධව මෙතෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කිසිදු දැනුම්දීමක් සිදුකර නැතැයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ලංකාසරට පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ආඥාපනතට අනුව විශ්ව විද්‍යාලයක සිදුකරන සෑම දෙයක්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දිය යුතු නැති බවත් ඒ සෑම දෙයක්ම රටේ නීතියට අනුව සිදුවිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ජාතික ඒකාග්‍රතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් එහි ස්මාරකය ඉවත් කිරීමට රජය තීරණය කළේ නම් එය යළි ස්ථාපිත කිරීම ප්‍රශ්න සහගත ක්‍රියාවක් බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හෝ එය අභිබවා යමින් කිසිදු විශ්ව විද්‍යාලයක හෝ එහි පාලනාධිකාරියකට කටයුතු කළ නොහැකි බව ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.